සුජිත් හේවාජුලිගේ
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ.
විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසකට මෙහිදී ජනාධිපතිවරයා විශේෂ සම්මාන හා තිළිණ ප්‍රධානය කෙරිණි.මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවෝද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූහ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනිමින් ශ්‍රීලංකාවට විශිෂ්ට ගෞරවයක් පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී ස්තූතිය පිරිනැමු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , හිටපු ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ, පුතේ නුඹලාට අපගේ හදවතින්ම උණුසුම් සුබ පතන්නෙමු. ඔබලාට තව තවත් මෙවන් ජයග්‍රහණයන් ලබාගෙන ඔබලාගේ මාතෘභූමියට කීර්තිය ගෙනඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.!!! එමෙන්ම ඔබලාගේ මෙම ජයග්‍රහණයන් පිටුපසින් සිටි ඔබලාගේ ආදරණීය දෙමවුපින්ටත්, පුහුණුවීම් සඳහා දායක වූ සියල්ලන්ටමත් ජයෙන් ජයම වේවා !!!
මෙන්න ශ්‍රී ලංකීක අභිමානය ජයවේවා!.දේශපාලකයන් පසුපස යන්න නම් පුරුදුවෙන්න එපා.එහෙම වුණොත් එදාට ඔය අභිමානය ඉවරයි.මීට කලින් ජාත්‍යයන්තරයට ගිය ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට වුණ දේ දැක්කනෙ. ජයවේවා.