
(ළහිරු හර්ෂණ )
කොවිඩ් - 19 වෛරසය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමෙන් පසුව එම වෛරසය ආසාදිත රෝගීන් හඳුනා ගැනීමට හා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලොව පුරා පර්යේෂකයින් මේ වන විවිධ විට පර්යේෂණ සිදුකරමින් පවතී.
රෝගය හඳුනාගැනීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය මිනිසුන් ගෙන් ලබාගන්නා කේඨය/ සෙම සාම්පල රසායනාගාරයක් තුළ සිදු කරන පරීක්ෂණ ක්‍රියාවලි කිහිපයකින් පසුව මෙහි ප්‍රතිඵල ලබා ගැනීම සිදු කරයි.
කෙසේ වෙතත් මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළද රසායනාගාර කිහිපයකම මෙම පී.සී.අර්. පරීක්ෂණ සිදු කරයි.
අංගොඩ අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය රසායනාගාරය ආරම්භ කර මේ වන විට දින 100 ඉක්මවා ගොස් තිබෙන අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණ 11000ක් ඉක්මවා සිදුකර තිබේ.
අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතාගේ මගපෙන්වීමෙන් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාලිකා කරුණාරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ රසායනාගාරය තුළ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමිනි මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් තරහ වෙන්නවත් බනින්නවත් එපා. දවසකට පී.සී.ආර්. පරීක්ෂණ 100 ක් කරන්න 15 දෙනෙක්ගේ සේවක පිරිසක් ඉන්නවා. බැරි වෙලාවත් ලෙඩ්ඩු 1000 දවසට හම්බ වුනොත් කොහොමද පරීක්ෂණ කරන්නේ.?