












(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 03 ක පමණ කාලයක් වසා දමා තැබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය මහජනතාව වෙත නැවත විවෘත කිරීම අද (15) උදෑසන සිට යළි ඇරඹිණි.
සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි කුඩා දරුවන් ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් වෙත මල් කළඹක් පිරිනමා ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් සුහදශීලීව පිළිගන්නා ලදී.
සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ පුද්ගල දුරස්ථභාවය පිළිබද සැලකිලිමත් වෙමින් මහජනයාට උදෑසන 8.30 සිට සවස 05 දක්වා සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව හිමි වන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 3.30 ට අවසන් කරන බවත් කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් සතුන්ට පවා බෝවිය හැකි නිසා හැකි තරම් සතුන්ගෙන් ඈත්ව සිට සතුන් නරඹන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.
පාසල් නිවාඩුව තවදුරටත් ක්‍රියාත්මක නිසා කුඩා දරුදැරියන් රැසක් තම දෙමාපියන් සමග අද උදෑසනම සත්වෝද්‍යානය නැරඹීම සදහා පැමිණි සිටි අයුරු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වත්ත බලන්න චූටිකාලේ අපේ ගෙදර අයත් එක්ක ගියාම මම හරි සතුටු වුනා. ඒ කාලේ අපේ තාත්තගේ බොක්ස් කැමරාවෙන් ෆොටෝ එහෙමත් ගත්තා. ඉස්කෝලේ යාලුවන්ටත් ෆොටෝ පෙන්වලා සතුටුවුණා.. නමුත් අදවනවිට මම වෙනස්ම මිනිහෙක් වෙලා. සතුන් සිරකරගෙන තබාගෙන, අපිට අවශ්‍ය ආහාර ඒගොල්ලන්ට කෑම සඳහා දීලා.. කූඩු කරලා.. එළියේ ඉඳගෙන ඒ අයදිහා බලලා අපි මහාම මහා කාලකන්නි සතුටක් ලබනවා. කැලෑවේ ජීවත් වනවිට ඒ සතුන් ආහාර සොයාගෙන කන්නේ. ඒ ගොල්ලන්ට අවශ්‍ය ඒවා. ඒ අයට ලෙඩක් දුකක් ඇතිවුණාම ඒ අය ඉවෙන් ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වනයෙන් සොයාගන්නවා. විලකට ගිහින් නාගන්නවා. යහළුවන් සමග නිදහසේ දුවපැන සතුටු වෙනවා. දැන් දැන් ගොඩක් රටවල්වල විශාල විවෘත සත්ව උද්‍යාන පටන් අරන්... නමුත් ඒ සතුන් ඒ අය අයිති කැලෑවේ විඳින සතුට නිදහස අහිමි කරන්න අපිට ඇති අයිතිය කුමක්ද යන්න මට මහත්ම ප්‍රශ්නයක්.. මට මතක්වෙනවා " born free " කියන අනුවේදනීය සත්‍ය කතාව.. ජෝර්ජ් අැඩම්සන් කියන සතුන්ට පණ මෙන් ආදරය කරපු " මිනිසෙකුත් " එය හදාවඩා ගත්තා " එල්සා " කියන සිංහ ධේනුවගේත් කතාව.. නිදහස පිළිබඳ උත්තරීතර කතාවක්.. මම සතුන්ට පණ මෙන් ආදරෙයි.. එ්ත් ඒ අය කූඩුවල දකින්න කොහෙත්ම කැමති නැහැ.
සොබාදහම හා බැඳී මේ සතුන් දෙස බලා සිටීමම පමණක් මොනතරම් සිතට වින්දනයක් ගෙන දෙනවාද ?... ඒත් මේ සතුන් මෙසේ කොටුවී සිටියත්, ඔවුන්ගේ වර්ගයාත් සමගින් වනාන්තරයේ වනසුව විඳිමින්, කෙලිදොලෙන් සිටින්නාක් මෙන් සතුටක් ඔවුන්ට නැත..
( 2 කොටස )..පසුගිය මාස 3 ම මිනිස්සු වන අපි කොරෝනාට බයේ ලොක්ඩවුන් වෙලා. සුපුරුදු පරිදි එළියට පෙහෙලියට යාගන්න බැරිව විඳපු දුක අපි කාටවත් අමතක නැහැ නේද...? මිනිසාගේ පරිසර දූෂක වැඩපිළිවෙල ඒ මාස 3ට තාවකාලිකව අත්හිටවූ නිසා... පරිසරය නැවතත් පණ ලැබුවා. සොබාදහම් අම්මගේ පාට - හරිත වර්ණයෙන් මුළු ලෝකයම දිදුලන්න ගත්තා. මිනිසා කියන නපුරුම සතාට බයේ වනයේ සැඟවී සිටි සතුන් මිනිසුන්ගෙන් තොරවුණු වනෝද්‍යානවල සිත් සේ කල් ගෙවන්න ගත්තා. දැන් බලන්න.. හෝර්ටන් ප්ලේස් වනෝද්‍යානයේ ගෝන්නු හැම තැනම ගැවසෙනවාලු. පාරවල්වල කොටි පැටවුන් කෙලි දෙලෙන් ගතකරනවාලු. ඒ දවස්වල අපිව කූඩුවලට දමලා වහලා... ටිකක් හිතන්න මාසයක් දෙකක් ගෙදරට කූඩුවෙලා හිටපු අපි මොන දුකක්ද වින්දේ...? එතකොට සත්තු වත්තේ සදාකාලිකවම... මැරෙනකම්ම කූඩු කරගෙන ඉන්න සත්තු මොනතරම් දුක් කන්දරාවක් උහුලාගෙන වෙන්න ඕනද මේ ඉන්නේ...? සතෙක්ව සිරකරගෙන ඒ සතා දිහා බලලා සතුටුවෙන්න මගේ සිත පොළඹවා ගන්න මට නම් බැහැ.. යම් ක්‍රමයකින් මට නොපෙනී යන්න හැකිනම්... මම ඔය සත්තු වත්තේ හිරකූඩු ඔක්කොම ඇරලා ඔක්කොම සත්තුන්ව නිදහස් කරලා.. ඒ ගොල්ලෝ අයිති කැලෑවට යන්න පාර පෙන්වනවා...
( 2 කොටස )..පසුගිය මාස 3 ම මිනිස්සු වන අපි කොරෝනාට බයේ ලොක්ඩවුන් වෙලා. සුපුරුදු පරිදි එලියට පෙහෙලියට යාගන්න බැරිව විඳපු දුක අපි කාටවත් අමතක නැහැ නේද..? මිනිසාගේ පරිසර දූෂක වැඩපිළිවෙල ඒ මාස 3 ට තාවකාලිකව අත්හිටවූ නිසා... පරිසරය නැවතත් පණ ලැබුවා. සොබාදහම් අම්මගේ පාට - හරිත වර්ණයෙන් මුළු ලෝකයම දිදුලන්න ගත්තා. මිනිසා කියන නපුරුම සතාට බයේ වනයේ සැඟවී සිටි සතුන් මිනිසුන්ගෙන් තොරවුණු වනෝද්‍යානවල සිත් සේ කල් ගෙවන්න ගත්තා. දැන් බලන්න.. හෝර්ටන් ප්ලේස් වනෝද්‍යානයේ ගෝන්නු හැම තැනම ගැවසෙනවාලු. පාරවල්වල් කොටි පැටවුන් කෙලි දෙලෙන් ගතකරනවාලු. ඒ දවස්වල අපිව කුඩුවලට දමලා වහලා... ටිකක් හිතන්න මාසයක් දෙකක් ගෙදරට කූඩුවෙලා හිටපු අපි මොන දුකක්ද වින්දේ...? එතකොට සත්තු වත්තේ සදාකාලිකවම... මැරෙනකම්ම කූඩු කරගෙන ඉන්න සත්තු මොනතරම් දුක් කන්දරාවක් උහුලාගෙන වෙන්න ඕනද මේ ඉන්නේ...? සතෙක්ව සිරකරගෙන ඒ සතා දිහා බලලා සතුටුවෙන්න මගේ සිත පොළඹවා ගන්න මට නම් බැහැ.. යම් ක්‍රමයකින් මට නොපෙනී යන්න හැකි නම්... මම ඔය සත්තු වත්තේ හිර කූඩු ඔක්කොම ඇරලා ඔක්කොම සත්තුන්ව නිදහස් කරලා.. ඒ ගොල්ලෝ අයිති කැලෑවට යන්න පාර පෙන්වනවා.. ලෝකය නිදිගත් නිමේෂයක..
මමත් පුංචි සන්ධියේ සත්තුවත්ත බලන්න හරිම කැමතියි. දැන්නම් හරිම අකමැතියි සත්තු වත්තේ සත්තු කූඩු කරලා ඉන්නවා බලන්න. දන්න කියන කවුරුහරි කියන්න, සත්තුවත්ත නිර්මාණය කළ හේතුව සහ දැන් පුළුවන්ද සත්තු වත්ත අහෝසි කරන්න....?
මාත් සත්තු කූඩු කරන් ඉන්නවාට කැමති නැහැ තමයි.. ඒ වුණාට අපි පුංචි කාලේ, මෙයාලාව දැකලා වින්ද ආශ්වාදය.. කුඩා දරුවන් විඳිනවාට අකමැති වෙන්න තරම් මා නපුරු සිත් ඇත්තියක් නොවෙයි..
අනේ හරීම, ආකර්ශනීය සත්වයෙක්නේ මෙයා නම්.. අපිටත් මෙයාගේ පුංචි ගුණයක් සැඟවී තිබෙනවා දැයි හිතෙන්නේ..., අපිත් එක එක වෙලාවල් වලට අපගේ ගුණයන් වෙනස් කරගන්න හින්දා.. තරහ ගියාම එක විදිහක්, අනිත් වෙලාවන්හීදි තව විදිහක්.. ඉතින් අපේ සමහර අයත් මෙයා වාගේ, එක ඇසක් වසාගෙන අනිත් ඇහින් ඇස් ගහන්නේ.. ඔයාලා දැකලා තියෙනවාද..? බෝදලිමා වාගේ පාට වෙනස් කරන් නැතුව ඉන්න එක තමයි ඉතින් වඩා හොඳ.. පෘතග්ජන මිනිසුන් වන අප කී දෙනෙකුටද එහෙම ඉන්න පුලුවන් වෙන්නේ.. පරිසරයේ වෙනස හඳුනාගෙන, තැනේ හැටියට ඇනේ ගහන්න පුලුවන් වැඩ කාරයෙක්නේ මෙයා බලාගෙන යනකොට... සොබාදහමේ තවත් අපූර්වතම විශ්මිත නිර්මාණයක්..
විශ්වීය බන්ධනයේ ප්‍රාතිහාර්යයක මහත... යන්න ඕනේ තැනට නොයා ඔබේ පාමුල මා වැතිරුණු සැටි... අපගේ සත්‍ය වූ ළෙන්ගතුකමට තවත් අටුවා, ටීකා කුමකටද?
විජිත්, ප්‍රිය මිතුර, මම බොහෝ දුරක් කල්පනා කරලයි මෙය ඔයාට ලියන්නේ.. සමිත ලියල තිබුනා ,අපගේ අදහස් නිදහසේ බෙදා හදා ගන්න නම් කොහොම හරි ඔයාගේ ඊමේල් එක ගෙන්වා ගන්න කියලා..ඒක මම කොහොමද කරන්නේ.?
ඉහිරුණු කිරට හඬා පලක් නැත.. මිතුරුකමත් කැඩී බිඳී ගොසින්ය. ඒත් මම ඔබට කවමදාකවත් වෛර නොකරමි. ඔබට සුබ පතමින් නිහඬ වෙමි.