
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල ද දැඩි තදබදයක් පැවැති බව අප වාර්තා කරුවෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙනදාට වඩා සියයට 40 කින් පමණ මිල පහත් වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දුන් අතර මිල මධ්‍යස්ථ මට්ටමකින් පැවැති බවද ඔවුන් සඳහන් කරති .
ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට්, බීට් ,මාළු මිරිස් ,ආදී එළවළු කිලෝ එක්ක තොග මිල රුපියල් 90 සිට 180 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වන බවත් පහත රට එළවලු වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල් ,වට්ටක්කා ,දඹල, බණ්ඩක්කා, වැටකොලු ආදී එළවළු වර්ග කිලෝ එකක තොග මිල රුපියල් පනහේ සිට රුපියලුපියල් 110 දක්වා වූ විවිධ මිල පරාසයක් යටතේ තොග මිල යකට අලෙවි වන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.
ඒ නමය ප්‍රධාන මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයෙන් කිලෝ මීටර් 5 කට අධික දෙපස වාහන ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලත් කර ගැනීමට නොහැකිව නවතා තිබෙන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකි විය .
කෙසේවෙතත් ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත මීටරයක පරතරයක් දෑත් සේදීම ආදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන ආකාරයක් දැක ගැනීමට නොහැකි බවත් ඇතැම් ව්‍යාපාරිකයන් ද ගොවීන් ද තම මුව ආවරණ ඉවත් කරමින් හැසිරෙන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත සහ පිටත දී දැක ගැනීමට හැකි වූ බව බොහෝ ජනතාව පෙන්වා දෙති.
ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය අලුයම හතරට නොව මධ්‍යම රාත්‍රී 12ට පමණ විවෘත කළේ නම් මෙවැනි තදබදයක් ඇති නොවන බව ය
එමෙන් ම බොහෝ දෙනා රට වසා දමන ලෙස යෝජනා කළ ද ගොවීන්ගේ නිෂ්පාදන පිළිබඳව නිසි අවබෝධයකින් තොරව එවැනි ප්‍රකාශ කළ බවත් එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වහපන් වහපන් කියලා නහින්න හදන මිනිසුන්ගේ ඇත්තේ වෙනත් පරමාර්ථ. රට වහගෙන බැරි බවට එක සාධකයක් විතරයි මේ....
මිල පහලට වුනාට අපෙ ගම් ප්‍රදේශවල ට එනකොට කිලෝවක් 250ට අඩු කිසිවක් නැහැ . අනුරාධපුර ප්‍රදේශයේ මගෙ හිතවතෙක් කිව්වේ පහුගිය කාලෙ අමු මිරිස් කිලෝවක් 40 ට ඉල්ලන්නේ කියල . ඒත් මෙහේ 100ක් 40යි. මේවා ට රජය මැදිහත් විය යුතුය .
මීළඟට නම වැටෙන්නේ එළවලු පොකුර කියලා...
ගම් පැත්තෙ ඒ ගම් එළවලු අඩුවට දෙන්න පුළුවන් .. පිට ගෙනුහුන් අලෙවි කරන කොට ඕනම භාන්ඩයක මිල ඉහල යනවනේ..ප්‍රවාහනය මත.. අනික, එක බිංදු මාත්‍රයක් රටේ දුප්පත් ගොවියා ගැන තැකීමක් නෑ..හිතා ගන්න බැරි, ඇයි රටේ අගාධයම පතන අය ගැන තවමත් නිහඞ කියල.. පවු මේ ගොවීන්..