IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධර්මන් වික්‍රමරත්නගේ 54 වන කෘතිය දොරට වඩී

(ළහිරු හර්ෂණ)

ධර්මන් වික්‍රමරත්නගේ 54 වන කෘතිය වන ‘‘කොම්රේඩ් ලයනල්‘‘ කෘතිය දොරට වැඩුම අද (05) කොළඹ 5 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර , ආචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

        ‘‘ “කොම්රේඩ් ලයනල්’’  ග‍්‍රන්ථය තරුණයෙකුගේ කතාවකි. තරුණයෙකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයෙකුගේද කතාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ජවිපෙ 2 වැනි කැරැල්ලේ දී එහි ප‍්‍රායෝගිකත්වය ක‍්‍රියාවට නැගූ කැරලිකරුවෙකුගේ සත්‍ය කතාවකි.

මෙම කතාවේ කතා නායකයා ලයනල් රණසිංහය. ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි. පසුව 1986 දී ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයෙකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන් මඟ අනුව එය ක‍්‍රියාවට නඟමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා, එජාප මහ ලේකම් නන්දලාල් ප‍්‍රනාන්දු සහ කොළඹ එජාප නාගරික මන්ත‍්‍රී ජයන්ත මල්ලිමාරච්චි ඇතුළු 41ක් ඝාතනය කළ ලයනල් රණසිංහගේ ජීවිතය අලලා ලිය වූ සත්‍ය කතාවකි.‘‘

ධර්මන් විකරසත්මරත්න මහතා විසින් "කොම්රේඩ් ලයනල්" කෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ප්‍රධානය කල අයුරු ඡායාරූපයේ දැක්වේ.

ධර්මන් වික්‍රමරත්න මහතා විසින් "කොම්රේඩ් ලයනල්" කෘතිය ලයනල් රණසිංහ මහතාගේ සහෝදරයෙකු වෙත ප්‍රධානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.   

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (2)

ධර්මන් වික්‍රමරත්නගේ 54 වන කෘතිය දොරට වඩී

මේනකා Tuesday, 05 November 2019 03:39 PM

මම ජේවීපී නොවෙයි. ධර්මන්ගේ සමහර පොත් කියවලා කියවලා තියෙනවා භාගයක් අතින් දාලා ලියන්නේ. බයියෝ ඔහුගේ බොරු කියවනවා.

:       1       9

Sugath Wednesday, 06 November 2019 05:57 AM

මෙතන ඉන්න අය දැක්කම පොත ගැන හිතා ගන්න පුළුවන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site