කාංචන කුමාර ආරියදාස
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් කැකිරි අස්වනු ලැබුනත් බවත් ඒවා අලෙවි නොවීම නිසා දඹුල්ල දිගම්පතහ රජයේ රක්ෂිතයේ වන අලින්ගේ ආහාර බවට පත් වන අයුරු අද දින දැකගැනීමට හැකි විණි.
ලොරි රථවලින් සහ ටිපර් රථ වලින් දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන කැකිරි ආහාරයට ගැනීමට 25කින් පමණ යුත් අලි රංචුවක් සැදීපැහැදී සිටින ආකාරයත් අවම තරමේ ටැක්ටර් රථයෙන් කැකිරි බිමට බෑමට වත් ඉඩ නොදී වනඅලින් ඒ පිටුපස එන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක තොග මිල රුපියල් පහක් 5 ක් වැනි ඉතා අඩු මුදලකි. එම මුදලට හෝ කැකිරි මිලදී ගැනීම සිදු නොවන බව ගොවීහු පෙන්වා දෙති.
පසුගිය කාලයේ මේ ආකාරයෙන් වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු අලින්ටත් එමෙන්ම දන්සැල් දීමටත් පෙළඹෙන්නට විය. තවමත් වට්ටක්කා කිලෝවක තොග මිල පවතින්නේ ද රුපියල් දහයකටත් වඩා අඩු මුදලකටය. එමෙන්ම කැකිරි වලට අමතරව තවත් එළවළු වර්ග රැසක් වන අලින්ගේ ආහාර බවට පත්වන ආකාරය අප නිරීක්ෂණය කළෙමු.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එළවලු විසිකිරීම මගින් පෙනෙන්නේ වෙළඳ අමාත්‍යංශයේ සහ පළාත්වල කෘෂිකර්ම නිලධාරීන්ගේ දුර්වලතාවයන්ය. මෙම විනාශය සෑම වසරකටම 2-3 වතාවක් සිදුවේ.
අඩුගානේ මේවා පොලිතින් ප්ලාස්ටික් නැතුව අලින්ට දැම්මනම් හොඳයි නේද?
නව කෘෂිකර්ම ඇමතිතුමනි, රටේම ගොවි නිෂ්පාදන එක් ස්ථානයකට නොගෙන්වා රජය සම්බන්ධ ආයතනයකින් මිලටගෙන දුම්රිය මගින් හෝ විවිධ ප්‍රදේශවලට යවා අලෙවිකර ගොවීන්ටත්, පාරිභෝගිකයින්ටත් සහනයක් සැලසිය නොහැකිද?
මෙවැනි එලවලු ලෝකයේ නොයෙකුත් රටවලට යවා විදේශ විනිමය ලබා ගන්න පුළුවන් රටේ ඉන්නේ ගැහැණු ටික රට පටවනවා වෙනුවට කෝ මේවට පිළිවෙලක් මෙතක් ආ එකම රජයක් මගින්වත් කලාද ලෝකේ පුරා තිබෙන තානාපති කාර්යාල වලින් වෙළද පොළවල් සොයන්න බැරිද
සරත් ෆොන්සේකා ඇමතිතුමනි. ඔබතුමාවත් කරුණාකරලා මේ අලි ටික බේරගන්න. කුණු කාල අලි කොතරම් මැරුණද?
අති විශිෂ්ට කුසලකර්මයක්
අලියොත් දැන් සුනකයන් ගානට වැටිලා... කුණු ගොඩවල් අවුස්සන් කනවා....
අපි එළවලු ගන්න ගියොත් නම් 5 ට තියා 50 ට වත් නෑ....
අඩුමගානේ පොලිතින් ආවරණ ටික ගලවලාවත් දාලා නැහැ.
අනවශ්‍ය සහ ලංකාවට අවාසි සහගත වෙළඳ ගිවිසුම් නම් ගොඩාක් එනවා. ඔය ගිවිසුම් ඩුබායි, කටාර් වගේ කෘෂි ආර්ථිකයක් නැති රටවල් එක්ක ගහලා තිබුණා නම් අද අපේ රටේ ගොවියන්ට මේ වගේ දුක් විඳින්න වෙන්නේ නැහැ. අද ඩුබායිවල කැකිරි කිලෝවක් ලංකා මුදලින් රුපියල් 200 යි. වට්ටක්කා 180යි. ඩුබායි හෝ කටාර් සමග කෘෂි බෝග සඳහා වෙළඳ ගිවිසුමක් තිබුණා නම් මෙහෙම එළවලු විසිකරන්න වෙන්නේ නැහැ. නූගතුන් පාර්ලිමේන්තු ගියාම මෙහෙම වෙනවා.
කොහොමද දෙයියනේ දරුවන්ට කිරි දෙන්නේ..... කැකිරි රුපියල් පහකටවත් විකුණගන්න බැරිව..... රජ පුටුවට පොරකන අය තමයි මේව ට වග කියන්න ඕනා.............