ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා අද (13) පාසල් දෙවැනි වාරය ඇරැඹිණි.
නමුත් රටේ පවතින තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිසිදු පාසලක දරුවන්ගේ පැමිණීම සාර්ථක ලෙස දකින්නට නොලැබිණි.
පාසල් අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු සහ ඇතැම් පාසල් හි සිසුන්ගේ පැමිණීම ඉතා අඩුමට්ටමක දක්නට ලැබුණි.




(කාංචන කුමාර ආරියදාස-දඹුල්ල)





(පාලිත ආරියවංශ -බදුල්ල)


(ඔගස්ටීන් ප්‍රනාන්දු -හලාවත)



( චමිල් රූපසිංහ-මහනුවර)



(ජවුෆර්ඛාන්-මඩකලපුව)



(ප්‍රින්ස් රත්නායක -බෙලිහුල්ඔය)



(අජිත්ලාල් ශාන්තඋදය)
(ජායාරූප සහ ප්‍රවෘත්ති - කාංචන කුමාර ආරියදාස, පාලිත ආරියවංශ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, නිශාන්ත කුමාර, ඔගස්ටීන් ප්‍රනාන්දු, තරංග ගුණරත්න, මහේෂ් කීර්තිරත්න, හේමපාල ලියනගේ, චමිල් රූපසිංහ, සනත් ගමගේ, ඉන්දික අරුණ කුමාර, එස් ඩී තොඩිකාර, ශාන්ත චන්ද්‍රසිරි, තුසිත ද සිල්වා,ජවුෆර් ඛාන්, ප්‍රින්ස් රත්නායක,අජිත්ලාල් ශාන්තඋදය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වාසියට ඕන එකටයි එපා එකටයි හැම දේටම කට දාන කට්ටිය කියන කතා ඇහුවම කවුද ළමයි පාසල් වලට එවන්නේ?
පෞද්ගලික පන්ති වලට ළමයි යවන දෙමුපියෝ පාසලට ළමයි එවන්නේ නෑ... අවුරුදු 30 ක යුද්දේ යන දවස්වලවත් මෙහෙමෙ උනේ නෑ... මේකෙට හේතු හොයා බලන්න ඕනි... බෝම්බ වලින් අපේම මිනිස්සු මැරුණට වඩා බරපතලයි මේ තත්වය... මේ විදිහට රටේ අධ්‍යාපනේ බිද වැටෙන එකේ ප්‍රතිඵලය බොහොම භයානකයි.....
අධ්‍යාපනය කඩාකප්පල් වීම මත අපේ රටේ ඉදිරිගමන තීරණය වෙනවා. දේශපාලකයන්ට ඕනේ අධ්‍යාපනය නොලබා ඔවුන් පිටුපස යන මිනිස්සු ටිකක්. මේ රට අපහු ගල් යුගයට ගෙනයන්න දැන් මේ අන්තවාදය ඇවිල්ල. යන්තම් එකකකින් ගැලවිලා අවුරුදු 10 ගියේ.
රජය සහ වත්මන් පාලකයින් ගැන ඇති ජනතා අප්‍රසාදය හා අවිශ්වාසය මින් මොනවට පිළිබිබු වේ.
මේ පරික්ෂා කිරීමත් තව කොච්චර කාලයකට පවතීවිද කියලා කියන්න පුළුවන් කාටද? නවීන තාක්ෂණයේ පිහිට (පරික්ෂා කිරීම වෙනුවෙන් සැකසුනු ස්කෑන් යන්ත්‍ර ) මේ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්නවානම් මේවට යොදන ශ්‍රමය හා කාලය නාස්ති කිරීම අවම කරගන්න පුළුවන් නේද . ඒ වගේම මෙය දිගුකාලින ව්‍යාපෘතියක් සේ රටට හදුන්වා දුන්නොත් නරකද ?
අනේ මන්දා. ඔය කිසිම ආරක්ෂාවක් නැති ටිව්ෂන් පන්තිවලට නම් ළමයි තොග ගණනේ යනවා.
නමුත් රටේ පවතින තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිසිදු පාසලක දරුවන්ගේ පැමිණීම සාර්ථක ලෙස දකින්නට නොලැබිමත් දහස් ගණනින් පුද්ගලික පන්තිවලට සහභාගි විමට හේතුව සොයා බැලිය යුතුය
ඇමෙරිකාවේ සහ යුරෝපයේ ... මීට වැඩිය හුඟක් දරුණු දේවල් සිද්දවෙලත් ... මේ වගේ නරි නාඩගම් සහ විකාර අහන්න දකින්න තබුනේ නැහැ .... ළමුන් පාසල් නොයන්නේ කුමන්ත්‍රණ නිසා නොවේද ???
පාසල්වලට සිසුන් නොගියත්, ටියුෂන් පන්තිවලට නම් සිසුන් ප්‍රශ්නයක් නැතිව යනවා. මෙයින් පෙනීයන්නේ අද සිසුන්ට සහ දෙමව්පියන්ට පාසලේ උගන්වන දෙයට වඩා, ටියුෂන් පන්තියේ උගන්වන දෙය කෙරෙහි ඇති විශ්වාසය වැඩි බවයි.