(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල නගරයේ පිහිටි පැරණි වන්නන්කුලම් වැව කිසිදු අවසරයකින් තොරව නීති විරෝධි ලෙස පුරවමින් තිබේ.
නොරෝච්චෝල නගරයේ සිට ඉලන්තඩිය දෙසට ගමන් ගන්නා මාර්ගයේ පිහිටි මෙම වැව බොරළු දමා පුරවා ඇවිදින මංතිරු හා ළමා උද්‍යානයක් සැකසිමට යැයි පවසමින් දේශපාලඥයකුගේ මැදිහත් විමකින් මෙය සිදු කෙරෙන බව ඇතැම්හු චෝදනා කරති.
ගංවතුර සමයේදී නොරෝච්චෝල නගරයේ ගංවතුර පාලනයට මෙම වන්නන්කුලම් වැව් මහත් දායකත්වයක් දක්වයි.
වගාවන් සදහා ජලය සපයා ගැනිමක් සිදු නොවන නමුත් නොරෝච්චෝල නගරයට තිබු සුන්දර ස්ථානයක් වු මෙම වැව අවස්ථා ගණනාවක දී විවිධ පුද්ගලයින් විසින් මෙම වැවට අයත් භුමිය අනවසරයෙන් අත්පත් කර ගැනිම සිදුව ඇති බව ද කියයි.
මේ වන විට වැව මැදින් හා තවත් තවත් පසෙකින් නීති විරෝධී ලෙස ගොඩ කරමින් මාර්ග සකසා තිබේ.
එසේම වැවේ ස්ථානයක් පුරවා ඇති අතර ඒ ආසන්නයේ වැව පිරවිමේ අරමුණින් බොරළු ටිපර් 100 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන විත් ගොඩ ගසා ඇත.
කෙසේ වෙතත් මේ පිළිබදව කළ විමසිමේදී පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් එස්.එස්.පී .සේනාධිර මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“ මේ පිළිබදව අපිට කල්පිටිය ගොවිජන සේවා ප්‍රදේශීය නිළධාරි මාව දැනුවත් කළා .කඩිනමින්ම මම මේ පිළිබදව සොයා බැලුවා. මේ සදහා කිසිම ආයතනයකින් නිත්‍යානුකුල අවසරයක් නැතුවයි කරලා තිබුණේ. මම වහාම අපේ නිළධාරින් දැනුවත් කළා මෙම කටයුත්ත නවතා දමන්නත් ඒ වාගේම වැවට හානි කර ලෙස කර තිබු සියල්ල ඉවත් කරන්නත් .
ඒ එක්කම මේ වන විට අදාල නිති විරෝධී කටයුත්තට අදාල නිතියට අනුව ක්‍රියා කරන්නත් අදාල කටයුතු මේ වන විට කරගෙන යනවා යැයි ඔහු පැවසිය .
එසේම කල්පිටිය ගොවිජන සංවර් ධන ප්‍රාදේශීය නිළධාරිනී ඩබ්ලියු .එම්.ඩි.පි. විජේසිංහ මහත්මිය පවසා සිටියේ මෙවැන්නකී.
“ අපි මේ වන අදාල නිතිමය කටයුතු කළා .මේ වැව මේ ප්‍රදේශයේ තිබුන පැරණි වැවක් .එය නැවත හාර වැව ප්‍රතිසංස්කරණය කරන්නත් ඉදිරියේදිම කඩිනමින් කරන්න සුදානමක් තිබෙනවා .







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි, එහෙම තමයි ඉඩම් අල්ලගන්න ඕනෑ... පස්සේ මේකෙත් මාලිගා හදයි. මොකක් හරි නඩුවක් එනකොට අයිතිකාරයෙක් නැති... තවමත් මේ රටේ මිනිසුන්ට කාලකණ්ණි දේශපාලුවන් කවුද කියලා අඳුනාගන්න බැරි හැටි...
ගෝඨාභයට ජය වේවා.!
දෙල්ගොඩ, මීගහවත්තේ තියෙන වැව දැනට හොර ඔප්පු ලියා අල්ලාගෙන ඉන්න කෙනාට එරෙහිව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර නොගන්නා හේතුව කුමක්ද ? මේ පිළිබඳව මම කිහිප වතාවක් දෙල්ගොඩ ගොවිජනසේවා නිලධාරිනිට සහ දෙල්ගොඩ ප්‍රාදේශීය සබාපති ටත් දැනුම් දුන්නත් තවමත් නිශ්ශබ්දයි.
වටිනා පුරාන වැව ගොඩ කරලා ඉවර වුණාට පස්සේ බොරු ප්‍රකාශ කරන රජයේ නිලධාරිවරු. කෝ අනුරාධපුර පොලිසිය, නිදිද? ටිපර් එක්කම අත්අඩංගුවට නොගත්තේ පවතින මේ රජය මේ බැලූවැඩේට සම්බන්ධ නිසා නේද?
දෙල්ගොඩ, මීගහවත්තේ තියෙන වැව දැනට හොර ඔප්පු ලියා අල්ලාගෙන ඉන්න මිනිහට එරෙහිව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර නොගන්නා හේතුව කුමක්ද? මේ පිළිබඳව මම කිහිපවතාවක් දෙල්ගොඩ ගොවිජන සේවා නිලධාරිනියට සහ දෙල්ගොඩ ප්‍රාදේශීය සභාපතිටත් දැනුම් දුන්නත් තවමත් නිශ්ශබ්දයි. දෙල්ගොඩ ප්‍රාදේශීය සභාව කියනවා අපිට අයිති නැත.., මේක අයිති ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට කියලා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියනවා මේක අයිති දෙල්ගොඩ ප්‍රාදේශීය සභාවට කියලා. කාටද මේවා අයිති? ඇයි මහජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා මහජන මුදල් කාබාසිනියා කරමින් මේ කරන නාඩගම කුමක්ද?
නුවර වැව, කලා වැව, නාච්චදූව වැව, බසවක්කුලම වැව - මේ සියලු වැව් ගොඩ කර ඒ ඉඩම් විකුණා මිලියනපතියන් වෙන්න. පරම්පරා ගණනකට හම්බ කරගන්න. ඉතුරු කැලෑ ටිකත් කපලා දාන්න..
අපි දැනුවත් නැත, සොයා බලන්නම්, පසුව වෙන දෙකුත් නැත, හැමදාම එකම දෑ, අපොයි අපෙ රට ?
රටේ පාලනයක් නැද්ද?
පහත්බිම් ගොඩ කිරීම නීතියෙන්ම තහනම් ක්‍රියාවක්... වැව් ගොඩකිරීම එයටත් වඩා අතිශයින් නීති විරෝධී ක්‍රියාවක්.. මෙයින් වෙන පරිසර හානිය සුළුපටු නොවේ.. එනමුත් වැව් ගොඩ කරනකම් බලන් සිටින නිලධාරි පැලැන්තිය තමන්ගේ රාජකාරිය ඉටුකරන හැටි අගනේය. මේ පස් පුරවන්නන් වාහන සමගම නීතියේ රැහැනට හසුකර දීමට මේ නිලධාරී පැලැන්තියට නොහැකිවූයේ මන්ද? සමහරවිට මෙම වැව පිරවූ අයගේ බල පුළුවන්කාරකම්වලට හෝ දේශපාලන බලයට ඇති බිය නිසා විය යුතුයි. නොඑසේ නම්, ඔවුන්ගේ මුදලට නිලධාරීන් ගැතිවිය හැකියි.. මේ කොයික වුණත්, මේ වැව ගොඩකිරීම ගැන අදාල තක්කඩින් නීතිය රැහැනට ගැනීමට පොලිසිය ඇතුළු සියලු වගකිව යුතු අංශ වහාම ක්‍රියාකළ යුතුයි. අහිංසක මිනිසෙකු පැලයක් සිටවීම මට ඉඩමකින් සුළු ප්‍රමාණයක් හෝ ගොඩ කළහොත් ගොවිජන සේවා අංශ මහා ඉහළින් රාජකාරි කරනු පෙනේ.. වාරිමාර්ග අංශද එසේය. එහෙත් වැවක් ගොඩකරනා තුරු ඔවුන් තද නින්දේය. කරුමෙක මහත...!!!