IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දඹුල්ල ආර්ථිකය අසල දිගු පෝලිම්:මිලත් පහළට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල ද දැඩි තදබදයක් පැවැති බව අප වාර්තා කරුවෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙනදාට වඩා සියයට 40 කින් පමණ මිල පහත් වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දුන් අතර මිල මධ්‍යස්ථ මට්ටමකින් පැවැති බවද ඔවුන් සඳහන් කරති .

ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට්, බීට් ,මාළු මිරිස් ,ආදී එළවළු කිලෝ එක්ක තොග මිල රුපියල් 90 සිට 180 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වන බවත් පහත රට එළවලු වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල් ,වට්ටක්කා ,දඹල, බණ්ඩක්කා, වැටකොලු ආදී එළවළු වර්ග කිලෝ එකක තොග මිල රුපියල් පනහේ සිට රුපියලුපියල් 110 දක්වා වූ විවිධ මිල පරාසයක් යටතේ තොග මිල යකට අලෙවි වන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

ඒ නමය ප්‍රධාන මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයෙන් කිලෝ මීටර් 5 කට අධික දෙපස වාහන ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලත් කර ගැනීමට නොහැකිව නවතා තිබෙන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකි විය .

කෙසේවෙතත් ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත මීටරයක පරතරයක් දෑත් සේදීම ආදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන ආකාරයක් දැක ගැනීමට නොහැකි බවත් ඇතැම් ව්‍යාපාරිකයන් ද ගොවීන් ද තම මුව ආවරණ ඉවත් කරමින් හැසිරෙන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත සහ පිටත දී දැක ගැනීමට හැකි වූ බව බොහෝ ජනතාව පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය අලුයම හතරට නොව මධ්‍යම රාත්‍රී 12ට පමණ විවෘත කළේ නම් මෙවැනි තදබදයක් ඇති නොවන බව ය

එමෙන් ම බොහෝ දෙනා රට වසා දමන ලෙස යෝජනා කළ ද ගොවීන්ගේ නිෂ්පාදන පිළිබඳව නිසි අවබෝධයකින් තොරව එවැනි ප්‍රකාශ කළ බවත් එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

 

 

 



අදහස් (4)

දඹුල්ල ආර්ථිකය අසල දිගු පෝලිම්:මිලත් පහළට

කිරි පුතා Tuesday, 24 August 2021 09:54 AM

රට වහපන් වහපන් කියලා නහින්න හදන මිනිසුන්ගේ ඇත්තේ වෙනත් පරමාර්ථ. රට වහගෙන බැරි බවට ⁣එක සාධකයක් විතරයි මේ....

:       16       9

මුණසිංහ Tuesday, 24 August 2021 12:18 PM

මිල පහලට වුනාට අපෙ ගම් ප්‍රදේශවල ට එනකොට කිලෝවක් 250ට අඩු කිසිවක් නැහැ . අනුරාධපුර ප්‍රදේශයේ මගෙ හිතවතෙක් කිව්වේ පහුගිය කාලෙ අමු මිරිස් කිලෝවක් 40 ට ඉල්ලන්නේ කියල . ඒත් මෙහේ 100ක් 40යි. මේවා ට රජය මැදිහත් විය යුතුය .

:       0       11

Don Tuesday, 24 August 2021 02:22 PM

මීළඟට නම වැටෙන්නේ එළවලු පොකුර කියලා...

:       3       5

hesa Wednesday, 25 August 2021 10:47 AM

ගම් පැත්තෙ ඒ ගම් එළවලු අඩුවට දෙන්න පුළුවන් .. පිට ගෙනුහුන් අලෙවි කරන කොට ඕනම භාන්ඩයක මිල ඉහල යනවනේ..ප්‍රවාහනය මත.. අනික, එක බිංදු මාත්‍රයක් රටේ දුප්පත් ගොවියා ගැන තැකීමක් නෑ..හිතා ගන්න බැරි, ඇයි රටේ අගාධයම පතන අය ගැන තවමත් නිහඞ කියල.. පවු මේ ගොවීන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site