(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුශ්ක සිල්වා )
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය.
මෙම පනත මගින් ඕනෑම වෘත්තීයක නියැලෙන පුද්ගලයකු හෝ කුමන ක්‍රමයකින් මසකට රුපියල් 50,000කට වඩා අදායම් ලබයි නම් රජයට බදු ගෙවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ මෙහිදී පැවසූහ.
මෙවන් අසාධාරණ බදු පනතට එරෙහි වන ලෙසත් ආණ්ඩුවට එය දැනෙන්නට සලස්වන ලෙසත් ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී .ලාල්කාන්ත , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන මහත්වරු ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුනේ චින්තනයට අනුව ජනතාවට අවශ්‍ය රෝහල් සේවාව, රෝගීන්ට අවශ්‍ය බෙහෙත්, ප්‍රාථමික සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපන අවශ්‍යතා, සියලු යටිතල පහසුකම් නොමිලේ සැපයිය යුතුයි. බදු අය නොකර, ඔවුන් මේ සේවාවන් සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නට යෝජනා කරන්නේ කෙසේද? ඔවුන් යෝජනා කරන්නේ මේ සේවාවන් සඳහා තව තවත් පිට රටින් ණය ගැනීමද?
මේකේ අසාධාරණයක් තිබෙනවා 100000.හෝ 11/2 පොඩි වාහනයක් එලවනි මිනිසෙක් ඉතාම මහන්සියෙන් උපාය ගන්න මුදලක් නිසාත් මෙතරම් ඇමති මණ්ඩලයක් නඩත්තුකිරීම දුප්පත් අයට කරන අසාධාරණයක්.
ජනතා විමුක්ති පෙරමුණ වරද්දා ගත්ත, පනත කියවලද දන්නේ නැ ප්‍රසිද්ද විවාදයකට සුදානම් මේ පනත නිසා බදු අඩුවෙන බවටත් නොගෙවන පිරිස කොටුවෙන බවටත් .අනුර කුමාර හරි ඕන කෙනෙක් සමග
ජනතා විමුක්ති පෙරමුණට එයාලගේ ගෝලයෝ ලනුවක් දීල ,ඔය වගේ බොරු කියන්න එපා .ජනතා විමුක්ති පෙරමුණ පිරිහෙනවා
ජවිපෙ එක හැමදේටම විරුද්ධ වෙනවා මිසක් කවදාවත් තර්කානුකුල සංඛ්‍යාත්මක ප්‍රතිපත්තියක් යෝජනාවක් ඉදිරිපත් කරගන්න බැරි පක්ෂයක්
මට නම් හිනත් යනවා මෙයලම හොදයි කියනවා වෙලාවකට නරකයි කියනව අනේ මන්ද ජේ වී පී එක ගැන කිසිම විස්වාසයක් තියන්න බැ.
හැමදාම ඔය කොටුව දුම්රිය ස්ථානය ඉස්සරහනේ කොළ බෙදා බෙදා ඉන්නේ. පාසලක් ඉස්සරහ බෙදුව නම් ළමයි ටික ගෙදර ගිහින් සමාජ ජාල වල දල හොදට දැනුවත් කරයි.