(සමන් විජය බණ්ඩාර)
නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම විම සඳහා අද ( 19 ) මහනුවර බලා පිටත් විමට හිඟුල, මාවෙල මල්වතු විහාරයෙන් ගමන් ආරම්භ කිරිම පස්වරු 5.30 ට පමණ සිදු කරනු ලැබීය.
‘රාජා ඇතා‘ පිටත්ව යෑමට පෙර මාවෙල මල්වතු විහාරස්ථානය ආසන්නයේ ඇති හිගුල් ඔයෙන් ස්නානය කර පිරිසිදු වි විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිවරුන්ගේ සහ ප‍්‍රාදේශවාසීන්ගේ විසින් ලබා දුන් ප‍්‍රනීත පළතුරු අනුභව කිරිමෙන් පසුව විහාරාධිපති උනන්තැන්නේ රතනසාර හිමියන්ගේ සහ සෙසු මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනාවෙන් පසු පිරිත් නුලක් ද ගෙලේ පළඳා ගෙන මහනුවර බලා ගමන් ආරම්භ කිරිම සිදු කරනු ලැබුවේ මහා සංඝරත්නයේ පාද නමස්කාර කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.
පසුගිය ආගොස්තු 14 වැනි දින 9.32 යෙදුණූ සුභ මොහොතින් මහනුවර බලා යෑමට නැඳුන්ගමුව හර්ෂ විජය වෙද රාළහාමිගේ නිවසින් පිටත් වු රාජා මෙවර දළදා කරඬුව වැඩම වන්නේ 12 වැනි වතාවටය.
අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහර කරඬුව වැඩම වු නැඳුන්ගමුවේ රාජා ඈතා පසුගිය වසරේ ජුලි, ආගොස්තු මාසයේ ඇති වු අසනීප තත්වයක් මත කරඬුව වැඩම විමට නොහැකි විය. නමුත් මෙවර හොඳ ශරිර සෞඛ්‍යකින් පසු වු රාජා කරඬුව වැඩම විම සඳහා ගමන් කර අතර මහ මග බොහෝ ජනයාගේ වන්දනාවටද රාජා ලක් වු අතර විදේශිකයන්ද රාජා ඇතා දැක බලා ගැනිමට මග දෙපස රැදී සිටිනු දැක ගත හැකි විය.
දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.
මහනුවර බලා පිටත්ව යන හස්තියා මහනුවර පෙරහැර අද අවසන් වෙනවාත් සමගම මහනුවරට ළගා වෙන අතර 21 වැනි දින සිට පෙරහරේ කරඬුව වැඩම විමට නියමිතව පවතින බවද කියයි. රාජා ඇතා වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් මහනුවර බලා යන තෙක්ම ආරක්ෂාව ලබා දෙන අතර අදාල පොලිස් බල ප‍්‍රදේශයන් වලදි පොලිස් රථ වාහාන අංශයේ නිලධාරින් රාජා ඇතාට ආරක්ෂාව ලබා දෙන අන්දම දැක ගත හැකියි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත ඇත් රජුට තවත් චිරාත් කාලයක් නිරෝගී සුවය ලබමින් ශ‍්‍රී දළදා කරඩුව වැඩමවීමට ලැබේවා.
රාජා හස්තියාට ලබා දිය යුත්තේ මාර්ග ආරක්ෂාව සහ මග දෙපස ඉඩ අරන් දීම යයි මගේ හැඟීමයි ..එහෙව් එකේ හමුදාවෙන් ගිනි අවි රැගෙන ආරක්ෂා කරන්නේ කාවද යන්න මට නම් ගැටලුවකි...
කෝ මේ ගල්ෆ් (කුමාර)...... ?
ඇතාට ආරක්ෂාව දෙන්න ඕන නිසා හමුදාව යනවා මිස වෙන කාවවත් ආරක්ෂා කරන්න හමුදාව යන්නේ නෑ. ඇතාට ආරක්ෂාව දෙන්නේ දළදා මාලිගාවේ ශ්‍රී සදතුක කරඩුව වඩම්මන නිසා. මොකද නැදුන්ගමුවේ රාජාට කරදරයක් වුනොත් කරඩුව වැඩම්මන්න තරම් සුදුසු ඇතෙක් ලංකාවේ නැති නිසා ආරක්ෂාව දිය යුතුම වෙනවා
සත්තුන්ට මිනිස්සුන්ටත් වැඩිය සලකන මිනිස්සු තමන්ගේම වර්ගයාට සත්තුන්ටත් වැඩිය අන්ත විදිහට සලකනවා.
මට නම් හිතෙන්නෙ නැදුන්ගමුවේ රාජා කියන්නෙ ජාතියේ ප්‍රෞඪ ලාංඡනය කියලා. මේ පින්වන්ත හස්ති රාජයාට තව තවත් ආරක්ෂාව රැකවරණය ලබා දෙන්න ඕනෙ
ගජගා වන්නමටම ගැලපෙන ඇතා... චිරං ජයතු !
හමුදා ආරක්ෂකයින් සිටියත් නැතත්, මා සිතන්නේ නැහැ මේ ඇතාට කිසි කෙනෙකුගෙන් හිරිහැරයක් වේය කියා. මා සිතනවා මේ ඇතා සමග ගමන් ගන්නා ඇත් ගොව්වාත් සුදු පැහැති පිරිසිදු ඇදුමකින් සැරසී ගමන් ගත්තා නම් මීට වඩා යෝග්‍යයි කියා.