(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහකන්නයේ හා යලකන්නයේ ගොවිතැන් කටයුතු අඩාල වූ බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි.
මේ වන විට දුෂ්කර ගම්මාන කිහිපයකට පානීය ජලය නොමැති වීමෙන් පානීය ජලය ලබා දීමේ වැඩපිළිවලක් ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කියයි.
‘‘මෙවර අපේක්ෂිත කෘෂිකර්මික කටයුතු වවුනියාවේ දැඩි ලෙස පහළ බැහැලා.වගාවන් විනාශ වෙලා වවුනියාවේ ගොවීන්ට පසුගිය මහ කන්නයෙයි යල කන්නයෙයි ගොවිතැන් කරගන්න බැරි වුණා. මෙවර යල කන්නෙත් 10 % කටත් අඩු ප්‍රමාණයක් තමයි ගොවිතැන් කටයුතු වුණේ.“
“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ජල බවුසර් මගින් පානිය ජලය ලබා දෙන්න පියවර ගන්නවා.මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට රජයෙන් ලැබිලා තියෙනවා.ඉදිරියේදී ජලසම්පාදන මණ්ඩලයෙත් සහය ලබාගන්නවා“
මේ අතර වව්නියාවේ යුද හමුදා කඳවුරු කිහිපයකටද පානීය ජලය නොමැති වීමෙන් එම නිලධාරීහූ දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.
පානීය ජලය ලබාගන්නා ළිං සම්පූර්ණයෙන්ම සිඳී යාම හේතුවෙන් වව්නියාව අවරන්තුලාව ,හැලඹගස්වැව, පාවක්කුලම් , පලෙයිඋර් ,සෙට්ටිකුලම් ආදි ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නියඟය නිසා වවුනියාවේ යල-මහ කන්න පාළු වෙයි
kumar (galf) Tuesday, 18 July 2017 09:33 AM
වියළි කලාපයේ වගා ජල ප්‍රශ්නයට ඊස්‍රායලෙයන් දැනුම හා උදව් ගන්න කාලය දැන් ඇවිල්ලා.