රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්තේ දෙව්මිණි දැරියට හා මවට නව නිවෙසක් ඉදිකරදීමට දහම් සිරිසේන මහතා ඉදිරිපත් වෙයි.
අග හිඟ කම් මැද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන ගිය රෝගී මවට ගංවතුරට ගසාගෙන ගිය තම නිවෙස නැවත තැනීම සිහිනයක් පමණක් බව ඇයගේ මව මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය මාධ්‍යයෙන් දුටු සිරිසේන මහතා අද(15) එම ප්‍රදේශය නිරීක්ෂණය කර සුදුසු ස්ථානයක නිවෙසක් ඉක්මනින් ඉදිකර දෙන බවට දැරියගේ මවට පොරොන්දු විය.
දෙවිමිණී අධ්‍යාපනයට දක්ෂ දරුවෙකි.පන්තියේ පළවෙනි තැන ලබාගන්නා ඇය ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත ය.මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලියා පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන ඇත. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇය පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙනි.
නිවෙස ඉදිකිරීමට ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා අද කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළේය.
එහිදී නායක ස්වාමින් වහන්සේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම නිවෙස සාදනු ලබන්නේදැයි විමසූ අවස්ථාවේ දී දහම් සිරිසේන මහතා කීවේ රජයේ කිසිදු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම හිතවතුන්ගේ ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් ඉදිකර දෙන බවයි.
ඉන්පසු නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ එම නිවෙස ඉදි කිරීම සදහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබාදීමට සූදානම් බවත් නිවෙස ඉදිකිරීමට මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට ස්වාමීන් වහන්සේ වැඩම කරන බවත් ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් මහන්සියෙන් හම්බකපු සල්ලි වලින් වෙන්න ඇති. අනේ පින් ගොඩයි.
පැහැදිලිවම කියලා තිබෙනවා නේද රජයේ ප්‍රතිපාදන වලින් නොව තම හිත මිතුරන් මගින් නිවස ඉදිකර දෙන්නේ කියල ..
අර කෘතීම පුතාට වඩා තාත්වික බවක් තියනවා වගේ හැබැයි
අනේ අපේ තාත්තාත් ජනාධිපති වෙච්ච දවසක මටත් පුළුවන් වෙයි මෙහෙම උදවු කරන්න. අපේ තාත්තා ජනාධිපති වේවා!
සුබ පැතුම් දහම්
කවුරුන් හෝ හෙඳවැඩක් කරන කොට එකත් අවඥාවට ලක් කරන්නෙ කුහක සිත් වල තරම සමහරෙකුගේ අදහස්වලින් පේනවා කනගාටුයි
අපේ රටේ ඉන්න ජනතාවගේ මානසිකත්වය මේ අදහස් වලින් පේනවා අනෙක් උන් රටේ ධනය හොරකම් කරමින් යනකොට උන්ගේ සුඛ විහරණ හද ගන්නකොට රටේ ඉන්න ගනිකාවන්ට කෝටි ගණන්වල වාහන පුජා කරනකොට ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට ජීවන බර වැඩි කරමින් උන්ගේ බැංකු පොත් පුරෝගන්නකොට එකෙකුගේවත් අස් පෙනුන් නැ කෙනෙක් යමක් කරනකොට මහජනතාව වෙනුවෙන් එකට අවලාද කියන්න උන් නම් ඉන්නවා
මේවා කරන්න ඕන ඔයාගේ තාත්තා ලොක්කා වෙලා ඉන්න ආණ්ඩුව. ඒක එයාලගේ වගකීමක්. රඟපාන වෙලේ ඒ පොඩ්ඩ තාත්තට මතක්කරලා දීල, නිවාස කැඩුන හැමෝටම සාධාරණයක් වෙන වැඩපිළිවෙලක් හදන්න පෙළඹෙව්වනම් මීටවඩා වටිනවා. මේ වියදම් කරන්න යන සල්ලි ඒ දරුවාගේ අධ්‍යාපනයට ලබාදීලා.
මොන ක්‍රමයකින් හරි කමක් නැහැ. අසරණ දරුපවුලකට සෙවණක් ලැබෙනවා නම්....!!!
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ........