(පද්මා කුමාරී කංකානම්ගේ)
කතෝලික බැතිමතුන්ගේ මුදුන් මල් කඩක් බඳු, තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්හ කරමින්, සාම්ප්‍රදායික කොඩි ගස එසවීම අද (01) දින සවස දේවස්ථාන පරිශ්‍රවයේ දී සිදුවිය. ධීවර ප්‍රජාව උදෙසා වෙන්කළ මෙම මංගල්‍යය ඔරු මංගල්‍යය ලෙසද හැඳින්වේ.
එම අවස්ථාවේ සිය දෙසුම පවත්වමින්, තලවිල මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කර සිටියේ, අදින් ඇරඹෙන වන්දනා සමයේ පුදබිම එකම යාඥා කඳවුරක් කොට ගෙන, අපේ රට සහ සමස්ථ ලෝකවාසී ප්‍රජාව වෙත සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ලෙසයි.
"මිනිසා කෙලෙසුන් පිනවීමට වඩාත් නැඹුරුවීම, දේව වචනයට පිටුපෑම අද ලෝකය ගොදුරු වී ඇති වසංගතයන්ට හේතුවයි. අපි කවුරුත් එක්සිත්ව අපේ රටේ මෙන් ලෝකයේම කොරෝනා වසංගතයෙන් පීඩා ලබන්නන්ට සුවපත් භාවයත්, මියගිය සැමට ස්වර්ග සැපතත් ඉල්ලා සිටිමු. අද අදම මෙම වසංගතය පහවී ගොස්, ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම ලෝකවාසී ජනතාවට සැනසුම් හුස්ම බිඳක් හෙලීමේ අවස්ථාව දෙව් පියාණන්ගෙන් ඉල්ලා සිටිමු." යැයි ආශීර්වාද කළේය.
කොඩිගස එසවීමත් සමග සවස දේව මෙහෙයන් අදින් ඇරඹේ. මාර්තු 7 දින වෙස්පර්ස් දේව මෙහෙය පැවැත්වෙන අතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මහා මංගල්‍ය දේව මෙහෙය මාර්තු 8වෙනි දින පස්වරු 7ට පැවැත්වීමට නියමිත ය. හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්දිස් සහ මඩකළපුව රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය පොන්නයියා ජෝෂප් යන රදගුරුන් විස්න් මංගල්‍ය දේව මෙහෙය පවත්වනු ඇත.
දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමත්හු දැනටමත් පුද බ්මේ කඳවුරු ලා සිටිති. නාවුක, යුද හමුදා සහ පොලිසියේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මකය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තලවිල දේවස්ථානයේ මංගල්‍යය ඇරඹෙයි