(ජේ.කේ.එල් චාමින්ද , රවී ලියනගේ සහ සිරංගිකා ලොකුකරවිට)
ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් සංවිධානය කළ විරෝධතාවයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්රිය ස්ථානය අසලදි පැවැත්විණි.
පන්දම් දල්වා ගත් ධීවර කාර්මිකයින් ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව ගාල්ල දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් බෙර වාදනය කරමින් නගරයේ සංචාරය කළේය.
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතාද මේ සඳහා එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදේ ඉන්න මාළු මාර සතුටින් ඇති.තව වැඩි කරන්න සතුන් මරණ එක අවම කරන්න ඕනේ.