
මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම උණූසුම් කාරී තත්වය ඇති විය.
ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණයට, මහා සංඝරත්නය විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ආරම්භ කර පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න අය දැක්කාම බුදු හාමුදුරුවන් ශාසනේට වෙනවා කියපු දේ මතක් වුණේ...
අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට, සිංහල ජාතිය, බුද්ධාගම රැක දුන්නේ බෞද්ධ ස්වාමින් වහන්සේලා. එය අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. බෞද්ධ ස්වාමින් වහන්සේලාගේ මේ සටනට විරුද්ධ වන්නා 13 කැමති වන්නා ජාති ද්‍රෝහියෙකි...