
(නිමන්ති රණසිංහ සහ කේ ඩි දේවප්‍රිය )
කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.
මෙහි ප්‍රධාන අපරාධකරු ලෙස මේ වන විට හඳුනාගෙන සිටින ‘දෙබරවැව රුවන්’ නමැති නිදන් හොරකු සොයා මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි කිරින්ද පොලීසිය පවසයි.
පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දාගැබ කඩා එහි නිදන් කර තිබූ පූජාවස්තු පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් එක් අයෙක් යුද හමුදා නිලධාරියෙක් පොලීසියට භාරදී ඇතැයි ද සදහන් වෙයි.
මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරියා සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු මේ වන විට කිරින්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබ ඇති බව සලකන අතර පරිවාර දාගැබ් වසබ රජු දවස ඉදිකළ බව සැළකෙයි.
මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් ද ආරම්භ කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධකරුවන්ට රජකාලේ දඩුවම් දෙනන ඔනි
මේ ජාතික අපරාධයේ සාක්ෂියක් අල්ලාගත් හමුදා සෙබලාට ජාතියේ උපහාරය හිමිවිය යුතුය. ජාතික වශයෙන් වැදගත් යමක් වූයේ නම් ඒහි හමුදා පොලිස් විරුවකු අනිවාර්යයෙන්ම ඇත. ඒම වීරත්වය නුරුස්නා අය හමුදාවත් සාමාන්‍ය ජනතාවත් අතර විරසක ඇතිකිරීමට නොයෙකුත් උපක්‍රම යොදන බව ජනතාව තේරුම් ගත යුතුය.
පව් කාරයින්. මෙලොවදිත් බොහෝ දුක් විඳ පරලොවදිත් දුගතියටම යනු ඇත.
ඔන්න දැන්මම කිව්වා මුස්ලිම් අපි සම්බන්ධ නැහැ ඕවට;
දැන් කාලේ පාලකයින්ට ඓතිහාසික කිසිවක්ම පේන්න බැරිහැටි... කාලෙකට ඉස්සෙල්ලා කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩුවා එකෙක් කිව්වා කඩපු එකාගේ මයිලක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ කියලා... මාස කීපයකට පෙර චීන්නු ලවා වැවක් හෑරෙව්වා. ඉන් පස්සේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මංතීරු හදන්න ගත්තා.. මේක අනික හමුදා ආරක්ෂාව තියෙන තැනක කොහොමද චෛත්‍යයක් හාරලා නිධන්වස්තු කොල්ලකන්නේ..?