IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුල්ලට එන කැකිරි අලින්ට දෙයි

කාංචන කුමාර ආරියදාස 
 
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් කැකිරි අස්වනු ලැබුනත් බවත් ඒවා අලෙවි නොවීම නිසා දඹුල්ල දිගම්පතහ  රජයේ රක්ෂිතයේ වන අලින්ගේ ආහාර බවට පත් වන අයුරු අද දින දැකගැනීමට හැකි විණි.

 
ලොරි රථවලින් සහ ටිපර් රථ වලින් දිගම්පතහ  රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන කැකිරි  ආහාරයට ගැනීමට 25කින් පමණ යුත්   අලි රංචුවක් සැදීපැහැදී සිටින ආකාරයත් අවම තරමේ ටැක්ටර් රථයෙන් කැකිරි   බිමට බෑමට වත් ඉඩ නොදී වනඅලින් ඒ  පිටුපස එන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැකිරි කිලෝවක තොග මිල රුපියල් පහක් 5 ක් වැනි ඉතා අඩු මුදලකි. එම මුදලට හෝ කැකිරි මිලදී ගැනීම සිදු නොවන බව ගොවීහු පෙන්වා දෙති.
 
පසුගිය කාලයේ මේ ආකාරයෙන් වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු   අලින්ටත් එමෙන්ම දන්සැල් දීමටත් පෙළඹෙන්නට විය. තවමත් වට්ටක්කා කිලෝවක තොග මිල පවතින්නේ ද රුපියල් දහයකටත් වඩා අඩු මුදලකටය. එමෙන්ම කැකිරි වලට අමතරව තවත් එළවළු වර්ග රැසක් වන අලින්ගේ ආහාර බවට පත්වන ආකාරය අප නිරීක්ෂණය කළෙමු.



අදහස් (12)

දඹුල්ලට එන කැකිරි අලින්ට දෙයි

de silva Wednesday, 09 May 2018 12:50 PM

මෙහෙම එළවලු විසිකිරීම මගින් පෙනෙන්නේ වෙළඳ අමාත්‍යංශයේ සහ පළාත්වල කෘෂිකර්ම නිලධාරීන්ගේ දුර්වලතාවයන්ය. මෙම විනාශය සෑම වසරකටම 2-3 වතාවක් සිදුවේ.

:       57       236

PerakumThursday, 10 May 2018 06:03 AM

අපේ රටේ අය වැයෙන් ඇති විශාල මුදලක් වෙන්කරන අමාත්‍යන්ශය තමයි කෘෂිකර්මය. මෙතක් ඒ අය ගොවි ජනතාව වෙනුවෙන් කරපු දේ මොකක්ද? ඒවා ඔවුන්ගේ සුඛ විහරණයට මිස ගොවියාගේ යහපතට යොදා නැත. ඒ අය රට යනවා, පුහුණුවට යනවා, හිස් ගොඩ නැගිලි වලට බදු ගෙවනවා. ඒත් ගොවියා හිඟමනට වැටිලා. මේ ගැන අපි කොයි තරම් කතා කෙරුවත් ඇති වැඩක් නෑ.

:       0       171

Matipahana Wednesday, 09 May 2018 01:37 PM

අඩුගානේ මේවා පොලිතින් ප්ලාස්ටික් නැතුව අලින්ට දැම්මනම් හොඳයි නේද?

:       1       429

kalpa Wednesday, 09 May 2018 01:53 PM

නව කෘෂිකර්ම ඇමතිතුමනි, රටේම ගොවි නිෂ්පාදන එක් ස්ථානයකට නොගෙන්වා රජය සම්බන්ධ ආයතනයකින් මිලටගෙන දුම්රිය මගින් හෝ විවිධ ප්‍රදේශවලට යවා අලෙවිකර ගොවීන්ටත්, පාරිභෝගිකයින්ටත් සහනයක් සැලසිය නොහැකිද?

:       0       96

Ranjan Wednesday, 09 May 2018 05:50 PM

මෙවැනි එලවලු ලෝකයේ නොයෙකුත් රටවලට යවා විදේශ විනිමය ලබා ගන්න පුළුවන් රටේ ඉන්නේ ගැහැණු ටික රට පටවනවා වෙනුවට කෝ මේවට පිළිවෙලක් මෙතක් ආ එකම රජයක් මගින්වත් කලාද ලෝකේ පුරා තිබෙන තානාපති කාර්යාල වලින් වෙළද පොළවල් සොයන්න බැරිද

:       3       183

කපිල Wednesday, 09 May 2018 06:41 PM

සරත් ෆොන්සේකා ඇමතිතුමනි. ඔබතුමාවත් කරුණාකරලා මේ අලි ටික බේරගන්න. කුණු කාල අලි කොතරම් මැරුණද?

:       0       66

ravi Wednesday, 09 May 2018 07:43 PM

අති විශිෂ්ට කුසලකර්මයක්

:       1       18

abaran Thursday, 10 May 2018 12:41 AM

අලියොත් දැන් සුනකයන් ගානට වැටිලා... කුණු ගොඩවල් අවුස්සන් කනවා....

:       0       29

gayan Thursday, 10 May 2018 03:41 AM

අපි එළවලු ගන්න ගියොත් නම් 5 ට තියා 50 ට වත් නෑ....

:       0       57

Akila Thursday, 10 May 2018 07:15 AM

අඩුමගානේ පොලිතින් ආවරණ ටික ගලවලාවත් දාලා නැහැ.

:       0       60

sampath Thursday, 10 May 2018 12:43 PM

අනවශ්‍ය සහ ලංකාවට අවාසි සහගත වෙළඳ ගිවිසුම් නම් ගොඩාක් එනවා. ඔය ගිවිසුම් ඩුබායි, කටාර් වගේ කෘෂි ආර්ථිකයක් නැති රටවල් එක්ක ගහලා තිබුණා නම් අද අපේ රටේ ගොවියන්ට මේ වගේ දුක් විඳින්න වෙන්නේ නැහැ. අද ඩුබායිවල කැකිරි කිලෝවක් ලංකා මුදලින් රුපියල් 200 යි. වට්ටක්කා 180යි. ඩුබායි හෝ කටාර් සමග කෘෂි බෝග සඳහා වෙළඳ ගිවිසුමක් තිබුණා නම් මෙහෙම එළවලු විසිකරන්න වෙන්නේ නැහැ. නූගතුන් පාර්ලිමේන්තු ගියාම මෙහෙම වෙනවා.

:       0       193

නිරාශ් රුවංක ජයතිලක Friday, 11 May 2018 05:23 AM

කොහොමද දෙයියනේ දරුවන්ට කිරි දෙන්නේ..... කැකිරි රුපියල් පහකටවත් විකුණගන්න බැරිව..... රජ පුටුවට පොරකන අය තමයි මේව ට වග කියන්න ඕනා.............

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site