IMG-LOGO

නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දැදුරු ඔය ජලාශයේ නින්දගම පැරණි වෙල් යාය ආශ්‍රීත ව සිදුවන නීති විරෝධි  මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශය දැවැන්ත විනාශයකට ලක් වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදුවන මෙම දැවැන්ත පරිසර හානිය පිළිබදව කිසිදු වගකිව යුතු රාජ්‍ය නිලධාරියකුගේ අවධානය යොමු නොවිම බරපතල තත්ත්වයක් බව ඔවුහු චෝදනා කරති.

වෙල් යාය තුළ ස්කේවේටර් යන්ත්‍ර තුනක් යොදා ගනිමින් දැවැන්ත වලවල් හාරා  වැලි කපන අතර එසේ කපන පස් සහිත වැලි ටිපර් රථ 30 ක් පමණ යොදාගනිමින් ප්‍රවාහනය කෙරේ.

එම ස්ථානයට කිලෝ මීටරයකට ආසන්න දුරකින් තවත් ස්ථානයක පස් කපන ආකාරය ද දැකිය හැකිය. කිසිදු බියකින් සැකයකින් තොරව සිදුවන මෙම දැවැන්ත ජාවාරම නිසා ජලාශය අවධානමකට ලක්ව තිබුනද මෙම විනාශයට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට ගිජූවි නීතිය පසෙකට දමා ඇති බවට බරපතල චෝදනාවන් එල්ල වී තිබේ.

මේ පිළිබඳව කුරුණෑගල වාරි මාර්ග අධ්‍යක්ෂ මාලනි කුලතුංග මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.

“මේ කිසිම කෙනෙකුට බලපත්‍ර ලබා දී නැහැ. මේක කිසියම් පිරිසක් කරන නිති විරෝධි ක්‍රියාවක්.වහාම මේ ගැන සොයන්න කටයුතු කරනවා . මොකද මේ ජාවාරම්කරුවන් නිසා අපිට පුදුම කරදරයක් තියෙන්නේ“

 



අදහස් (0)

නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 330 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site