
(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස)
රජය මගින් ලබාදී ඇති උපදෙස්වලට අනුව කාබනික පොහොර යොදා සිදුකළ වගා සාර්ථක වී ඇතැත් ඒ සදහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් මහත් දුෂ්කරතාවන්ට පත්වී ඇතැයි නාඋල - අරංගල යාය ගොවිහු කියා සිටිති.
විවිධ උපදෙස්වලට අනුගත වෙමින් පළමු වරට රසායනනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා නාඋල ප්‍රදේශයේ වගා රැසක් ගොවින් මෙවර සිදුකර තිබේ.
කිසිදු රෝගයකින් තොරව සිය වගා කාබනික පොහොර හේතුවෙන් අති සාර්ථක වී ඇති බැවි නාඋල - අරංගල යාය ගොවි ගම්මානයේ ගොවියකු වන වයි.ජි.සෝමපාල (64) මහතා කියා සිටියි.
මේ වන විට සිය වගා බිමේ වගා කර ඇති නෝකොල් සදහා කිසිදු රසායනික පොහොරක් හෝ කිසිදු කෘෂි රසායයක් නොයෙදු බවත් හෙතෙම කියා සිටියි.
දෙමුහුන් බීජ කාබනික පොහොරවලින් වගා කළ නොහැකි යැයි පවතින සමාජ මතයට කිසිදු පදනමක් නොමැති බැවි කියා සිටි හෙතම අවධාරණය කර සිටියේ සිය වගා සදහා තමන් විසින්ම අවට පරිසරයේ අමුද්‍රව්‍යවලින් පොහොර හා කෘමි නාශක වර්ග සකසා ගත් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට එළවලු ගන්නත් නැහැ ගොවීන්ට විකුණන්නත් නැහැ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉන්න ඉතිරි හරක් ටිකට තියෙන්නේ තොග වෙළඳුන් ලියාපදිංචි කරලා ඔවුන්ගේ ගැනුම් ,විකුණු මිල පාලනය කරන්න. ප්‍රශ්න විසඳනවා නම් රජය ,පාර්ලිමේන්තු වේ ඉන්න හරක් ටික ඔක්කොම කතාවෙලා මේකට වැඩ පිළිවෙලක් සකසන්න ඕනේ. කරුමේ කියන්නේ පාර්ලිමේන්තු ඉන්න ඔක්කොම හරක් ටික යන්නේ සී සී කඩ උන්ගේ පුද්ගලික උවමනාවන් හොයාගෙන. උන්ට වැඩක් නැහැ රටේ මිනිස්සු කෑවත් බීවත්, පාර්ලිමේන්තු එන හරක්ට ලගින්ට සුඛෝප භෝගී ගෙවල් 200ක් හදනවා කියල පත්තරේ තිබුන , එක පාර්ලිමේන්තු හරකෙක් උම්බෑ කීවේ නැහැ , මොකද උන්ට ලැබෙන සැප නේ !
අපේ බේබිට මේකට නම් මුකුත් කරන්න බැහැ. මොකද මේ නෝකෝල් ඔක්කොම එකම උසින් තියෙන්නේ. උසේ වෙනසක් තිබ්බා නම් හොඳ විසඳුමක් දෙන්න තිබුණා.
සුපිරි මාකට්වල කාබනික එළවළුවල මිල වැඩියි...
එළවලු ටික බෙදාගන්න ක්‍රමයක් හදාගන්න බැරි රටක්. කොළඹ ඕගනික් කිව්වාම සුපිරි පැලැන්තියේ කෑමක්... රටේ තව පැත්තක විකුණගන්න බැහැ.
ගොවියෝ වගාකරන්නේ මොකෙන්ද කියලා නෙමෙයි මේ පාලකයින්ට තියෙන ගැටළුව... මොන විදිහෙන්ද සල්ලි ගරන්නේ කියලා හිතලයි චීනෙන් පොහොර ගෙන්වන්න හදන්නේ..!
පින්තුරෙ ඉන්න අංකල්ව දැක්කම මට නම් හරී දුක හිතුනා .පව් අහිංසක ගොවියෝ
අන්තිමට කියයි කෑ ගහන්න විදිහක් නැහැ කවන්න කියලා. එළවළු මාකට් එකට ආවාම ලේබල් ගහලද විකුණන්නේ? ඔය අතර මැදියාගේ උප්පර වැට්ටියක්...
මමනම් නිකන් දුන්නත් රාබු නෝකෝල් කන්න කැමති නැහැ.
ඇත්තටම කියනවානම් මේ අහිංසක ගොවියා විසින්ම හදාගත්ත කාබනික පොහොර නිසා තමයි මුන් මේවට උනන්දු නොවෙන්නේ. චීනෙන් ගෙන්වන කාබනික පොහොර දැම්මා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රට යන්නේ කොහාටද කියලා හිතාගන්නවත් බැහැ. මේ වගේ අසාර්ථක නායයෙක් ඉන්න ආණ්ඩුවක් කවදාවත් මේ රටේ බිහිඋනේ නැහැ. මේ රටේ මිනිසුන් පව්.
අපේ මේ ගොවි මහත්තය අර "මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු" රටේ වෙන්න ඕනා මගේ හිතේ? කාබනික පොහොරද රසායනික පොහොරද භාවිතා කරන්නේ කියන දේ වැදගත් නැහැ, හැබැයි ඔය හැමෝම නාහෙන් හඬන බව තමයි අපට නම් පෙනෙන්නේ. "අනුන් කරන දේ කරන්න ගියෝතින් අපිත් වඳුරෝ වෙනවා" කියන එක අහලා තියනවද? "අනුන්ගේ පදයට නාඩා " කකුල් කඩා ගෙන නාහෙන් නොහඩා, තුන් වේලටම එළවලු සුප් එකක් බීලා හිත හදා ගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න අපේ ගොවි මහත්තයෝ. මොනා උනත්, වඳ කොත්තු වෙනුවට දැන්, සුප් එකක් බීලා හරි ජීවත් වෙන්න හරි රටක් අපට තියනවානේ ගොවි මහත්තයෝ.
ඔය ප්‍රදේශයට අදාළ දේශපාලනය කරන මන්ත්‍රී මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. අදාළ වැඩේ කරනවා නම් නිකන්ම රට හැදෙනවා.
මේ කියාන විදියට කාබනික පොහොර දාපු නිසාද විකුණගන්න බැරි වෙලා තියෙන්නේ ?
ඔර්ගනික් කෑම හොයා හොයා යන මහත්වරු නෝනලා කන කැරට්, ගෝවා වගේ එළවලු වගාකලානම් උණු කැවුම් වගේ විකුනන්න තිබුනා නේද.?
ආණ්ඩුව කාබනික වගාව ප්‍රවර්ධනය කළේ ඇත්තටම නොවෙයි කියලා පැහැදිළියි නේද? ඩොලර් හිගය නිසා කියලා පැහැදිළියි නේද?
මේ සාර්ථක ගොවීන් ගෙන්වා ඔවුන්ට උපහාර කළ යුතුයි. කෝ මේ රජයේ වගකිවයුත්තන් මේවා දන්නේ නැතිද ? ඒ අය තවම සුව නින්දේ. වහාම මේ අස්වැන්න මිලදී ගෙන ඒවා ජනතාවට බෙදා හරින්න. කාබනික පොහොර යොදා සාර්ථක ලෙස වගා කළ හැකි බව මේ අය ඔප්පුකොට තිබෙනවා. රසායනික පොහොර ගසා විෂ සහිත අස්වැන්න නෙලා ගැනීමට වෙහෙසෙන ගොවියන්හට මෙය හොඳ පාඩමක් කියාදී තිබෙනවා.
කාබනික එළවලු පලතුරු කියන්නෙ සුපිරි වෙළඳ සැල් වල විකුණන, මිල දෙගුණයක් පමණ වෙන, ඒ නිසා සල්ලි තියෙන අයට විතරක් ගන්න පුළුවන් දේවල් කියන අදහස සමාජයේ මුල් බැසගෙන. ඒ නිසා වැඩි දෙනෙක් ඒවා ගැන උනන්දුවක් නැහැ. ඒ නිසා ඉල්ලුමක් නැහැ. ඒ නිසා මිලක් නැහැ.
එළවළු සිල්ලර මිල ගණන් රට පුරාම ඉතා ඉහළ මුත් ගොවියාට ලැබෙන්නේ සොච්චම් මුදලක්ය. පවතින වසංගතය හමුවේ වූවත් ගසා කන්නත් සාර්ථකත්ව පාරිභෝගික ජනතාව ගසා කෑම සිදු කළද එළවළු ගොවීන් හෝ පාරිභෝගික ජනතාව රැක ගැනීමට රජයට වැඩ පිළිවෙලක් නොමැතිවීම ඉතා ශෝචනීය තත්ත්වයක් නොවේ ද ?
මෙම ගොවියන් සඳහා වහා සාධාරණ මිලක් ගෙවන්න...
සෞභාග්‍යයේ දැක්ම, දැන් තේරෙනවනේ මේ අයගේ හැම වැඩක්ම බොරු සෝබන විතරයි කියල