






(ඡායාරූප - ළහිරු හර්ෂණ)
පොලොන්නරුවේ ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක්


(ඡායාරූප - ක.ග කරුණාරත්න)
මාතර ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක්


(ඡායාරූප - ක්‍රිෂාන් ඡීවක ජයරුක්)
යාපනයේ ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක්


(ඡායාරූප -රොමේෂ් මධුෂංඛ)
අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 137 දක්වාත්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 148 දක්වාත්, ඔටෝ ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 109 දක්වාත්, සුපර් ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 119 දක්වාත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 101 දක්වාත් ඉහළ නැංවීමට රජය තීරණය කිරීමෙන් පසු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් වල දැඩි තදබදයක් ඇතිව තිබෙනු දැකගන්නට ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කරදර රාජිතගේ කට නිසා, ඔය කියන මිල සූත්‍රය ජනතාවට දැනගන්න අනිවාර්යයෙන් ප්‍රසිද්ධ කරන්න.
දවසින් දවස ලංකාව ආහාර සීමා කරන්න වෙනවා ...........පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඇඟ දිහා බලන්න...........අපේ ඇට සැකිලි පමණයි.......
රාජිතගේ කට නෙවෙයි, මේ ආණ්ඩුවේ නොහැකියාව හා නාස්තිය නිසා!
මාත් පෝලිමේ පැය 2 1/2ක් ඉඳලා බයික් එකට තෙල් ගහ ගත්තා. ආයේ ඉතින් පෙට්ට්‍රල් වැඩි වෙනකම් මේ ඇති....
තෙල් අඩුවට දෙන්න පුළුවන්, මැති, ඇමති, මන්ත්‍රී, අගමැති, ජනාදිපති මේ අයගේ ආරක්ෂක වාහන, අනවශ්‍ය ගමන්, ප්‍රතිලාබ නැති ගමන්, අධි සුකොකබෝගී දේවල්, අති විශාල කාර්යාල, මේවා පාලනය කලොත් රට ප්‍රපාතයෙන් ගොඩ ගත හැක. සියලු දෙනාම ශ්‍රම දායකත්වය දෙනවනම් රට ගොඩ (අපිට මතකයි එදා 1972 - 1977) අති ගරු ශ්‍රිමාවෝ බණ්ඩාරනායක ඇය හා ඇන්. ඇම්. පෙරේරා ගොඩ නගාගෙන ආ මේ රට නැවත ලංකාව ගොඩ නැගීමට කිසිම අවංක බුද්දිමත් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ නොමැත.
රට පාලනය කරන ඔබ තමුන්නාසේල සියලු දෙනාට මේ දුප්පත් මිනිසුන්ට කරන අපරාදයට වන්දි ගෙවන්න වෙනවා, මිනිසුන් කොහොමද ජීවත් වෙන්නේ,
ඕක එක රැයින් වැඩි කලා නම් ඉවරයි. එතකොට එළිවෙනකොට හැමෝටම සාමාන්‍ය විදිහට ගහගෙන යන්න පුළුවන්. මේ බෝක්කු කට හින්දා වෙන දේ මේ නායකයෝ දෙන්නට තේරෙන්නේ නැති හැටි.
රනිල්ලා මහබැංකුව හොරකම් කරලා ...ඒවා පියව ගන්න මිල වැඩි කරනවා නේද?
හරිම විහිළු. ජීවිත කාලෙටම තෙල් ගන්න නම් පෝලිමේ හිටියට කමක් නැහැ
තෙල් රාත්‍රී 12 වැඩි කරන බව කියන්න ඕනේ රාත්‍රී 10 ට පමණ නැත්නම් මේවා කලින් ඉඳන් කිවුවහම ෂෙඩ් ඉස්සරහ අනවශ්‍ය පෝලිම් හැදිලා , මාර්ග තදබද ඇතිවෙලා විශාල ආර්ථික පාඩුවක් රටට්ට ඇතිවෙනවා , රජිතලගේ කටවල් නිසා වෙන්නේ විශාල විනාශයක්
මහින්දගේ කාලෙට වඩා තාම ඉන්ධන මිළ පහළ කියලා මිනිස්සුන්ට අමතක වෙලා...
මේ කාලකන්නි දේශපාලකයන්ගේ සුඛවිහරණය සඳහා මේ දුප්පත් ජනතාව බිල්ලට ගන්න එක කොතරම් නරකද? මෙයින් පෙන්වන්නේ රටක පාලනය කරන අයගේ නොහැකියාව නේද? කටවල් හොලව හොලවා ඉන්න පමණයි දන්නේ...