( චමිල් රුපසිංහ)














මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම සඳහා සතර මහා දෙවාලයන්හි කප්සිටුවීමේ මංගල්‍ය අද (12) උදෑසන හය පසුවි මිනිත්තු දෙකට යෙදුණු සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය.
මේ අවස්ථාව සදහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි විය.
අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාල භුමියේ හටගත් “කප “ ( ඵල නොදැරු කොස් පැලය ) පුරාණ චාරිත්‍ර සිදුකර වන්නකුරාල විසින් කපා ගත් ‘කප ‘ සකසා අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාලයට ගෙනවිත් වතාවත් සිදුකර මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම ( “ කල්ප වෘක්ෂ පෙරහර “ ) නමින් හදුන්වනු ලබයි.
එම පෙරහැර ඊයේ (11) උදැසන 6 ට පමණ මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයෙන් අරඹා මහනුවර විෂ්ණුදේවාලය දක්වා ගමන් කිරිම වසර සියයකට පමණ පසුව පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් අලි ඇතුන්ගෙන් සපිරි පෙරහර තුන්වැනි වරට පැවැත්විණි.
මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණුදේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “ 11 වැනිදා සවස 4.22 ට කොටස් 4 කට කපා ඉන් කොටස් 3 ක් නාථ, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාඡකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් එම “ කප “ තම දේවාල වලට ගෙන ගොස් අද අලුයම කප් සිටුවීමේ මංගල්‍ය උදේ 6.02 සිදු කළේය.
අද(12) සවස සතර මහා දේවාල වල අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර එය (15) වනදා දක්වා පැවැත්වේ. සිටුවා ගත් “ කප “ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහැර අවසානයේ දිය කපනා මොහොතේදී ඒවා ගැටබේ දිය කපනා තොටේදි දියේ පා කර හරි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහා ධනස්කන්ධයක් හා මහ ශ්‍රමයක් වැයවෙන මේ පෙරහැර දේවාල පූජාවලින් රටට කිසිම ආධ්‍යාත්මික සුගතියක් සිදුවෙලා තිබෙනවාද? ටුවරිසම් වලින් සල්ලි නම් හොයයි.
සංස්කෘතියක් සභ්‍යත්වයක් තුළ ගොඩනොනැගෙන කෙනෙකුට මෙවැනි දෑ දකින්නේ හර සුං දේවල් වශයෙනි. ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරයේ අනන්‍යතා ලකුණු වන මෙවැනි සංස්කෘතිකාංග ඉදිරි පරපුර වෙත ආරක්ෂා කරගත යුතුය. ඹබේ මතය අතිශ්‍යයින් වැරදිය.
සෙතක් වෙනවද, නැද්ද කියන්න අපි නම් දන්නේ නෑ. හැබැයි නුවර මිනිස්සු විදියට අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා කරගෙන ආපුවා, ඔබලා කැමැති වුනත්, අකමැති වුනත් අපි ඊයෙත් , අදත්, ඒ වගේම හෙටත් කරගෙන යනවා. මතු වටත් කරනවා.
ගල්ෆ් වල ඉපදිච්ච අය ඔය වගේ බහුබූත කතා කියන එක අරුමයක් නොවෙයි... අපි ලාංකිකයෝ විදියට ආඩම්බර විය යුතු අපේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය ගැන.