(රේඛා තරංගනී ෆොන්සේකා)
සීග්‍රයෙන් අහිමිව යන සාගර අලංකාරත්වය කරමින් සංචාරක කටයුතු වැඩිදියුණු කිරීම නාවික හමුදා නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් ත්‍රිකුණාමලය සැන්ඩිබේ වෙරළ තීරයේ ඇරඹි කොරල් සිටුවීමේ ව්‍යාපෘතිය මේ වනවිට මීටර් පන්සීයක් පුරා පැතිර ඇතැයි ලුතිනන් කමාන්ඩර් රසික දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සමුද්‍ර ආරක්ෂණ කොරල් රෝපනය ක්‍රියාවට නංවා ඇත.
මත්ස්‍ය අභිජනන කටයුතුද වැඩිදියුණු කරමින් 2017 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.
එම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් සිටුවන ලද කොරල්වලට සිදු විය හැකි අනතුරු වළක්වාලීම සඳහා එම කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සළකුණු කිරීමට ද ඔවුන් කටයුතු කර ඇති අතර එහි ධීවර කටයුතු සිදු කිරීමද තහනම් කොට ඇතැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Indian bottom trolling will remove all newly planted corrals.