(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් අද (28) රාත්‍රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.
සිය ගැටලු පිළිබඳව දිවා කාලයේ අදාළ බලධාරීන් දැනුවත් කළත් එයට නිසි විසඳුම් නොලැබීම නිසා තමන් මෙසේ විසඳුම් ඉල්ලා රාත්‍රියේ විරෝධතාවේ යෙදෙන බවද මේ අවස්ථාවට සහභාගි වූ ධීවරයෝ පැවසූහ.
කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔවුහු කීහ.
එමෙන්ම අදාළ බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිය කර්මාන්තය දිනෙන් දිනම විනාශ වෙමින් පවතින බවද ධීවරයෝ කියති.
දිවා කාලයේදී සිය ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් රාත්‍රී කාලයේදීවත් ඊට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පන්දම් දල්වා ගෙන ධීවරයෝ විරෝධතාවයක
nimal Saturday, 28 November 2020 06:08 PM
ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිසට දකුණෙන් කට්ටඩි මහත්මයකුත් ගෙන්නාගෙන වැඩේ මීට වඩා සාර්ථකව කළා නම් සිය ගැටලු පිළිබඳව නිසි විසඳුම් ලැබීමට සහ කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් සහනයක් ලබාගැනීමටත් එමෙන්ම අදාළ බලධාරින්ගේ සැලකිල්ල ලබාගෙන රජයේ ඇස් ඇරවීමටද හැකියාව තිබේ..
69lakshaya Saturday, 28 November 2020 06:21 PM
වෙන මොන සහනද ඕනෑ..? මේ රජය ඇතුළු අපේ සර් ඉන්නකොට?
Akila Sunday, 29 November 2020 03:10 AM
එක්කෙනයි මාස්ක් එකක් දාලා ඉන්නේ... ඉතින් මේ අයගෙන් මාළු ගන්න යන්නේ කවුද?
ඇමති Sunday, 29 November 2020 02:20 PM
වයඹ ස්කාගාරෙ එහෙම නැවත ඇරියේ නුඹලාට උදව් කරන්න තමයි. අපි දන්නවා නුඹලගේ ප්‍රශ්න...