( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
72 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානය පෙන්නුම් කරමින් නැව් කිහිපයක් මෙන්ම ප්‍රහාරක යාත්‍රා කීපයක් ද කොළඹ ගාලුමුවදොර ආශ්‍රිත දියඹේ ගමන් කරන අයුරු දැකගතහැකි විය.
අතර එය නැරඹිමට මහජනතාව ද මේ වන විට ගාලුමුවදොර පිටියට පැමිණෙන අයුරු දැකගතහැකි විය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවට විහිළු සැපයීමක් මේ. බඩු මිල අහස උසට... ලයිට් කපන්න හදනවා. ඉන්ධන බිල ගෙවා ගන්න බැරිව. මෙයාලා මගුල් නටනවා ජනතාවගේ බදු මුදල් වලින්...
කිසි ගතියක් නැහැ. නිදහස සැමරීම එක තැනක. නාවික හමුදා දර්ශන වෙන තැනක. ගුවන් හමුදාවේ සංදර්ශන නැහැ. හේතුව ස්ථානය...
නිමල් මහත්මයා, "ජරාපලනය" වසර 5ක් රට වනසා, රටට දායාද කර ඇති ඵලවිපාක හේතුවෙන්, තාවකාලිකව විඳින්න වී ඇති දුක් කම්කටොලු හේතුවෙන්, අභිමානවත් ශ්‍රී ලාංකික නිදහස සමරන්න එපා කියලද ඔබතුමා දේශනා කරන්නේ? ඔබට අඩු මිලට පාන් ගෙඩිය ලොකුවුණාට, දවසට පැය කිහිපයක් කරුවලේ ඉන්න ඔබතුමාට බැරිවුණාට, මේ ශ්‍රීමත් රටේ ජීවත්වන අපට, අතීතයේ දුක් කම්කටොලු රාශියක් ගෙවා, ජීවිත පරිත්‍යාගයෙන් 1505 සිට විදේශ රටවලට යටත්ව සිට 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා, 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකික ජනරජයක් බවට පත්වී, 2009 මැයි 19වැනි දින ත්‍රස්තවාදීන්ගෙන් සහ විදේශ බලවේගයන්ගෙන් රට බේරා ගැනීම... ඇතුළු අනෙකුත් ජයගැනීම් සැමරීම අප අගය කරන්නෙමු. ඒ රටේ ජීවත්වන ප්‍රගතිශීලි අපේ ප්‍රාර්ථනාවයි. ඔබ ලාබෙට පාන් කකා, ලයිට් එක දමාගෙන, ලාබෙට පෙට්‍රල් ගසා, ඒ සියල්ල ආනයනය සඳහා අවශ්‍ය වන විදේශ විනිමය නාස්ති කරමින් සන්තෝෂ වන්න...
චම්පා මැතිනිය, නිදහස් සැමරුම පැවැත්වුයේ කොළොඹ 7 ටොරින්ටන් දීය. නාවුක හමුදාවට ඇත්තේ නැව් පමණි. ඒවා ටොරින්ටන් නගරයට ගෙන එමටනම් නැව් වලට රෝද සවිකර, ගාලු මුවෝදර සිට ගාලු පාරේ පැමිණ, කොල්ලුපිටයට පැමිණ, පාර දිගේ පැමිණිය යුතුය. නැව් විශාල නිසා, පාර දෙපැත්තේ නිවාසයන් කඩා ඉඩ ලබා ගත යුතුය. 2021 දී අප එසේ කරමුද? ඔබේ අදහසේ වටිනාකම කොපමණද කියලා දැන් හිතාගන්න පුළුවන්නේ. මැතිනිය, ඔය කඩේ ගියා ඇති. රටේ පාලකයෝ හොදක් කරනා විට, අප ජනතාව කළ යුත්තේ ඔවුන්ගේ කකුලෙන් ඇදීම නොව. ඒ රටට වඩා තමන්ගේ ගෝත්‍රික දේශපාලනයට ආදරය කරන කුහකයන්ගේ ක්‍රියාවක්. 1950 කාලයේ ජෝන් කොතලාවලටත්, 1960 කාලයේ ඩඩ්ලි සේනානායක ටත්, 1970 කාලයේ සිරිමාටත්, 2015 දී මහින්දටත් ........ අප ඒවා කර අද පව් ගෙවමින් සිටි. අපේ දරු පරම්පරාවට ආදරයක් තිබෙනවානම්, කුහක දේශපාලනයෙන් බැහැරවී, දෙපාරක් සිතන්න.
නිදහස් උළෙලකදී මෙතෙක් පැවති සම්ප්‍රදාය බිඳී ගිය බැව් ඔබ නොදැක්කාද ? මෙතෙක් උළෙලට පැමිණි ජනාධිපතිවරයෙකු පිළිගනු ලැබූයේ අගමැතිවරයා විසිනි. මල්ලී පිළි ගැනීමට ලැජ්ජා නිසා එසේ වූවාදැයි අපි නොදනිමු. එසේම ජනාධිපතිවරයාගේ තීරණ ඔය ලෙසම බොල් වේවිදැයි අපට සිතා ගත නොහැකියි. එසේම උසාවියෙන් වරදකරුවන් වූ හොරුන්ට ඉහළ පුටු පිරිනමමින් යහපත් ගමනක් යාවි යැයි ඔබ වැන්නෙක් සිතුවාට අපි නම් එසේ සිතන්නට මෝඩ නොවෙමු. තව එකක් කියන්නම්. ආර්. එස්. ව්‍රැප් කීවා සේ රාමුව තුළ සිටින්නාට පින්තූරය හොඳින් දැක බලාගත නොහැකිය යන්න මා දන්නා කියමනකි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටතටත් විත් මදක් විපරම් කරන ලෙස මම අයදිමි.
මෙතන කමෙන්ට් කරපු බහුතරයක් 3% කට්ටිය වගේ. වැරදි පැත්තම තමයි දැකලා තියෙන්නේ...