( ඉන්දික අරුණ කුමාර )
නකල්ස් කඳු පංතියට අයත් පිටවල පතන ප‍්‍රදේශයේ ඉපැරණි ස්වභාවික ගස් කිසියම් පිරිසක් විසින් අද (29) විනාශ කරනු ලැබ ඇතැයි මාතලේ දිස්ත‍්‍රික් රාජ්‍ය නොවන පාරිසරික එකමුතුව කියයි.
පිටවල පතන ආසන්නයේ ඇති තොරතුරු මධ්‍යස්ථානය ආසන්නයේ මෙම ගස් කැපීම සිදුවන බව ද ඔවුහු පවසති.
ජෛව විවිධත්වයෙන් අනුන වසර ගණනාවක් පැරණි පරිසර පද්ධතියක් වන එම ප‍්‍රදේශය අධි සංවේදී කලාපයක් බව පරිසර එකමුතුව පවසයි.
පසුගිය රජය සමයේ එහි ඉදිකෙරුණු තොරතුරු මධ්‍යස්ථානයට ප‍්‍රදේශයේ විවිධ සංවිධාන රැසක විරෝධය එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ වැඩ අතර මග නැවතී තිබිණි.
මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉළුක්කුඹුර තොරතුරු මධ්‍යස්ථානයේ බීට්ටු වන නිලධාරිවරයෙකු පැවසුවේ පතන ප‍්‍රදේශයේ වන විනාශයක් සිදු නොවන බවයි.
සිය සාමාජීකයින් අද දවස පුරා පිටවල පතන තොරතුරු මධ්‍යස්ථානය අවට සුද්ද පවිත‍්‍ර කළ බවත් හෙතෙම පැවසීය.ලබන මස විවෘත කිරීමට නියමිත තොරතුරු මධ්‍යස්ථානය අවට පිරිසිදු කිරීම එහි අරමුණ බව ද ඒ මහතා කීය.ඉපැරණි ශාක විනාශ නොකරන බවත් එම ස්ථානයේ නව පැල සිටුවන බවත් හෙතෙම පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික අරුණ කුමාර මහතාණෙනි, මෙතන තණකොළ උදලු ගෑම සහ කටුපඳුරු ඉවත් කිරීමක් කලේ සංචාරකයන්ගේ පහසුව සඳහායි... කෝටි ගණන් අපතේ යන තොරතුරු මධ්‍යස්ථානය නැවත ස්ථාපිත කිරීමටයි . ඉපැරණි ස්වභාවික ගස් කැපුවේ කොහිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. හැම දෙයක්ම වපර ඇහින් බලන්න පුරුදු වෙන්න එපා... වගකීමක් ඇතිව වාර්තාකරණය කරන්න.
ඔබතුමියත් ප‍්‍රවෘත්තිය නැවත සම්පූර්ණයෙන් කියවා බලන්න.
රටක අගයක් ස්වභාවික සුන්දරත්වයක් විඳින්න. මේ රටේ දේශපාලකයන් කිසිදා ඉඩ දෙන්නේ නැත. රටේ කිසිවක් ගැන කිසිදු ජාතික හැගීමක් නැති මොවුන් මුළු මහත් දේශයම දිනෙන් දින විනාශ මුඛයට ඇද දමමින් පවතී. පසුගිය රජය සමයේ මේ රටේ ස්වභාවික පරිසර පද්ධතියට සිදුවූ ව්‍යවසනය යහපාලන රජය විසින්ද අඛණ්ඩව සිදු කරමින් පවතී. දේශපාලන මුදලාලිලාගෙන් තොරවූ පාර්ලිමේන්තුවක් මේ රටේ පත් වෙනතුරු ස්වභාවධර්මයා ගැන කිසිඳු තැකීමක් සිදු නොවේ.
මේ ප්‍රවෘත්තිය නම් පක්ෂග්‍රාහී බවක් පේනවා. "යමුනා" කියන කතාව ගොඩක් සාධාරණයි. මේ ෆොටෝ වලින් එලෙස කරපු ලොකු විනාශයක් ගැන නම් පෙනෙන්නේ නැහැ.
දැන් මාධ්‍ය වාර්තා විශ්වාස කරන්න බැහැ.
යමුනා මහත්මියට ස්තුතිවන්ත වෙමි. රටේ යම්කිසි සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇත. එහිදී චෝදනා එල්ලවන පාර්ශවයන්ගෙන් ද තොරතුරු විමසීම හා එම අදහස්වලට ඉඩ ලබාදීම මාධ්‍යකරුවාගේ වගකීම වේ. එය අප විසින් ඉටුකර ඇත. එපමණක්ද නොව පිටවල කලක් තිස්සේ සිදුවන විවිධ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දි තොරතුරු රැසක් විවිධ මාධ්‍යායතන විසින් සාක්ෂි සහිතව හෙළිකරන ලදී. එවැනි අවස්ථාවල දි මැදිහත්වූ පුද්ගලයින් පිළිබඳ අපට තොරතුරු වාර්තා නොවීය.
බණ්ඩාර මහත්මයාට පිටවල පතන පිළිබඳව පවතින අවබෝධය පිළිබඳ කණගාටු වෙමි. නකල්ස් පරිසර පද්ධතියට අයත් පිටවල පතන අධිසංවේදි කලාපයක් වගේම සංරක්ෂිත ප‍්‍රදේශයක්... මේ ප‍්‍රදේශයේ සෑම පැළෑටියක්ම ඉතාමත් පැරණි ඒවා අනිත් කාරණේ වෙනත් ප‍්‍රදේශවලදී හමු නොවන ශාක මෙන්ම අල වර්ග, මල් වර්ග රැසක් මේ පරිසර පද්ධතියේ පිහිටා තියෙනවා. විනාශ වන්නේ ලොකු හා කුඩා ශාක ද යන්න නෙවෙයි.
වගකීමකින් යුක්තව පරිසර කළමනකරණය පිලිබඳ අපගේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. දෙවැනි පොටෝ එකේ මල්ලි දිරච්ච අත්තක් කපනවගේ පෙන්නේ. මාධ්‍ය වාර්තාව සමබර වුණත් සිරස්තලය පැත්තකට බරවෙලා.
මේ පිටවල පතන නෙතට රසඳුනකි. මෙවන් ස්ථානයක් ලොවේම නැත. කිසියම් හරකුන් වැනි මොලේ ඇති පිරිසක් කොන්ක්‍රීට් වනාන්තරයක් අටවා එහි සුන්දරත්වට ඉමහත් හානි කර ඇත. අඩුම ගණන පොල් අතු හා ඉල්ලුක් ගොඩනැගිල්ලක් තනා අවශ්‍යතාව පිරිමැහුවා නම් මෙවන් දෙයක් සිදු නොවේ. ඊයේ මම එහි යන විට දැක්කේ නැවත ඉදිකිරීම සිදුවෙන බවයි. අනාගත පරම්පරාවට දිය යුත්තේ ස්වභාවිකත්වය මිස කොන්ක්‍රීට් ගොඩක් නොවේ.
තණකොළ කපන්න නෙමෙයි කන්න දෙන්න ඕනෑ මොලේ නැති අයට. ලංකාවට අවේණික පතන් අල, ගල්පර මැඩියා වැනි බොහෝ වටිනා කුඩා සතුන් සහ ශාක ජීවත් වෙන්නේ ඔය භූමියේ බව තේරුම් ගන්න මොලයක් නැහැ. ලෝකෙටම අහිමි වෙන අපේ සම්පත් ගැන වගකීමෙන් කටයුතු කරන විදිය ලංකාවේ නිසා අරුමයක් නොවේ. මහත්මයා ඔබ වැනි අයවත් මේවා ගැන අවදියෙන් සිටින එක මාධ්‍ය ලෝකෙටම හොඳ ආදර්ශයක්...