
(ඩයනා උදයංගනී)
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ තුන්වන කුඹල් පෙරහැර ඊයේ (15) වීදි සංචාරය කළ අතර එහි සධාතුක කරඬුව වැඩම වූ හස්තිරාජයා ඇතුළු දෑලේ ඇතුන් දේශීය බතික් ඇඳුමින් සැරසී ගමන් කිරීම විශේෂත්වයක් විය.
මහනුවර දළඳා පෙරහැරේ තුන්වන කුඹල් පෙරහැරෙහි සධාතුක කරඬුව වැඩමවූ ඇතුන් මෙසේ දේශීය බතික් ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් ගෙන ඇත්තේ වසර 30කට පමණ පසු බව බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
බතික් අත්යන්ත්‍ර දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය සිදුකෙරුණු අතර දේශීය රෙදි උපයෝගී කරගනිමින්, දේශීය බතික් කරුවන් ලවා වර්ණ ගන්වා මෙම ඇඳුම් නිර්මාණය කර තිබිණි.
ඒ අනුව තුන්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවූ දළඳා මාළිගාවේ සිංහ රාජා හස්තියා සහ දෑලේ ගමන් කළ බුරුම රාජා සහ කන්ඩුල යන හස්තීන් මෙලෙස බතික් ඇඳුමෙන් සැරසී පෙරහැරේ ගමන් කළ ඇතුන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා අස්සේ කල යුතුම වැඩක්
මහජන සහභාගිත්වයෙන් තොරව මේ පෙරහැර පැවැත්වූවොත් රටට මහා විනාශයක් සිදුවෙන බවත් පැවසෙනවා.
ජනතා සහභාගිත්වය කෙසේවෙතත් පෙරහැරේ යන අය, සහභාගි වෙන අය ඕනෑතරම්. කොරෝනා නීති එයාලාට අදාල නැතුව නැති...
අපට නැති සුද්දන්ට පමණක් ඇති පෙරහැර. අපොයි රටට වෙච්ච දෙයක්...!
මෙහෙම ගියොත් පෙරහැරේ යන අලින්ටත් කොරෝනා හැදිලා නතර වෙයිද කවුද දන්නේ?
මා සිතන්නේ නැහැ සධාතුක කරඬුව කිසිවිටෙක ඇතා පිට වඩම්මනවා කියා... පෙරහැරේදී සැමවිටම වැඩමවන්නේ සධාතුක කරඬුවේ අනුරුවක් පමණි...
වසර 30කට පමණ පෙරත් ඇතුන් සඳහා බතික් ඇඳුම් භාවිතා කළා නම්, දැන් එය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් වන්නේ කෙසේද?
මේ වගේ දේවල් කරන කාලයක් නොවෙයි මේක. මොකද මේක තේරුම් ගන්න බැරි?
සිංහල නම් දාගෙන පර ගැත්තෝ ගොඩයි .ආගමක් දහමක් සංස්කෘතියක් නැති අපතයෝ.
ඉතා ලස්සනයි .
me uthsawaya lokema ekama rataka witharak wena deyak. . api kawadawath ape dewal agaya kaleth naha watinakam therum gaththen naha. . mama bauddha nowunath me uthsawayata uparimayen gaurawa karanawa. magul gewal pawathwanna puluwan nam, meka ashirwadayak balaporoththuwen karana deyak. . apith ape hadawathin e ashirwadaya denna ona neda? මේ උත්සවය ලෝකෙම එකම රටක විතරක් වෙන දෙයක් .අපි කවදාවත් අපේ දේවල් අගය කලේ නැහැ .වටිනාකම් තේරුම් ගත්තේ නෑ . මම බෞද්ධ නොවුනත් මේ උත්සවයට උපරිමයෙන් ගෞරව කරනවා. මගුල් ගෙවල් පවත්වන්න පුළුවන් නම් මේක ආශීර්වාදයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් .අපිත් අපේ හදවතින් ඒ ආශීර්වාදය දෙන්න ඕනේ නේද ?