(ශාන්ත රත්නායක / ජයමාල් චන්ද්‍රසිරි)
නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමැතීනි චාන්දනී බණ්ඩාර සහ අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන අය සහභාගී වුහ.
මේ අතර නව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී සිය ධූරයේ කටයුතු ආරම්භ කළේය.




(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)


(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ජනතාව වෙනුවෙන් මෙහෙයවන්න.
නීතිය පෙරකදෝරුවන්ගේ නොව, මහජනයාගේ සුභසිද්ධිය සඳහා යොදවන්න.
නීතිය ගැන මෙලෝ හසරක් දන්නැති කෙනෙක් අධිකරණ ඇමති වුණාම නීතියට කොහෙන්ද සුබ වෙන්නේ? මෙය අධිකරණ ඉතිහාසයේ දූෂිතම ආරම්භය වේ.
අනේ මන්දා ! බොහෝ දෙනෙක් කියනවා අධිකරණයේ යම් යම් ක්‍රියාවලියන්ගේ යහපාලනයක් නොමැති කමින් යහපාලනයත් ඔහේ පහත් තැන්වලින් පල්ලම් බහිනවාය, එක දැකලා සමහරු හුරේ දමනවා කියලා.
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල කව්ද? ඒ මොනවද දන්නේ අධිකරණය ගැන... ?
අපිට ඕනෑ මහින්ද යුගයක් ...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල කියන්නේ තරුණ උගත් යමක් කරන්න පුළුවන් කෙනෙක්
මේ නාදය අපි උපන් දා ඉඳන් දේශපාලනය කරන නඩයක් මේ අය මේ වැඩේට දක්ෂ නෑ කියල ඔප්පු කරලා ඉවරයි,