
(රේඛා තරංගනී ෆොන්සේකා)
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කාර්යල දුම්රියන් පහණක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇතැයි දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.
ධාවනයේ යොදවා තිබූ ඇතැම් දුම්රියවල මෙතෙක් පැවති කාර්මික දෝෂ ,විදුලි දෝෂ,මකුණු කරදර ඉවත් කර,නව ආසන සවිකොට වර්ණ ගන්වා විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවද බණ්ඩාර මහතා පැවැසීය.
අවම විවේක ගනිමින් දුම්රියන් නඩත්තු කටයුතු රාශියක් නිරෝධාන ඇඳිරි නීති කාලයේ සිදුකිරීමට හැකිවූ බව ඒ මහතා පැවසීය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද දෙමටගොඩ ධාවනාගාරය ඇතුළු සියලු ධාවනාගාරය වල සේවකයන් සිය රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටු කරමින් මගී පහසුව සැලසීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුකල බව පැවසීය.
මේ වනවිට ධාවනය කිරීමට සැලසුම් කොට ඇති දුම්රිය ගමන්වාර 91කකි.
ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 33ක්, හලාවත මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක් උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් කැළණිවැලි මාර්ගයේ වාර අටක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 34ක් යෙදවීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් තිබුණු දුම්රියේ බල්ලො ලැගල හින්දද විෂබීජ හරණය කරන්නේ...? දුවන්න පටන් ගත්තම ඕනේ දවස ගානෙ පිරිසිදු කරන්න...
පටන් ගත්ත දවසෙ ඉදලම පොල් පටවලා වගේ මිනිස්සු එයි, නීති රිති ඔක්කොම පොතේ තියයි. ඔන්න ආයුබෝවන් වෙන දේ
අවුරුදු 50 ක් විතර පරණ දුම්රිය... පව් අප්පා අපේ මිනිස්සු... ඇත්තටම ලංකාවට ගොඩයාමක් ඇත්තටම නැද්ද?
එතකොට හරිද ඔක්කොම? ඊට පස්සෙ රැල්ල ආවමද ආයෙත් නඩත්තු කරන්නයි, විෂබීජහරණය කරන්නයි මතක් වෙන්නේ?
මොනවා උනත් වැඩක් නෑ වෙලාවට ධාවනය කරන්න බැරි නම්
වෙලාවට ගමන් කරන්නත් ඕනේ... ඒ වගේම පොල් පටවලා මගීන් යන එකටත් පිළියමක් දෙන්න...
ඔව්... හොඳයි.. කාර්යාල දුම්රිය කීයක්ද දුවන්නේ කියන්නකෝ... පහක්ද? 50 ක්ද? ප්‍රධාන මාර්ගයේ ඔය කියන ගාන දුවලා ඇතිද? දැන් ඔය රජයේ එව්ව 9ටයි.. අනික් එව්වා 10 ටයි පටන් ගන්න කිව්වාම, එ් විදියට ඔය ටික ඇතිද? මෙයාලා කොහොම කලත් දුවන්නේ එකම ගාණනේ හප්පා. ඉතින් වැඩක් වෙයිද? ඇමතිලා, නිලධාරින් වැහි වැහැලා ඉන්නවා. එ්ත් සේවය සපයන්න ගියාම දුම්රිය කීපයයි...
දාලා තියං කමෙන්ට්ස් බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සු කොච්චරනම් රිනාත්මකද කියලා
පොදු ප්‍රවාහන සේවා යම්තාක් දුරකට හෝ පවත්වාගෙන යන එක හොඳයි. මොකද හැමෝටම පුද්ගලික වාහන නෑනේ.. දුම්රිය, බස් රිය නොමැතිව රැකියාවලට යාමට නොහැකි බොහෝ පිරිසක් ඉන්නවා. ගොඩාක් ගම්වල ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මේ මොහොතේ ලාභ පරමාර්ථය ම නැතිව ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සලසනවා නම් ගොඩක් හොඳයි.