දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුගේ පළමු රුසියා නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදිකර තිබේ.
රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.
ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂ්කර කාලයේදී උදව් කළ මිතුරු රටවල් හා හොදින් සම්බන්දකම් පැවැත්වීම ඉතා හොඳයි