(චමිල් රුපසිංහ)
ලොව ප්‍රථම හරිත පුණ්‍ය භුමිය ලෙස මහනුවර ශ්‍රී දළදා මාළිගාව නම් කිරීම අද (14) පෙරවරුවේදී දළදා මාළිගා පරිශ්‍රයේදි සිදු කෙරිණි.
අද සිට මාළිගාවට ගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට මාළිගා පරිශ්‍රයට ඇතුළු වීමේදි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල්වට්ටියක් ලබා දිම සිදු කෙරෙන අතර දළදා මාළිගාවේ ඇති කසල දමන බඳුන් සියල්ලම දේශිය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.
දිනකට අපද්‍රව්‍ය ටොන් 3 ක් පමණ දළදා මාළිගා වේ එකතුවෙන බවත් දළාදා මාලිගා පරිශ්‍රයට අද සිට පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම තහනම් වන බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතා පැවැසිය.
පරිසරයට හිතකර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි හා බෝතල් සඳහා පමණක් රැගෙන එන ලෙසද දියවඩන නිලමේවරයා කියා සිටියේය.
මෙම වැඩසටහනේ නිර්මාතෘ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද අද එහි පැමිණ සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම පාසලක්වත්, එකම අපනයන කම්හලක්වත්, එකම රෝහලක්වත්, එකම නිවාස යෝජනා ක්‍රමයක්වත්, එකම විශ්ව විද්‍යාලයක්වත් අලුතින් නොහදපු මේ අය සිංහල රජකාලේ හදපුවට අලුතින් නම් දමමින්, එ්වට උත්සව පවත්වමින් ජනතා මුදල් කාබාසිනියා කරනවා.
කවුරු කළා වුණත් හොඳ දේවල් අගය කළ යුතුයි. මොකද දළදා මාලිගාව කියන්නේ අපේ උරුමයක්... එය අපි රැක ගත යුතුයි. මෙවෙනි හොද දේවල් තව තවත් කරන්න, අපේ දේවල් රැක දෙන්න ආණ්ඩුවක් විදියට, අපි එවැනි දේවල් බලාපොරොත්තුවෙන් තමයි, නියෝජිතයෝ පත් කලේ.
හතර වටේ තියෙන කුණු වලට පිළියමක් හොයාගන්න බැරිව, බොරුවට දළදා මාලිගය ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය කියලා දාගෙන. පරිසරයට හිතකාමී පුණ්‍ය භුමි මම මීට කලින් දැකල තියෙනවා. ඒ රටවල මුළු පරිසරයම දැකුම්කලුයි.
මෙන්න හොඳ ආදර්ශමත් ව්‍යාපෘතියක්... මෙම සංකල්පය හැම ආගමික ස්තානයකටම යොදාගත හැක. මේවගේ දේවල් පටන් අරගෙන විතරක් මදි. අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් යටිතල පහසුකම් සපයන්න. වේවැල්, වට්ටි වගේම, තල්කොළ සහ පොල්කොළ වලින් සාදාගන්න මල්වට්ටි ජනතව අතර ප්‍රචලිත කිරීම සඳහා කුඩා කර්මන්තකරුවන් (දෙශීය කර්මාන්තය) දිරිගන්වන්න .