IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නැදුන්ගමුවේ රාජා හිඟුලෙන් පිටත්වෙයි

 (සමන් විජය බණ්ඩාර)

නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම විම සඳහා අද ( 19 )  මහනුවර බලා පිටත් විමට හිඟුල, මාවෙල මල්වතු විහාරයෙන් ගමන් ආරම්භ කිරිම පස්වරු 5.30 ට පමණ සිදු කරනු ලැබීය.


‘රාජා ඇතා‘  පිටත්ව යෑමට පෙර මාවෙල මල්වතු විහාරස්ථානය ආසන්නයේ ඇති හිගුල් ඔයෙන් ස්නානය කර පිරිසිදු වි විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිවරුන්ගේ සහ ප‍්‍රාදේශවාසීන්ගේ විසින් ලබා දුන් ප‍්‍රනීත පළතුරු අනුභව කිරිමෙන් පසුව විහාරාධිපති උනන්තැන්නේ රතනසාර හිමියන්ගේ සහ සෙසු මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනාවෙන් පසු පිරිත් නුලක් ද ගෙලේ පළඳා ගෙන මහනුවර බලා ගමන් ආරම්භ කිරිම සිදු කරනු ලැබුවේ මහා සංඝරත්නයේ  පාද නමස්කාර  කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.


පසුගිය ආගොස්තු 14 වැනි දින 9.32 යෙදුණූ සුභ මොහොතින් මහනුවර බලා යෑමට නැඳුන්ගමුව හර්ෂ විජය වෙද රාළහාමිගේ නිවසින් පිටත් වු රාජා මෙවර දළදා කරඬුව වැඩම වන්නේ 12 වැනි වතාවටය.


අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහර කරඬුව වැඩම වු නැඳුන්ගමුවේ රාජා ඈතා පසුගිය වසරේ ජුලි, ආගොස්තු මාසයේ ඇති වු අසනීප තත්වයක් මත කරඬුව වැඩම විමට නොහැකි විය. නමුත් මෙවර හොඳ ශරිර සෞඛ්‍යකින් පසු වු රාජා කරඬුව වැඩම විම සඳහා ගමන් කර අතර මහ මග බොහෝ ජනයාගේ වන්දනාවටද රාජා ලක් වු අතර විදේශිකයන්ද රාජා ඇතා දැක බලා ගැනිමට මග දෙපස රැදී සිටිනු දැක ගත හැකි විය.


දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.


මහනුවර බලා පිටත්ව යන හස්තියා මහනුවර පෙරහැර අද අවසන් වෙනවාත් සමගම මහනුවරට ළගා වෙන අතර 21 වැනි දින සිට පෙරහරේ කරඬුව වැඩම විමට නියමිතව පවතින බවද කියයි. රාජා ඇතා වෙනුවෙන් විශේෂ  හමුදා කණ්ඩායමක් මහනුවර බලා යන තෙක්ම ආරක්ෂාව ලබා දෙන අතර අදාල පොලිස් බල ප‍්‍රදේශයන් වලදි පොලිස් රථ වාහාන අංශයේ නිලධාරින් රාජා ඇතාට ආරක්ෂාව ලබා දෙන අන්දම දැක ගත හැකියි.

 

 

 



අදහස් (13)

නැදුන්ගමුවේ රාජා හිඟුලෙන් පිටත්වෙයි

erdi Sunday, 19 August 2018 07:56 PM

වාසනාවන්ත ඇත් රජුට තවත් චිරාත් කාලයක් නිරෝගී සුවය ලබමින් ශ‍්‍රී දළදා කරඩුව වැඩමවීමට ලැබේවා.

:       0       171

abaran Monday, 20 August 2018 12:23 AM

රාජා හස්තියාට ලබා දිය යුත්තේ මාර්ග ආරක්ෂාව සහ මග දෙපස ඉඩ අරන් දීම යයි මගේ හැඟීමයි ..එහෙව් එකේ හමුදාවෙන් ගිනි අවි රැගෙන ආරක්ෂා කරන්නේ කාවද යන්න මට නම් ගැටලුවකි...

:       214       404

සිරි Monday, 20 August 2018 02:19 AM

නොතේරන දේවල් වලට කට දාලා මෝඩකම පෙන්වන්න එපා අබරන්

:       1       112

abaranTuesday, 21 August 2018 06:10 AM

ඉතින් අපිට තේරුම් කරලා දෙන්නකෝ සිරි මහත්තයෝ..

:       0       3

samankMonday, 20 August 2018 04:24 AM

හමුදාව ගිනි අවි රැගෙන මෙපමණ කලක් ආරක්ෂා කලෙත්, කරන්නෙත් මහජනතාව. අනික "ආරක්ෂාව " සපයන්න නම් නිල වශයෙන් සපයා ඇති ගිනි අවියත් තියෙන්න ඕන.මේවා සාමාන්‍ය දැනීම.

:       1       91

මල් අප්පුMonday, 20 August 2018 07:20 AM

ගිනි අවි නැත්නම් මග ‌දෙපස ඉඩගන්න බැහැ අබරන්.

:       0       26

amilaMonday, 20 August 2018 07:41 AM

වැඩකට නැති දේශපාලුවෝ පස්සේ ගිනි අවි ගත්ත කී දෙනෙක් වාහන කීයක් යනවද. මෙම ඇතා ජාතික සම්පතක්. අද කාලේ ඇත්තුන්ට තියන තර්ජන එක්ක බැලුවම සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමේ ගැටළුවක් නම් පේන්නේ නෑ.

:       0       101

jayasekara Monday, 20 August 2018 05:34 AM

කෝ මේ ගල්ෆ් (කුමාර)...... ?

:       0       1

hansali Monday, 20 August 2018 07:13 AM

ඇතාට ආරක්ෂාව දෙන්න ඕන නිසා හමුදාව යනවා මිස වෙන කාවවත් ආරක්ෂා කරන්න හමුදාව යන්නේ නෑ. ඇතාට ආරක්ෂාව දෙන්නේ දළදා මාලිගාවේ ශ්‍රී සදතුක කරඩුව වඩම්මන නිසා. මොකද නැදුන්ගමුවේ රාජාට කරදරයක් වුනොත් කරඩුව වැඩම්මන්න තරම් සුදුසු ඇතෙක් ලංකාවේ නැති නිසා ආරක්ෂාව දිය යුතුම වෙනවා

:       0       17

janahitha Monday, 20 August 2018 07:19 AM

සත්තුන්ට මිනිස්සුන්ටත් වැඩිය සලකන මිනිස්සු තමන්ගේම වර්ගයාට සත්තුන්ටත් වැඩිය අන්ත විදිහට සලකනවා.

:       44       129

Saman Monday, 20 August 2018 07:20 AM

මට නම් හිතෙන්නෙ නැදුන්ගමුවේ රාජා කියන්නෙ ජාතියේ ප්‍රෞඪ ලාංඡනය කියලා. මේ පින්වන්ත හස්ති රාජයාට තව තවත් ආරක්ෂාව රැකවරණය ලබා දෙන්න ඕනෙ

:       0       97

Saman Monday, 20 August 2018 02:17 PM

ගජගා වන්නමටම ගැලපෙන ඇතා... චිරං ජයතු !

:       0       9

naradha Monday, 20 August 2018 10:41 PM

හමුදා ආරක්ෂකයින් සිටියත් නැතත්, මා සිතන්නේ නැහැ මේ ඇතාට කිසි කෙනෙකුගෙන් හිරිහැරයක් වේය කියා. මා සිතනවා මේ ඇතා සමග ගමන් ගන්නා ඇත් ගොව්වාත් සුදු පැහැති පිරිසිදු ඇදුමකින් සැරසී ගමන් ගත්තා නම් මීට වඩා යෝග්‍යයි කියා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site