(රෝවන් පෙරේරා සහ ප්‍රියානි මංගලිකා )
නවගත්තේගම වෙළේවැව කුරුළුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටී අලි පැටවකුට ප්‍රතිකාර කිරීම අද(15) දි සවස වයඹ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ බව නවගත්තේගම වනඅඩවි ආරක්ෂක නිළධාරී නවරත්න බංඩාර මහතා පැවසීය.
වයස අවුරුදු පහක් පමනවූ උස අඩි පහ මාරක් පමනවූ මෙම අලි පැටවාගේ ඉදිරි වම් පාදයේ ඇතිවි තිබූ අභාදයකට ප්‍රතිකාර කිරීම සිදුවීය.පාදයේ ඇතිවූ අස්ථිවල අබාදයක් හේතුවෙන් මෙම වන අලි පැටවාට මීට පෙරද ප්‍රතිකිර ලබා දී ඇත.
කුරුළුවැව ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ප්‍රමානයේ කැළැ බවට පත්වූ පුද්ගලීක ඉඩමක දින කිහිපයක සිට මෙම අලි පැටවා රැඳී සිටිමින් වගාබිම්වලට හානි කරන බවත් නිවෙස් ඉදිරිපිටට පැමින සිටින බවත් ප්‍රදේශවාසින් පැවසීය.
ප්‍රදේශවාසින්ගේ දැනුම්දීමකට අනුව අලි පැටවාට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරිණි. ජන ජීවිතයට තර්ජනයක් වන අකාරයට මෙම අලි පැටවා ගමට පැමිනෙන්නේ නම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බවද වනජීවී නිළධාරින් පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පැටවාට ප්‍රතිකාර කිරීම ගැන වන ජීවී නිලධාරීන්ට ස්තුතියි. හැබැයි මොකක්ද ක්‍රියා මාර්ගයක් ගන්න කතාවක් කියන්නේ? මන්දකට අහුවෙලා ගහකට නැග ගෙන ජීවිතේ බේරා ගත්ත දිවියව ගහේ ඉඳන් පහලට බෙල්ලෙන් ගෙනල්ල මැරුව වගේ වැඩක්ද? ගම්මුන්ගේ වගාවට හානි කරන අලි පැටවාගේ තුවාලයට බෙහෙත් කිරීමත් කරල තියෙන්නේ ගම්මුන්ගේ දැනුම් දීමකට අනුවලු. අලි පැටවා ඉන්නේ අක්කර දෙකක කැලෑවක කියලා වන ජීවී නිලධාරින්ම කියනව. ඒ කැලෑව පුද්ගලික ඉඩමක් කියල අලි පැටවා දන්නේ කොහොමද? අලි පැටවෙක් කවදාවත් තනියම ඉන්නේ නැහැ. මේ අලි පැටවා රංචුවක එකෙක්. කාගෙන් හරි වෙඩි කන්න ඉස්සෙල්ල කරන්න පුළුවන් එකමදේ එක්කෝ මේ අලි පැටවාව රංචුවට ගෙනිහින් දාන එක. නැත්නම් අලි පවුලම රක්ෂිතයකට ගෙනිහින් දාන එක. ගිය ජනාධිපතිවරනෙට පොඩ්ඩකට ඉස්සෙල්ල අමානුෂික විදිහට මරා දාල තිබ්බ කිරි දරුවන් හිටපු ඇතින්නියෝ 7 දෙනා ගැන කිසි පරීක්ෂණයක් අදටත් නැහැ.
මිනිසුන් හෙළි පෙහෙළි කරමින් සිටින වනේ ... අපටත් අයිති බව දන්නේ නැතිද අනේ ... වනයට පැමිණ ඇති මිනිසා කරන විනේ ... පවසන්නේ කෙලෙස අප අසරණ සතුන් අනේ ...