


නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද(09) විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
18 වැනි ගුවන් හමුදාපතිධූරයට පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවී සිය සේවය සැලකර සිටියේය.
නව ගුවන් හමුදාපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී විමසා සිටියේය.
නව ලොවට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියට ගෙනයාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විශ්වාසය පළ කළේය. ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇඟයීමට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාව වනාන්තර විනාශය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඵලදායීව යොදාගත හැකි ලංකාවම ආවරණය වන පරිදි දෛනිකව සමීප ගුවන් ඡායාරූප හෝ වීඩියෝ ලබාගෙන විශ්ලේෂණය කළොත් මුහුදත් ගොඩබිමත් ආරක්ෂා කල හැකියි. ඒ වගේම රෝගීන් රැගෙන ඒමට මුදල් ගෙවා හෝ ගිලන් යානා සේවාවක් ආරම්භ කරන්න.
දැන්නම් මුහුණ කරත්තයට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ..
කරුණාකර මේ විකාර නවත්වන්න.
හමුදා නායකයෝ දේශපාලුවන්ට වටිනා තෑගි පිළිගැන්වීම දැන්වත් නවත්තන්නකෝ... ජනතාවගේ සල්ලිනේ.
හොඳින් කටයුතු කිරීමට සියලු ශක්තිය ලැබේවා.......
ජයවෙවා.....
වෙන අලුත් දෙයක් වෙන්නේ නැද්ද මෙ රටෙ පෙන්නන්න...?
මෙයා කට්ටිය හම්බ වෙන්න යනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැද්ද?