
(සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා)
පානදුර ප්‍රාදේශීය සභාවේ ස්ථාවර තැන්පතුවල ඇති රුපියල් ලක්ෂ 301 ක පමණ මුදලක් ඉවත් කිරීමට සභා වාර්තාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද පානදුර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වී මෙිදි ඩැඩි උණුසුම් තත්වයක් හට ගත්තෙය
සභා වාරය ආරම්භයේම පසුගිය වර සභා වාර්තාව සම්මත කරගැනීමට යාමෙිදි, අදාල යෝජනාව පසුගිය සභා වාර්තාවේ සම්මත වූ බවට අසත්‍ය ලෙස සටහන් කර ඇතැයි පාලක පක්ෂයේම මන්ත්‍රී ක්‍රිෂාන් පෙරේරා මහතා විරෝධය පලකිරීමත් සමගින් සභාව උණුසුම් විය.
එහිදී නැගී සිටී විපක්ෂ නායක ඉරේෂන් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක අජිත් කුමාර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කන්ඩායම් නායක උපේන්ද්‍ර සිල්වා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු සභාව තුල විරෝධය පලකර බෙදීමක් ඉල්ලා සිටියහ.
සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා බෙදීම ලබාදීමට එකග නොවීමත් සමගින් විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් සභාවෙන් පිටව ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වකවානුවේ උණුසුම් වීම යෝග්‍ය වේ
අනේ නොඑන්නම යනවා නම් රටට මොන තරම් සේවයක්ද?