(ඩී.ජී.සුගතපාල)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරින් පිරිසක් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී.
ඔවුන් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයට පෙර තමන්ට පත්විම් ලැබුණද මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් මත පත්විම් නතරකළ බවයි. මේ අතර අගමැතිවරයා ඉකුත් අප්‍රේල් 07 වන දින ප්‍රකාශයක් කරමින් නැවත උපාධිධාරින් රැකියා සඳහා කැඳවන බව ප්‍රකාශ කළත් එසේ සිදුවුයේ නැති බවද එනිසා උපාධිධාරින් රැකියාගත කිරීම සඳහා මැතිවරණ කොමිසම රජය හා සාකච්ඡාකර තීරණයකට එළඹිය යුතු බවත් විරෝධතාවට එක්වු උපාධිධාරිහු කියා සිටියහ.
පසුව විරෝධතාකරුවෝ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා හමුවි සංදේශයක්ද බාර දුන්හ.
එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අභ්‍යාසලාභි උපාධිධාරින් 1580ක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයට එවා තිබු නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි එම පත්වීම් නතර කළ බවය. කෙසේවෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා යවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

--------------------------------------------------------------------------------------------------------------------------------
බදුල්ලේ විරෝධය සෞඛ්‍ය උපදෙස් අනුව
(බදුල්ලේ පාලිත ආරියවංශ)
රැකියා ලබා දී මැතිවරණ නීතිවලට අනුව එම රැකියා නතර කිරීමට ලක්වූ උපාධිධාරින් පිරිසක් හා රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදරිපිටදි කොවිඩ් 19 නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුව පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් අද (10) දහවල් නිහඬ විරෝධතාවයකට එක්ව සිටියහ.
රැකියා අහිමිවූ ව්‍යපෘති සහකාර එකමුතුව හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා අස්සේ, රට බංකොලොත් වෙලා අගුලු දමලා තිබෙන අවස්ථාවේ මොන පත්වීම්ද?
නොමිලේ උගන්නනත් ඕන ආණ්ඩුවේ නැති රස්සාවල් දෙන්නත් ඕන බෝර්ඩ් ලෑලි අල්ලන්න ඉගෙන ගත්තේ යුනිවර්සිටියෙන් වෙන වැඩක් නැහැ... කම්මැලි නොවී උගත්කමෙන් රටට වැඩක් කරන්න බැරි කමක් නැහැ. ඕක අල්ලාගෙන හිටියට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ...
බලාගෙන මහත්වරුනේ... ආණ්ඩුවේ අලුගෝසුවන් අද ඔබලාව ගොදුරුකර ගත්තොත්...මට හොඳට තේරෙනවා ඔබලාගේ වේදනාව. ඒ වුණත් කවදාවත් රැවටෙන්න එපා දේශපාලුවන්ගේ (සමාවෙන්න ලංකාවේ දේශපාලුවන්ගේ පමණයි, සමහර දියුණු රටවල දේශපාලකයින් පොරොන්දු දෙන්නේ නැහැ... ඒ අයට කරන්න බැරිනම්. එහෙම පොරොන්දු දීලා නොකර හිටියොත් ඒ අයට නඩු වැටෙනවා.. කූඩුවටත් යන්න වෙනවා.) බොරු පොරොන්දු වලට... රටේ තිබෙන සෘන ආර්ථිකය හරහා රැකියා හදනවා කියන්නේ අපහසු දෙයක්. නමුත් කාටත් කලින් උගතුන් වන ඔබලාට හිමි රැකියා ඔබලාට නොලැබෙන්නේ ඇයි..? ඒ අවස්ථාවන් දේශපාලුවන්ට ගැතිකම් කරන සමහර විට පාසල් ගිහිල්ලවත් නැති කුකුල් හොරුන්ට ලබා දීලා.. ඉහළ තනතුරු දරන කීදාහක් ඉන්නවද මූලික උපාධියවත් නැති..? ඔබලාත් විශ්ව විද්‍යාලේ නොගිහින් දේශපාලුවන්ට.. කුලියට මිනීමැරුවා නම්.. කුඩු බිස්නස් එකට සපෝට් කළා නම්... කසිප්පු බිස්නස් එක මුර කළා නම්.. අද ලොක්කෙක්...!!! මොනවා වුණත් ඔබලාට සුදුසු රැකියාවක් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් මමත් පෙනීසිටිනවා. මේ කොමෙන්ට් එක ඔබලාට ශක්තියක් වේවා...!!!
ආණ්ඩුව දුන්නු පොරොන්දු ඡන්දෙට කලින් ඉටු කළයුතුවේ. නැතිනම් අනිත් පැත්තට ඡන්දය දමන්න.
ඡන්ද ගුණ්ඩු වමාරන්න වෙනවා..
මේක නම් පොහොට්ටුවම කරපු වැඩක් වගේ.
උපාධියකුත් තියාගෙන පත්වීම් ගත්තාම ඔහොම වෙනවා. ඇත්තම කියනවා නම්, පවතින රජයකට මුට්ටි අල්ලන්නේ නැතිව රැකියාවක් ලබා ගන්න තරම් ඔය කියන උපාධියේ වටිනාකමක් නැහැ නේද? අනික ඉතින් විනයකින් තොරව ලබන අධ්‍යාපනයෙන් වගතුවක් සිදුවෙන්නේ නැහැ කවදාවත්..., පෞද්ගලික ක්ෂේත්‍රය වුණත් බොහෝවිට ඔවැනි උපාධිධාරීන්ව ප්‍රතික්ෂේප කරන්නේ විනයකින් තොර ලබපු අධ්‍යාපනයේ අනිටු විපාකය ඔවුන් හොඳින් දන්නා නිසයි. අර විශ්ව විද්‍යාලේදී කළා වගේ මේ ඉතිරි කාලයත් මහපාරේම ඉන්න. එය හරිම විනෝද ජනකයි...
උගතුන් ඕනෑ නැතිනම් මොන මගුලකටද විශ්ව විද්‍යාල තියෙන්නේ... හොරු ටිකක් පාලනය කරන රටක උගතුන්ට අවස්ථා නැතිබව මොනවට පැහැදිලි වේ. විශ්ව විද්‍යාල දරුවන් මේ තත්වය හොඳින්ම තේරුම් ගත යුතුයි. ඔබ ඔබේ උපාධිය ගත් වහාම රටෙන් පිටවන්න කොහොම හරි... ඔබේ සේවය වෙන රටකට ලබාදෙන්න.
මෙයාල තාම මේ ලෝකේ ඉන්න අමුතුම මිනිස්සු, ආණ්ඩුවෙන් ඉගෙනගෙන අාණ්ඩුවෙන්ම රස්සාව දෙන්න ඕනෑ... මම දන්නා එක්කෙනෙක් හිටියා. උපාධිය අරගෙන ඉදිකිරීම් වැඩබිමක අත්උදව් වැඩ කළා.. මෙයාලා ගෙදරින් කකා ආණ්ඩුවෙන් පත්වීම දෙනකම් ඉන්නවා... පත්වීම ගත්තත් ඉතින් තමන්ට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ..
ආණ්ඩුවේ පැලැස්තර විසඳුම්...
මොවුන්ට උපාධි කඩදාසිය ලැබුණාට මොලේ ලැබිලා නැත. කොරෝනාව නිසා ස්ථිර රැකියා කරන අයත් රැකියාවලට ගෙන්වන්නේ කොටස් වශයෙන්. සමහරු ගෙවල්වල සිට රැකියාවේ යෙදෙනවා සමහරුන්ට රැකියා නැහැ. මොවුනට තවම පුහුණුවක්වත් ලැබිලා නැති කොට මොන රැකියාද? ඉන්න ටිකක් රට සන්සුන් වෙනකන්. ජෙප්පෝ මොනවා ඉගැන්නුවේ නැතත් බෝඩ් අල්ලාගෙන පාරේ ඉන්න උගන්වලා තිබෙනවා.