IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ එළවළු මිල සීඝ්‍රයෙන් පහතට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් එළවළු තොග ලැබීමත් සමඟ සීඝ්‍රයෙන් එළවළු තොග මිල  පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති.

කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

ඉකුත් සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ,ලීස් ,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද අද උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයකු පෙන්වා දෙති

එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වැරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති බවත් එළවළු වර්ග ද බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.



අදහස් (17)

දඹුල්ලේ එළවළු මිල සීඝ්‍රයෙන් පහතට

කිරි පුතා Saturday, 27 November 2021 03:41 PM

මේ ලාභය පාරිභෝගිකයාට යන්නේ නෑ. සහල් වලදීත් එහෙමයි... ගොවියාටත් නැති පාරිභෝගිකයාටත් නැති ලාභය තනිකරම ගන්නේ අතරමැදියා. ඒක මාෆියාවක්...

:       1       40

යෝගා Saturday, 27 November 2021 04:02 PM

උතුරේ ගොවීන් රසායනික පොහොර ඉල්ලා උඩ පැන්නේ නෑ. කම්මැලි නැතුව වැඩ කළා. අස්වැන්න හොඳයි.

:       13       60

යෝගා Saturday, 27 November 2021 04:10 PM

එළවළු අස්වැන්නට බලපාන ලොකුම සාධකය කාලගුණයයි. පොහොර රසායනිකද? කාබනිකද? කියන එක ඔය කියනතරම් ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි යම්කිසි දැනුමක් ඇතිව කම්මැලි නැතුව වගාව කරන්න ඕනෑ...

:       8       42

ගජමෑන්Saturday, 27 November 2021 05:51 PM

හරි යෝගා... අපිත් ඔබ වගේ කියන හැටියට වවන්නම්. එයට පෙර ඔබ ඔය කියන ආකාරයට වවපු ගොවිපොල බලන්න ඕනෑ. ඒකෙ පින්තූර පෙන්නන්න අපිට එන්න පාර කියන්න..

:       29       22

යෝගා Saturday, 27 November 2021 07:55 PM

උතුරට එන්න යාලුවා...

:       0       0

uddikaSunday, 28 November 2021 07:44 AM

දැන් තාම රසායනික පොහොර ගෙන්වලා නැහැ රටට... නමුත් තහනම ඉවත් කරපු ගමන්, එදා පෙන්නපු චූටි කැරට් ගෙඩිය ලොකුවෙලා... ඒක නොතේරෙන මිනිස්සු ගොඩයි..!!!

:       1       0

චන්දන Sunday, 28 November 2021 07:54 AM

ඔබ කියන කතාව හරියට හරි. යුද්ධය කාලේ යාපනේට කිසිම පොහොර වර්ගයක් යැව්වේ නැහැ. ඒත් වගාව හරියට කළා. ගොම සහ එළු පොහොර කම්මැලිකම අතහැරලා දැම්මේ... දැන් ඔය මිල අඩුවෙලා තියෙන්නේ රසායනික පොහොර දාලාද? තවම ගැසට් ගැහුවේ නැහැ... මේ සේරම බොරුව තමයි..

:       1       0

ගමේ එකාලා Saturday, 27 November 2021 05:40 PM

මෙයින් වාසි ලැබෙන්නේ අතරමැදියාට. ඒවාට විසඳුමක් ලැබුණොත් නරකද?

:       0       20

jaya Saturday, 27 November 2021 05:49 PM

ගැලවෙන්නේ නැතිව දවස් ගණන් තියාගෙන හිටපු ඒවා එකපාර ගැලෙව්වා වෙන්න බැරිද?

:       8       27

Babi Saturday, 27 November 2021 10:47 PM

මට හිතෙන්නේ කාබනික ගැසට්ටුව ඉවත් කළ සැනින්ම, අස්වැන්න වැඩි වුණා කියලයි. කට්ටිය කෑගහපු විදියට මම හිතුවේ ආයි එළවලු කළඳක් දකින්න නැතිවෙයි කියලා... පහුගිය ටිකේ ලොකුලොකු මහාචාර්යවරුත් කිව්වනේ මේ පාර අස්වනු අඩුවෙනවා කියලා. අනේ මන්දා ඒවත් දේශපාලනේ වගේ තමයි.

:       0       0

Jude perera Sunday, 28 November 2021 05:25 AM

උතුරේ ගොවීන්ට ඉන්දියාවෙන් වැඩි මිලට මුහුදෙන් හම්බවෙනවා.

:       0       1

Hafeel Sunday, 28 November 2021 05:39 AM

අන්න මහින්දානන්දටත්, බන්දුලටත් ටිකක් හරි ලකුණු දාගන්න අවස්ථාවක් උදා වුණා..

:       0       1

jayarathna Sunday, 28 November 2021 06:35 AM

දඹුල්ලේ තොගමිල එහෙම වුණාට ඕවා සිල්ලරට ගද්දී ජනතාවට එකකට එකක් වැඩි මිලක් ගෙවන්න ඕනෑ.. සිල්ලර වෙළෙන්දෝත් මේ වෙලාවේ සාධාරණව හිතන්න කියලා ඉල්ලා සිටිනවා...

:       0       1

දිසා... Sunday, 28 November 2021 08:44 AM

එළවළු මිල ගණන් සීග්‍ර ලෙස පහත බැස ඇතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල එළවළු මිල ඉතා ඉහල මට්ටමක පවතින බවක් පෙනෙන්නට ඇති අතර මිල ප්‍රදර්ශන කිරීමකින් තොරව එළවළු අලෙවි කරමින් අධික ලාභයක් ලැබීමට වෙළඳුන් කටයුතු කරන මුත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වෙනුවෙන් පියවර නොගෙන වෙළඳුන්ට , පාරිභෝගිකයා ගසා කෑමට අවස්ථාව සලසා දී ඇත.

:       0       1

naleen Sunday, 28 November 2021 09:07 AM

රසායනික කියන නම ඇහුවත් අස්වැන්න වැඩිවෙලා මිල ගණන් පහල යනවා. පොහොර නැතුව හැදෙන්නේ නැ කිව්ව කැරට් එහෙම ලස්සනට දැන් තියෙන්නේ

:       0       0

Thiw Sunday, 28 November 2021 02:14 PM

පොහොර වැටෙන්න ඕනෑ නෑ.. පොහොර ගේන්න දෙනවා කිව්වාම ගෙඩි ලොකු වෙලා... වගාවත් සරු වෙලා... පුදුම පොළවක් ලංකාවේ තියෙන්නේ...

:       1       1

පිටිගල මිලානෝ Sunday, 28 November 2021 03:12 PM

දඹුල්ලේ අඩුවෙලා වැඩක් තියෙනවද කඩේට ගියාම මාලුමිරිස් 650 නම්, දෙහි 670 නම්, මෑකරල් 690 නම්, තක්කාලි 430 නම්....? හැබැයි පිටරටින් එන ලොකු ලූනු 250 යි. ඒත් ගේන්න ඩොලර් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site