දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුගේ පළමු රුසියා නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදිකර තිබේ.
රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.
ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.






2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට ජනපති මෛත්‍රීගෙන් පුෂ්පෝපහාර
kumar (galf) Thursday, 23 March 2017 11:04 AM
දුෂ්කර කාලයේදී උදව් කළ මිතුරු රටවල් හා හොදින් සම්බන්දකම් පැවැත්වීම ඉතා හොඳයි