IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නාවික හමුදාපති පොලිස්පති හමුවෙයි

 

 

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.

එහිදී පොලිස් විශේෂ සම්මාන උත්තමාචාරයක් මගින් නාවික හමුදාපති පොලිස් මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.

නාවික හමුදාපති ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව නාවික හමුදාපතිවරයා පොලිස්පති හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

පොලිස්පතිවරයා විසින් නාවික හමුදාපති වෙත සුබ පැතුම් එක් කළ අතර, කාලීන වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාව සංකේතවත් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා පොලිස් මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

(28535)

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

 



අදහස් (1)

නාවික හමුදාපති පොලිස්පති හමුවෙයි

nihal Monday, 14 January 2019 07:45 PM

ත්‍රිවිද හමුදාව යනු පොලිසියට ඉහලින් තිබිය යුතු ස්ථාන වේ ...වරද හා දඩුවම අනුව සිවිල් නීතියට හා හමුදා නීතියට හමුදාවන් යටත් බව ඇත්ත .....නමුත් නේවි කොමාන්ඩර් මෙසේ යායුතු නැත ...කොතැනක හෝ වැරදීමක් ඇත ....මෙය මගේ අදහසක් පමණයි ......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site