IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සංවත්සරය



නාවික හමුදා විශේෂ  යාත්‍රා බලඝණ 25 වැනි සැමරුම  ත්‍රිකුණාමල විශේෂ  යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.


රණවිරුවන්ට සෙත්පතා සර්වරාත්‍රික ධර්ම දේශනයක් හා  මහා සංඝරත්නය 25 නමක් විෂයෙහි  දානමය පිංකමක්  සහ සපිරිකර පුජාවක් ද  පැවැත්විණි.


 අනතුරුව මව්බිම වෙනුවෙන් දිවි පිදු විශේෂ බලඝණ  රණවිරුවන්  සිහි කිරීම සහ ඔවුන්ගේ පවුල්හි සමාජිකයින් ඇගයීම වෙනුවෙන් විශේෂ  උත්සවයක්ද පැවැත්වු අතර ඔවුන් අගයා සමරු තිලිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.


විශේෂ යාත්‍රා බලඝණයේ  නිර්මාතෘ   වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී  විය. 


තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වන දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් මහතාගේ  බිරිඳ වන ඩෘකි මාර්ටෙන්ස්ටයින් මහත්මිය හට සහ සිය මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරමින් රණවිරුවෙකු හට ලබා ගත හැකි උසස්ම පදක්කම වන වීර විභූෂණය පදක්කමෙන් පිදුම් ලැබු මානුෂිය මෙහෙයුමේදි සිය ජිවිතය කැප කළ ප්‍රධාන සුළු නිලධාරි කේජි ශාන්ත නාවිකයාගේ බිරිඳ වන රුවනි දිසානායක මහත්මිය හට විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණි.


අනතුරුව රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර  දැක් වු අතර , මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා, නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති සහ සැලසුම්, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ මහතා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරි විශාල පිරිසක් සහ  සහභාගිවි සිටියහ. 

 

(36698)



අදහස් (1)

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සංවත්සරය

විජිත් Tuesday, 13 November 2018 07:54 PM

"...වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී" රියර් අද්මිරාල් "රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස.." මෙයාගේ නිලය " පහතට දාලාද...? සාමාන්‍යයෙන් මෙයාගේ නිලය වයිස් අද්මිරාල් හෝ අද්මිරාල්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 134 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site