
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් අද (28) රාත්‍රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.
සිය ගැටලු පිළිබඳව දිවා කාලයේ අදාළ බලධාරීන් දැනුවත් කළත් එයට නිසි විසඳුම් නොලැබීම නිසා තමන් මෙසේ විසඳුම් ඉල්ලා රාත්‍රියේ විරෝධතාවේ යෙදෙන බවද මේ අවස්ථාවට සහභාගි වූ ධීවරයෝ පැවසූහ.
කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔවුහු කීහ.
එමෙන්ම අදාළ බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිය කර්මාන්තය දිනෙන් දිනම විනාශ වෙමින් පවතින බවද ධීවරයෝ කියති.
දිවා කාලයේදී සිය ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් රාත්‍රී කාලයේදීවත් ඊට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිසට දකුණෙන් කට්ටඩි මහත්මයකුත් ගෙන්නාගෙන වැඩේ මීට වඩා සාර්ථකව කළා නම් සිය ගැටලු පිළිබඳව නිසි විසඳුම් ලැබීමට සහ කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් සහනයක් ලබාගැනීමටත් එමෙන්ම අදාළ බලධාරින්ගේ සැලකිල්ල ලබාගෙන රජයේ ඇස් ඇරවීමටද හැකියාව තිබේ..
වෙන මොන සහනද ඕනෑ..? මේ රජය ඇතුළු අපේ සර් ඉන්නකොට?
එක්කෙනයි මාස්ක් එකක් දාලා ඉන්නේ... ඉතින් මේ අයගෙන් මාළු ගන්න යන්නේ කවුද?
වයඹ ස්කාගාරෙ එහෙම නැවත ඇරියේ නුඹලාට උදව් කරන්න තමයි. අපි දන්නවා නුඹලගේ ප්‍රශ්න...