( චමිල් රුපසිංහ)














මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම සඳහා සතර මහා දෙවාලයන්හි කප්සිටුවීමේ මංගල්‍ය අද (12) උදෑසන හය පසුවි මිනිත්තු දෙකට යෙදුණු සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය.
මේ අවස්ථාව සදහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි විය.
අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාල භුමියේ හටගත් “කප “ ( ඵල නොදැරු කොස් පැලය ) පුරාණ චාරිත්‍ර සිදුකර වන්නකුරාල විසින් කපා ගත් ‘කප ‘ සකසා අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාලයට ගෙනවිත් වතාවත් සිදුකර මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම ( “ කල්ප වෘක්ෂ පෙරහර “ ) නමින් හදුන්වනු ලබයි.
එම පෙරහැර ඊයේ (11) උදැසන 6 ට පමණ මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයෙන් අරඹා මහනුවර විෂ්ණුදේවාලය දක්වා ගමන් කිරිම වසර සියයකට පමණ පසුව පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් අලි ඇතුන්ගෙන් සපිරි පෙරහර තුන්වැනි වරට පැවැත්විණි.
මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණුදේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “ 11 වැනිදා සවස 4.22 ට කොටස් 4 කට කපා ඉන් කොටස් 3 ක් නාථ, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාඡකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් එම “ කප “ තම දේවාල වලට ගෙන ගොස් අද අලුයම කප් සිටුවීමේ මංගල්‍ය උදේ 6.02 සිදු කළේය.
අද(12) සවස සතර මහා දේවාල වල අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර එය (15) වනදා දක්වා පැවැත්වේ. සිටුවා ගත් “ කප “ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහැර අවසානයේ දිය කපනා මොහොතේදී ඒවා ගැටබේ දිය කපනා තොටේදි දියේ පා කර හරි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නුවර ඇසල පෙරහරට කප් සිටුවයි
kumar (gulf) Sunday, 12 August 2018 07:36 AM
මේ මහා ධනස්කන්ධයක් හා මහ ශ්‍රමයක් වැයවෙන මේ පෙරහැර දේවාල පූජාවලින් රටට කිසිම ආධ්‍යාත්මික සුගතියක් සිදුවෙලා තිබෙනවාද? ටුවරිසම් වලින් සල්ලි නම් හොයයි.
විමලාවතී Sunday, 12 August 2018 10:26 PM
අරාබියේ ඉන්න අයට ඕවා තේරෙන්නේ නෑ.
abaranMonday, 13 August 2018 09:05 AM
ඕනෑම රටක සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා ඉතිහාසය සමග බැඳුණු... ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තමන්ට සංස්කෘතික අංග හොයා ගන්නට බැරිව අපහසුවෙන් ඉන්නවා... එයට ආර්ථික ප්‍රතිලාභ තිබිය යුතුම නැහැ.
Chandana Monday, 13 August 2018 03:20 AM
සංස්කෘතියක් සභ්‍යත්වයක් තුළ ගොඩනොනැගෙන කෙනෙකුට මෙවැනි දෑ දකින්නේ හර සුං දේවල් වශයෙනි. ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරයේ අනන්‍යතා ලකුණු වන මෙවැනි සංස්කෘතිකාංග ඉදිරි පරපුර වෙත ආරක්ෂා කරගත යුතුය. ඹබේ මතය අතිශ්‍යයින් වැරදිය.
සමන්ත Monday, 13 August 2018 03:42 AM
සෙතක් වෙනවද, නැද්ද කියන්න අපි නම් දන්නේ නෑ. හැබැයි නුවර මිනිස්සු විදියට අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා කරගෙන ආපුවා, ඔබලා කැමැති වුනත්, අකමැති වුනත් අපි ඊයෙත් , අදත්, ඒ වගේම හෙටත් කරගෙන යනවා. මතු වටත් කරනවා.
jayasekara Monday, 13 August 2018 04:48 AM
ගල්ෆ් වල ඉපදිච්ච අය ඔය වගේ බහුබූත කතා කියන එක අරුමයක් නොවෙයි... අපි ලාංකිකයෝ විදියට ආඩම්බර විය යුතු අපේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය ගැන.