
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වියහැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10.30 ට යෙදී තිබූ සුබ මොහොතේදී සමරු ඵලකය නිරාවරණය කරමින් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කළේය.
මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු සහ විදේශ තානාපතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වියහැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු" වරාය නගරයටත් ඕකම නේද කීවේ? කෝ කෝටි..?
මුලින්ම තමන්ගෙ නම කොටාගන්න හම්බන්තොට වරාය නොහදා නැගෙනහිර හා බටහිර පර්යන්ත හැදුවා නම් ලංකාව ණය උගුලේ හසුවී මෙතරම් අසීරු තත්වයක් ඇති නොවෙන්න තිබුණා නේද? බලන්න මේකෙත් නමක් කොටන්න පුළුවන්ද කියලා?
තවත් අවුරුදු 3ක් විතරයි. ඉක්මන් කරලා අලුත් ව්‍යාපෘති ටිකක් පටන්ගත්තොත් තමයි කමිෂන් එක හම්බ වෙන්නේ...
ක්‍රීඩා ඇමතිට කිව්වේ නැද්ද ? එච්චරයි අඩු.
රටක් සංවර්දනය වෙනවානම් අනිවාර්යෙන් අපි අගය කල යුතුයි.
හම්බන්තොට රාජධානිය හදපු වෙලාවේ ඕක කලානම් අද ඔයත් දිනුම් රටත් දිනුම්.