(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් 1990 වසරේ ජුලි 11 වැනිදා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරිහු 600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
එම පොලිස් නිලධාරින් සිහිකිරීමේ 30 වැනි සැමරුම අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පොලිස් රණවිරු ස්මාරකය අසලදී අද (11) පවත්වනු ලැබීය.
මෙම සැමරුමේ ප්‍රධාන ආරධිතයා ලෙස අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා සහභාගි විය. පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා විසින් පළමුව පොලිස් කොඩිය අඩකුඹු කළ අතර පසුව මල්දමක් තබා පොලිස් රණවිරු ස්මාරකයට ආචාර කළේය.
පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු වන ජයරත්න සහ අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ යන මහත්වරු සහ අනෙකුත් පොලිස් නිලධාරිහු මල්දම් තබා ස්මාරකයට උපහාර දැක්වූහ.
කොරෝනා අවදානම හේතුවෙන් නිරොධායන නීතිවලට යටත්ව මෙම සැමරුම පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුදුරු මිනීමරු ත්‍රස්තවාදී මස් වැද්දන්ගේ පීඩාවන්ට ලක්වී රට, ජාතිය වෙනුවෙන් දිවි පිදූ අභීත පොලිස් විරුවන් හට අපගේ උපහාරය !!!
එදා ඒ පොලිස් නිලධාරීන්ට ත්‍රස්තවාදීන් හමුවේ යටත් වෙන්න අණදීපු රාජ්‍ය නායකයින්ටත් මල්වඩමක් තියන්න අමතක වෙන්න ඇති.
ප්‍රධාන අමුත්තා හැටියට ගෙන්න ගන්න තිබ්බේ... ඔය මිනීමරු වැඩේට අණකරපු, දැන් ආන්ඩුවේ කුක්කු බබා වගේ ඉන්න ජාතික වීරයාව....
භටයන් හා නිලධාරීන් 600 ක් දෑත් බැඳ රූපස්කුලම් කැලෑවට ගෙන යද්දී එවකට බලයේ සිටි ආර්. පේ‍්‍රමදාස රජය බලා සිටියේය. මේ සමයේ නැගෙනහිර හමුදා භට පිරිස් කඳවුරුවලට සීමාකර තිබිණි. එදා විදේශ ඇමැතිව සිටි ඒ. සී. එස්. හමීඞ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති කොටි සාම සාකච්ඡා නිසා හමුදාවට කඳවුරුවලින් දොට්ට බැසීම තහනම් විය. මෙවන් පසුබිමක් මැද කොටි නැගෙනහිර පොලිස් ස්ථානවලට කඩාවැදීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී තිබිණි. 1990 ජුනි 31 කලවංචිකුඩි පොලිසියේ සිට අපට ඇමතුමක් ලැබිණි. බම්බලපිටිය පොලිසියේ සිට කලවංචිකුඩි පොලිිසියට මාරුවීමක් ලැබූ අප හිතවත් පොලිස් පරීක්‍ෂකවරයකුගෙන් ලත් එම පණිවිඩයෙන් කියැවුණේ කොටි එක්වරම පොලිස් ස්ථානවලට කඩාවැදීමට ළඟම එන බවයි. මෙදින රාත‍්‍රියේ 8.30 ට පමණ ඔහු දුක්මුසු ස්වරයකින් අපව ඇමතුවෙමි. ‘කොටි කලවන්චිකුඩි පොලිසිය වැටලූවා. අපට අවි බිම තබා යටත් වන ලෙස නියෝග කළා. අපේ දිවි බේරා ගැනීමට හමුදාවේ සහාය හෝ ලබාදෙන්න යැයි එම පොලිස් නිලධාරියා ආයාචනා කළේය. නැගෙනහිරදී පොලිස් භටයන් 600 ක් අල්ලා ගැනීමේ සිද්ධිය එකල රජය ජනතාවට වසන් කළේය...
මියගිය සියලුම පොලිස් නිලධාරී මහත්වරුනේ, මතු ඉපදෙන කිසිම ආත්මයක ඔබලාට මෙවැනි රුදුරු විපතක් නොවේවා. සසරේ මතුයම් දවසක බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනාවේවා කියලා මම ඔබලාට පින් දෙන්නම්..
මේ තමයි නියම යුධ අපරාධ. හැබැයි කිසිම ආණ්ඩුවක් LTTE යුද අපරාධ ගැන නිවැරදි සවිස්තර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දීලා නැහැ මම දන්නා විදිහට... සැසිවාරවල කතා කරන එකයි වාර්තාවක් සභාගත කරන එකයි දෙකක්. කොච්චර පෙන්නලා දුන්නත් බොහෝ රටවල් ගන්නේ දෙමළ කොටි ඩයස්පෝරාව පැත්ත කියලා කෙනෙක් උකටලී වෙන්න පුළුවන්. ඇත්ත පෙනිපෙනීත් බොහෝ රටවල් එහෙම කරන්නේ ඒ රටවල ඉන්න විශාල දෙමල ඡන්ද දායකයින් ප්‍රමාණය නිසා සහ කොටි ඩයස්පෝරාව ඡන්ද වැඩවලට විශාල වශයෙන් මුදල් වියදම් කරන නිසා... ලංකාවට එරෙහි ජාත්‍යන්තර රාජ්‍ය නොවෙන සංවිධාන යැපෙන්නේ කොටි අරමුදල් වලින්... ඊට අමතරව කලින් හිටපු මානව හිමිකම් කොමසාරිස් කාලේ කොමිසමේ නිලධාරීන්ට අල්ලසුත් දීලා තියෙනවා. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල දේශපාලකයින්ට කිට්ටු පිරිස් අතරේ කොටි සංවිධානයට හිතවත් දෙමළ ජාතිකයන් සේවය කරනවා. ඔවුනුත් ලංකාවට එරෙහි වෙන්න විවිධ බලපෑම් කරනවා. විවිධ රටවල් වලට මානව හිමිකම් චෝදනා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, එම රටවලටම සහ ත්‍රස්තවාදී සංවිධාන වලට අවි ආයුධ විකුණන ආයුධ වෙළෙන්දන්ට එරෙහි නොවීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියයි.
ලෝකයේ රුදුරුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුළු ලෝකයාටම කලේ සෙතක්... හැබැයි බලවත් රටවල් කලේ ඔවුන්ගේ බලපෑම් වලට යටත් නොවී කොටි පරාජය කරලා ලංකාව ගොඩ ගත්ත මහින්දව බලයෙන් පහකිරීම... කොටි සංවිධානයට නවීන අවිආයුධ හා සන්නිවේදන උපකරණ විකුණමින්, පුහුණු වීමේ පහසුකම් සපයමින් සහ අරමුදල් එකතු කරන්න ඉඩදෙමින් ඩොලර් බිලියන් ගණන් ආදායම් උපයපු ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල්, LTTE පරාජය කරලා ඔවුන්ගේ ආදායම් අහිමි කරපු මහින්දට එරෙහි වීම පුදුමයක් නෙමෙයි. අද එම රටවල්ම, විශේෂයෙන් ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදන්නේ ඇමරිකන් ගැති ලංකාවේ ජනාධිපති සහ ඇමරිකන් ජාතික පොහොට්ටුවේ නිර්මාතෘ මගින් අපේ ඉඩම් අයිති කරගනිමින්. MCC අත්සන් කලොත් නම් ජනාධිපතිව තනතුරෙන් නෙරපිය යුතුයි. විදේශිකයන් විශාල වශයෙන් අපේ ඉඩම් මිලට අරන් තියෙනවා. ඉන්දියාවේ ඉන්න බෝරා කාරයෝ ලංකාවට එන්න අහන්නේ බණ්ඩාරවෙල තියෙන ඔවුන්ට අයත් ගොඩනැගිල්ලේ ඉන්නලු. ඒක හින්දා අවසර දුන්නලු. කොහොමද ඒක?
කවුරු කවුරුත් තම තමන්ගේ පක්ෂ, පාට කණ්නාඩි වලින් හිතලා බලලා සිද්ධිය ගැන කමෙන්ට් දාලා තියෙනවා...
උපහාර පිදීමට කළින් මේ නිරායුධකර ඝාතනය කළ තම පොලිස් නිලධාරින්ට නීතිය පැත්තෙන් සාධාරණය කරන්න. ඒ දේ කරන්න බැරිනම් පොලිසියෙන් ඇති වැඩේ මොකක්ද?