IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට

  (හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණි.

කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගණයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා  අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර ඇත.
 
මෙම පක්ෂීයාගේ තටු සැළලිහිණියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වන ජීවි නිලධාරීහු පවසති.
 
ඊයේ (13)   වැනිදා රාත්‍රීයේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ ඇති අතර  පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති බව කියයි.
 
හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාලියෙකුගේ පාද වලට සමාන බව වන ජීවී නිලධාරීහු කියති.
 
ආනවිළුන්දාව කුරුලු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වන ජීවී නිලධාරීහු සදහන් කරති.
 
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය  පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක ආර්.කේ.සෝමචන්ද්‍ර මහතා පැවසීය.



අදහස් (7)

නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට

helayeni Wednesday, 14 August 2019 07:06 AM

ඉබාගාතේ යන ඇල්බට්‍රොස්, හිම සහිත ඇල්බට්‍රොස්, සුදු පියාපත් සහිත ඇල්බට්‍රොස් හෝ ගූනි [3] (ඩයොමෙඩියා එක්සූලන්ස්) යනු දකුණු සාගරයේ රවුම් ධ්‍රැවීය පරාසයක් ඇති ඩයොමෙයිඩ් පවුලෙන් ආ විශාල මුහුදු පක්ෂියෙකි. එය විස්තර කරන ලද අවසාන ඇල්බට්‍රොස් විශේෂය වන අතර දිගු කලක් තිස්සේ ට්‍රිස්ටන් ඇල්බට්‍රොස් සහ ඇන්ටිපෝඩියන් ඇල්බට්‍රොස් යන විශේෂයන් ලෙස සැලකේ. කතුවරුන් කිහිප දෙනෙක් තවමත් එකම විශේෂයේ සියලුම උප විශේෂ ලෙස සලකති. [4] මෙම විශේෂය බෙදීම සඳහා SACC යෝජනාවක් මේසය මත තබා ඇති අතර [5] බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් දැනටමත් එය බෙදී ඇත. ඇම්ස්ටර්ඩෑම් ඇල්බට්‍රොස් සමඟ එක්ව එය ඉබාගාතේ යන ඇල්බට්‍රොස් විශේෂ සංකීර්ණය සාදයි. ඉබාගාතේ යන ඇල්බට්‍රොස් දකුණු ඩයොමෙඩියා (මහා ඇල්බට්‍රොස්) කුලයේ විශාලතම සාමාජිකයන් දෙදෙනාගෙන් කෙනෙකි. එය දකුණු රාජකීය ඇල්බට්‍රොස්වලට සමාන වේ. එය ලොව විශාලතම පක්ෂීන්ගෙන් එකක් වන අතර ඕනෑම ජීවී පක්ෂියෙකුගේ විශාලතම පියාපත් ඇති අතර ලෝකයේ වඩාත්ම දන්නා සහ අධ්‍යයනය කරන ලද පක්ෂි විශේෂයකි. මෙයද බොහෝදුරට කුරුල්ලන්ගෙන් එකෙකි.

:       1       46

MaheeWednesday, 14 August 2019 08:35 AM

"මෙයාද බොහෝදුරට කුරුල්ලන්ගෙන් එකෙකි". අන්න ඒ ටික නම් තේරුණා...

:       5       11

shantha Qatar Wednesday, 14 August 2019 08:56 AM

මේක සත්ව විද්‍යාව පිළිබඳ පන්තියක් නෙවේ. පත්තරේ බලන්නේ සරල සාමාන්‍ය තොරතුරු දැනගන්න. ඔබගේ වර්ණනාව නම් හොඳයි. නමුත් එ්ක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ.

:       126       6

chandimaThursday, 15 August 2019 02:18 AM

තණකොළ කෑවට තප්පුලන්න එපා. එතකොට තමයි මිනිස්සු දැනගන්නේ.

:       0       0

de silva Wednesday, 14 August 2019 07:09 AM

පක්ෂියා කවුද කියලා දන්නේ කවුද? රජයේ අනිකුත් නිලධාරීන් වගේ වනජීවී නිලධාරිනුත් තමන්ගේ විශයපථයට අදාල මේ පක්ෂියා ගැන මුකුත්ම දන්නේ නැතුව ඇති...

:       0       4

Enthusiast Wednesday, 14 August 2019 07:31 AM

මේ ෆ්රිගට් බර්ඩ් නමැති මුහුදු පක්ෂියකුගේ ගැහැණු සතෙකි.

:       0       17

sachithWednesday, 14 August 2019 12:00 PM

ඔබතුම හරියටම හරි. ඔබතුමා කිව්වා නම මම ගූගල් එකේ සර්ච් කරලා බැලුවා, පිරිමි සතාට රතුපාට බැලුමක් වගේ තියෙනවා නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site