(රංජිත් රාජපක්ෂ)
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතේ පාලනය වන වටවල ග්‍රාමසේවා වසමේ වතු හතක වතු කම්කරුවන් (08) දින සිට රු 5000 පළමු අදිරයේ සහ දෙවන අදිරයේ මුදල ලබා ගැනිමට වටවල සමෘද්ධි කාර්යයාලය අසල රැදි සිටිම නිසා නොසන්සුන්කාරි තත්ත්වයක් (09) දින ඇති විය.
වටවල පොලිස් වසමට අයත් කැරොලයිනා , වටවල වත්ත , දියගල , අග්‍රාඔය,වටවල සමන්පුර ඇතුළු ගම්මාන කිහිපයක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින්ට (08) දින එම මුදල ලබා ගැනිමට පැමිණෙන ලෙස නෝටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් විසින් කල දැනුම් දිමක් මත වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් (08) දින සිට සමෘද්ධි කාර්යයාලය ඉදිරිපිට රැදි සිටියි.
රු 5000 දිමනාව ලබා ගැනිමට පැමිණි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ රු 5000 දිමනාව ලබාදිමට සමෘද්ධි කාර්යයාලය මගින් නිර්දේශ කර ඇති නාම ලේකණයේ මිය ගිය අයගේ නම් කිහිපයක්ද ඇතුලත් වි ඇති බවයි.
නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් නිසි අධික්ෂණයකින් තොරව වතු කම්කරුවන්ට රු 5000 දිමනාව ලබාදෙන බවට පොරොන්දු වි දින දෙකක් තිස්සේ තමන්ව රස්තියාදු කල බව එම දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභින් කියා සිටියි.
රු 5000 දිමනාව ලබානොදිම සම්බන්ධයෙන් එම දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභියෙකු නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ තම කාර්යයාලයේ අතපසුවිමක් නිසා එම මුදල ලබා දිමට නොහැකි වු බවයි.
ඉදිරි දින කිහිපය තුලදි එම මුදල ලබාදිමට කටයුතු කරන බවද නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ දේවනාත් නැමති නිලධාරියා දුරකථනය ඔස්සේ කියා සිටිහ.
රු 5000 දිමනාව ලබා ගැනිමට පැමිණි පිරිස මුඛ ආවරණ පැලද සිටියදි පුද්ගල දුරස්ථ භාවය රදා නොපවත්වා ගනිමින් රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසරණ මිනිසුන් 5000/= ගන්න මෙහෙම රස්තියාදු වෙනවා. මේ අය උපයන මුදල්වලින් මේ අයගේ නායකයන් සුර සැප විඳිනවා.
මේ සිටින්නේ අපේ රටේ ආර්ථිකයට ඉහළම දායකත්වයක් දෙන ඉතාමත්ම අසරණ ජීවිත රැසක්. නොයෙකුත් දේශපාලුවන්ගේ රැවටිලි බස්වලට රැවටී රැවටිත්.. තම ජීවිත පමණක් නොව තම දරුවන්ගේ ජීවිත පවා තේ වත්තටම කැපකළ මේ මිනිස්සුන්ගේ ජීවිත මහාම මහා ඛේදවාචකයක්.. ඔවුන් ඉපදුණුදා සිට සිටින මේ නිවාස හඳුන්වන්නේ ලයින් නිවාස කියලා. චූටිම චූටි කාමරයක් සහ පිටතින් කුස්සියක් පමණයි ඒවාවල තියෙන්නේ. නිවාස පේලියටම එක වැසිකිලියක් තිබෙනවා. ළමයින්ට ඉගෙන ගන්න වතු පාසලක් තියෙනවා. හැබැයි ඉහළට ඉගෙන ගන්න නගරයට යන්න ඕනෑ. ඒ පහසුකම නැතිනිසා මේ දරුවන් බොහෝ දෙනෙක් තම රැකියාව වත්තෙන්ම හොයා ගන්නවා. මම හිතන්නේ 5%ක් වත් දරුවන් උසස් අධ්‍යාපනයක් ලබන්න වාසනාවන්ත නැහැ. දරුවන් උසස් අධ්‍යාපනයට යොමුවෙනවාට... වතු සමාගමේ නිලධාරීන්ගේ වැඩි සතුටක් නැහැ. මොකද මේ වැඩිහිටි පරම්පරාවෙන් පස්සේ ශ්‍රම බලකාය නැතිවුනොත් තේ නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. පිටින් ශ්‍රමය හොයාගන්නත් බැහැ. ඒ වගේමයි මේ වතු ලයින්වල ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් මධු විතට වහ වැටිලා. රෑට ගෙවල් වල ගෝරි ගොඩයිලු. මහත්වරුනේ මේ ඉන්නෙත් ඔබ අපි වගේම පණ තියෙන.. එ්ත් බාගෙට මැරුණු ජීවිත රැසක්. ඒ ගොල්ලන් ඉල්ලන්නේ ඒ ගොල්ලන්ගේ ජීවිතයි..
මොනවා? රු 5000 පළමු අදිරයේ සහ දෙවන අදියරේ මුදල ලබා ගැනීමට? ඒ කියන්නේ අද කවදද, ජූනි 9 වෙනකොටත්, අප්‍රේල් සහ මැයි මාසවලට ගෙවපු රුපියල් 5000 දීමනා දෙකම ලැබිලා නැතිද? අන්තිම අසාධාරණයි. මම දන්නේ නැහැ අනිත් පළාත් වල අයටත් මෙහෙම වෙලාද කියලා. ඔවුන් නිශ්ශබ්දව ඉන්නවා ඇති. නමුත් ආණ්ඩුව ලොකුවට ප්‍රචාරය දීලා කරපු රුපියල් 5000 දීමනාව ගෙවීම අනුව අප්‍රේල් මාසෙට හිමි මුදලවත් මේ මිනිස්සුන්ට ලැබිලා නැහැලු. ලිස්ට් එකේ මැරිච්ච මිනිස්සුත් ඉන්නවලු. අනිත් පළාත් වලත් මේ විදිහද දන්නේ නැහැ.
මේ මිනිසුන්ගේ අසරණකම මුහුණුවලින්ම පෙනෙනවා. අනිකුත් ප්‍රදේශවල මෙම දීමනාව ලබාගත් පුද්ගලයින් දෙස බැලීමේදී මේ පිරිසට බලවත් අසාධාරණයක් සිදුවී ඇතිබව පැහැදිලියි. ඇයි නිලධාරින් මේ අසරණ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ.. පළමු අදියරේ මුදලවත් තවම ලබා නොදුන්නා කියන්නේ පළාතේ අදාළ බලධාරීන් නිදිද..?
විද්වතුන් ඉන්නවා කීවට ආණ්ඩුවේ පිළිවෙලකට මේ අහිංසක මිනිසුන්ට මෙම අාධාරය දෙන්න හරි වැඩ පිළිවෙලක් කරන්න කිසිම කෙනෙක් නැතිවා වගේ...
සියලුම 5000/= ගෙවීම පිලිබදව නිසි විමර්ශනයක් කල යුතුය.