
(ඩයනා උදයංගනී)
අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අවට පරිසරයට හා කැලණි ගඟට එක්වීමේ අවදානමක් මතුව ඇති අතර එය වැළැක්වීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.
තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇත.
බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (4) සවස සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබේ.
පැවති අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්වයක් ඇති වී ඇති අතර, දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වී කැලණි ගඟේ ජල මට්ටම අඩු වනවිට පට්ටිවෙල ඇල හරහා ගඟට එක් වීමේ අවධානමක් ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.
දැවි තෙල් මිශ්‍රිත ජලය කැලණි ගඟට එක් වුවහොත් ඉන් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජලපවිත්‍රාගාරවලින් පානීය ජලය බෙදාහැරීමට ද බලපෑම් මෙන්ම ප්‍රදේශයේ පරිසරයට සිදු විය හැකි බලපෑම වැළැක්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.
දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom)යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ද ඔවුන් සඳහන් කරයි.
ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ කොලොන්නාවද? සපුගස්කන්දද?
කටවල් විතරයි. විශාල ශ්‍රම හමුදාවක් සහිත පිං පඩි ගෙවන තැනක්. හරියට ටැංකියක් වත් තබාගන්න බැරි තැනක්. වැස්ස නිසා හෙලිවුනේ, නැත්නම් මෙතනින් කොපමණ තෙල් පොළවට එකතුවෙන්න ඇතිද? කාගෙ සල්ලිද? රට එතනමයි.
මට මතකයි බයියන් කියනවා මහදැනමුත්තා කොළඹ හැදුවා නියමෙට කියලා... අද අපේ අගනුවර වතුර ටැංකියක් වගේ...ඔක්කොම යටවෙලා. ජනතාවගේ කරුමෙට මේ ගොන් වැඩ කරන අයගේ තැන් යටවෙන්නේ නැහැ..
ඔය නාස්ති වෙන්නේ කාගේ මුදල් ද?
2019න් පස්සේ ලංකාවට මොන මුස්පේන්තුවක් පහත් වුණාද මන්දා..? හැමදාම කොහේහරි විනාශයක්...
අයියෝ ... මෙහෙමත් අසාර්ථක පාලනයක් .. මොනවාද මේ රටට පිට පිට වෙනදේවල්.කාගේ පවක්ද මේ නිතර නිතර මේ අපේ රටට පලදෙන්නේ.බොහෝ ආයතනවල පරිපාලනයට පත්කොට තිබෙන්නේ පළපුරුදු හා උගත් පරිපාලන නිලධාරීන් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඒ අය මිනී මරන්න,යුද්ධ කරන්න දක්ෂයන් වෙන්නට පුළුවන්.ඒත්,ඒ අය රටේ පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීම නිසා රටට මේ වෙනවිට සිදුවී ඇති දේවල් වලින් ඒ අයගේ පරිපාලන නුවණ ගැන හොඳ වැටහීමක් ලබා ගැනීමට පුළුවන්.
මොන සාපයක්ද වෙලා තියෙන්නේ රටට? මුහුද විනාශ වෙලා. ගංගා ඇළ, දොළ උතුරලා මිනිසුන් අවතැන් වෙලා. පස් කඳු නාය යනවා. නිරපරාදේ මිනිස්සු මැරෙනවා. සුනාමියෙන් පසුව ඇතිවූ මහා විනාශය. ලංකදීප පත්තරෙන් විතරයි යමක් බලාගන්න පුළුවන්. ස්තුතියි...
බත්දුන් පියාගෙ ආණුඩුවට පසුව පත්වූ ආණුඩවල බලධාරීන් කලේ ඔවුන්ගේ හෙන්චයියන්ට වාසි වෙන ආකාරයට සුදුස්සාට තැන නොදී කටයුතු කිරීමයිඑලෙස තනතුරුගත් අය කටයුතු කලේ කිසිම සැලසුමකින් තොරව.