(කුෂාන් ජයවරධන)
වනජීවී නිලධාරීයකු ඇතුළු තිදෙනෙකු ගමන් ගත් ඔරුවකට අද (13) සවස කලාවැවේදී වල් අලි ප්‍රහාරයක් එල්ල වූ බව වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු පැවසූහ.
වල් අලි ප්‍රහාරයෙන් ඔරුවට බරපතල හානි සිදුව ඇති බවත් ඔරුවේ ගමන් ගත් පිරිසගේ දිවි බේරී ඇති බවත් වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
දුම්රියේ ගැටීමෙන් අනතුරටපත් වල් අලියෙකුට දෙවන වරටත් ප්‍රතිකාර කිරීමට වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු අද කටයුතු කරනු ලැබූ අවස්ථාවේ දී මෙම වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත.
වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටියහ.
කලාවැව දියෙහි බැස ගොඩ බිම ආසන්නයේ සිටි අලියාට ගොඩබිම සිට බෙහෙත් එන්නත් කිරීමෙන් පසු වැව් දියෙහි දුරට ගිය අලියාට සෙසු ඖෂධ එන්නත් කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට එම අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට සිදුවිය.
ඒ අනුව ඔරුවක ආධාරයෙන් අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර ප්‍රදේශයේ ධීවරයින්ගේ සහය ඇතිව සපයා ගත් ඔරුවක ආධාරයෙන් වනජීවී නිලධාරීයකු අලියා සිටි ආසන්නයට ගමන්කර අලියාට තවත් එන්නතක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ඒ සමඟම කුපිත වූ වල් අලියා වනජීවී නිලධාරියා ඇතුලු තිදෙනෙකු ගමන් ගත් එම ඔරුවට පහර දෙනු ලැබීය. අලියාගේ පහර දීමෙන් ඔරුව පෙරැළී ගොස් එම ඔරුවට බරපතල හානි සිදු විය.
එම අවස්ථාවේ එහි ගමන්ගත් වයඹ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ක්ෂේත්‍ර සහකාර සපුමල් උදයකාන්ත මහතා ඇතුලු තිදෙනාගේ දිවි බෙරී ඇත.
දියමත පිහිනා සැඟව ගොස් දිවි රැක ගැනීමට එම අවස්ථාවේ නිලධාරීයා ඇතුලු පිරිස සමත්ව තිබිණ. එම අවස්ථාවේ වනජීවී නිලධාරියා අතවූ බෙහෙත් විදින අවිය ද කලාවැවට වැටී තිබූ අතර පසුව නිලධාරීන් එක්ව කිමිදී කළ මෙහෙයුමකදී එම ගිනි අවියද සොයා ගැනීමට හැකිවිය.
මෙම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා මීට පෙර අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්ද කටයුතු කළ අතර එම අවස්ථාවේදී ද ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සමග වනජීවී නිලධාරියකු ගමන්ගත් ඔරුවක් ද කලා වැවේ පෙරැළි අනතුරට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එක අලියයි, ඔරුව පලු දෙකයි නේද.?
මෝටර් බෝට්ටුවකනේ යන්න තිබුනේ.
මෝටර් බෝට්ටුවක වනජීවී එකට තිබුනානම් යන්න තිබුනා.
අප අඩුපාඩු විවේචනය කළාට වනජීවීයේ මහත්වරු කරන්නෙත් මහා අනතුරුදායක රැකියාවක්.. ඒ ගැන සිතන විට සිතට දුකක් දැනෙනවා. අව්වට, වැස්සට තෙමමින්, වනාන්තරයේ නපුරු සර්පයන් පොළඟුන් වැනි සතුන් මැද දිවි ගෙවමින්, දියේ බසිමින් ඔවුන් ගත කරනා දුෂ්කර ජීවිතය ගැන සිහිවෙද්දී ඇත්තෙන්ම හදවතට දුකක් දැනෙනවා. මේත්, මනුෂ්‍යයින් නේද කියා..? මදකිපීම හෙවත් කම්මුල් තෙමීම සිදුවන කාලය තුළදී බොහෝ අලි ඇතුන් හැසිරෙන්නේ තනිකරම පිස්සුවෙන් වගේ... මොනවා කරනවද කියා ඔවුන්ම දන්නේ නෑ.. මට සිතෙන ආකාරයට මෙයත් මද කිපුණු කෙනෙක් වෙන්නට ඇති.. කොහොම වුණත්, මෙයාගෙන් ජීවිත ටික බේරුණු එක නම් හොඳ දෙයක්..
මේ අලියා, පහර දීලා තියෙන්නේ, එයාගේ තුවාලවල වේදනාවට වෙන්න ඇති.. වේදනාව වැඩිවුණාම තරහ යනවා වැඩියිනේ... ඉතින් සමහර මිනිසුන්, හේතුවක් නොමැතිව නිකරුනේ තරහ වෙලා ඉන්නේ ඇයිද කියලා මට නොතේරේ..
වතුරේ බැස, වේදනාවෙන් වදවෙමින් ඉන්නා මේ අලියා ගැන මට නම් ඇත්තේ අනුකම්පාවක්.. වනජීවි මහත්වරුන්ගේ සේවයත් සුලුකොට තකන්න බැහැ. එයාලත් තම දිවිපරදුවට තබා කරන්නේ උතුම් සේවයක්.. මිනිස්සුන්ට වාගේම සත්තුන්ටත් බඩගින්න කියන හැඟීම දැනෙනවා. තමන්ට දැනෙන කුසගින්න නිසා, ඔවුන් අවධානම නොතකා, යන්නට නුසුදුසු තැන්වල සැරිසරා විපතට පත්වෙනවා.. පසුගිය දවස්වල අපට අසන්නට, දකින්නට ලැබුණු දිවියන් ගැනත් කියන්නට ඇත්තේ මේ ටිකමයි.. මිනිසුන්ගේ ගහනය, වැඩිවෙන්න, වැඩිවෙන්න වන සතුන්ගේ අඩවි කුඩා වෙනවා. වනයේ, ඔවුන්ට අයත් කොටස්, මිනිසා අත්පත් කරගත්තාම ඔවුන් කොහේ යන්නද? මිනිසා සහ වනසතුන් අතර ඝට්ටන ඇතිවන්නේ මේ නිසා කියලයි මට හිතෙන්නේ. ඔවුන්ට තමන්ගේ පාඩුවේ, තමන්ට හිමි නිජභුමියේ, වසන්නට තිබෙන අවස්ථා එන්න එන්නම අඩුවී, අලි, මිනිස් ගැටුම් තවතවත් උග්‍රවී, වටිනා මිනිස් ජීවිතත්, අලි සම්පතත් රැක ගැනීමට බලධරයින්, මින් පසුවත් නිසි පියවරක් ගනීවි කියලා අපට සිත් සනසා ගන්නට හැකිවේදැයි, මා මගෙන්ම අසා ගන්නවා.. හිඟන්නාගේ තුවාලය මෙන් හැමදාටමත්, නොවිසඳී ඇති මේ ප්‍රශ්නයට විසඳුම කාලයා සතු බව සිතා මා මගේ සිත මඳකට සනසා ගනිමි.