IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට

සුජිත් හේවාජුලිගේ
 
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ. 

 
විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසකට මෙහිදී ජනාධිපතිවරයා විශේෂ සම්මාන හා තිළිණ ප්‍රධානය කෙරිණි.මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවෝද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූහ.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනිමින් ශ්‍රීලංකාවට විශිෂ්ට ගෞරවයක් පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී ස්තූතිය පිරිනැමු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන බවද ප්‍රකාශ කළේය.
 
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , හිටපු ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (2)

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට

Raveendra Wednesday, 25 April 2018 02:24 PM

දුවේ, පුතේ නුඹලාට අපගේ හදවතින්ම උණුසුම් සුබ පතන්නෙමු. ඔබලාට තව තවත් මෙවන් ජයග්‍රහණයන් ලබාගෙන ඔබලාගේ මාතෘභූමියට කීර්තිය ගෙනඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.!!! එමෙන්ම ඔබලාගේ මෙම ජයග්‍රහණයන් පිටුපසින් සිටි ඔබලාගේ ආදරණීය දෙමවුපින්ටත්, පුහුණුවීම් සඳහා දායක වූ සියල්ලන්ටමත් ජයෙන් ජයම වේවා !!!

:       0       43

chris Wednesday, 25 April 2018 09:40 PM

මෙන්න ශ්‍රී ලංකීක අභිමානය ජයවේවා!.දේශපාලකයන් පසුපස යන්න නම් පුරුදුවෙන්න එපා.එහෙම වුණොත් එදාට ඔය අභිමානය ඉවරයි.මීට කලින් ජාත්‍යයන්තරයට ගිය ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට වුණ දේ දැක්කනෙ. ජයවේවා.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1484 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site