අම්පාර කරංගාව ප්‍රදේශයේ මහජනතාවට හිරිහැරයක් වූ වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි විය.
දින කිහිපයක සිට මෙම අලියා ඇල්ලීම සඳහා වනජීවී නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබිය.
අවස්ථා කිහිපයකදීම මෙම අලියා වනජීවී නිලධාරීන් පසුපස පන්නා ගෙන පැමිණ ඇති අතර පසුව තුන්වැනි අවස්ථාවේ ලබාදුන් එන්නතකින් අලියා නිර්වින්දනය වු බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම වන අලියා ඇල්ලීම සදහා පශු වෛද්‍යයවරු දෙදෙනෙකු ඇතුළු වනජීවි නිලධාරීන් 21 දෙනෙකු සහභාගි වී ඇත. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයාමට නියමිත බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
( වසන්ත චන්ද්‍රපාල)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නොහික්මුණු වන අලියා නිර්වින්දය කර අල්ලාගනී
sandy123 Tuesday, 06 November 2018 08:45 AM
මේකත් හරියට දේශපාලනය වගේ.