ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීම වෙනුවෙන් අද (16) සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් රට පුරා විවිධ ප්‍රදේශවල පිණ්ඩපාත චාරිකා සංවිධානය කෙරිණි.




(ඡායාරූප - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගතිලක)

(ඡායාරූපය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)



(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)



(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)




(ඡායාරූප - ආණමඩුව හිරාන් ප්‍රියංකර)


(ඡායාරූප - හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)


(ඡායාරූප - සරත් වීරවංශ)



(ඡායාරූප - බිබිල කේෂර ගුණතිලක)



(ඡායාරූප - ජයන්ත නානායක්කාර)



(ඡායාරූප - රාස්සගල සම්පත් ප්‍රියනන්දන)



(ඡායාරූප - පොලොන්නරුව කරුණාරත්න ගමගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ත්‍රිපිටකය ලෝක උරුමයක් වීම... මොකද්ද පිණ්ඩපාතයක් එක්ක තියන සම්බන්ධකම?
ඒකටත් පොලිසිය දමාගෙනයි තියෙන්නේ...
මෙලෙස පිණ්ඩපාතයෙහි වැඩීමෙන් ඇති වැඩක් නැත. "රට හදනවා නම් හිට්ලර් හරි කමක් නැහැ" කියන තරමේ මට්ටමකට පත්ව ඉන්නා අපේ රටේ භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් මිදී ඊට වඩා ප්‍රඥාවන්ත අන්දමකට ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල යුතුය. වශී ගුරුකම්, හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර යොදාගෙන මහජනතාව නොමඟ යවා මුදල් සුරා කෑම නැවැත්විය යුතුය. භික්ෂූන් වහන්සේ රස්සාවල් බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය හැදෑරීමද ප්‍රශ්නයකි. ත්‍රිපිටකය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ අතර ඇත්තේ පරස්පර අදහස්ය. විශාල පිලිගැනීමක් ඇති සමහර භික්ෂූන් වහන්සේලා " අභිධර්ම පිටකය" බුද්ධ දේශනාව නොවේ යැයි වදාරති. සමහරු තමන්ගේ රූපය බුදුගෙය තුළ 18රියනක් උසට අඹා මිනිසුන් ලවා වන්දනාමාන කර ගනිති. උපන්දින සම්භාෂණ වර්ගයේ පින්කම් සිදුකරන භික්ෂුන් වහන්සේලාද ඇත. සමහරු බුදුබණ කියමින් අලුත් වර්ගයේ ධර්ම දේශනා පවත්වති. බුදුන් වහන්සේ කිසිදාක පන්සිල් නොදුන් බව කියති. පිවිතුරු බුදුදහම ආරක්ෂා කිරීමට නම් අප්‍රමාදීව භික්ෂූන් වහන්සේ අතර ඇති අප්‍රමාණ ප්‍රභේද, විප්‍රකාර පිළිබඳව නුවණැතිව සාකච්ඡා කර ඒවා නැති කිරීමට කටයුතු කළයුතුය. අද කලයුත්තේ සංගායනාවකි.
සාදු! සාදු!! සාදු!!! හරිම උතුම් වැඩක්.
වැඩේ නම් ගොඩක් හොඳයි. නමුත් ලෝකෙට පේන්න පන්සල් කඩනවා, හාමුදුරුවෝ හිරේ දානවා දැන් ඒවා පාලකයින්ට ගානක් නැහැ. මිනිසුන්ට ඒවා සුළුදේවල්... බොරුසෝබනේ විතරයි මිනිස්සුන්ටත් ඕනේ...
"බුද්ධ ධර්මය" ලෝක උරුමයක් බවට පත් වුයේ.. බුදුරජාණන් වහන්සේගේ බුදුවීමත් සමගයි... ඒ නිසා තමයි එදා ඉඳලා, ලෝකයේ හැම රටකින්ම හැම ජාතියකින්ම මනුස්සයෝ බෞද්ධ රටවල් වලට පැමිණිලා බුද්ධාගම වැලඳගත්තේ...
අතකින් ත්‍රිපිටකය - අතකින් පෝරකය.... යන්නේ රටම දැන් අමුතුම පාරකය....
ඇත්ත, එක අතකින් ත්‍රිපිටකය ලෝක උරුමයක් කරනවා, අනිත් අතින් එල්ලුම් ගහ ගේනවා , අනේද කියන්නේ...
ප්‍රචාරාත්මක වැඩක්. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ලෝක උරුමයක් බව පිණ්ඩපාතේ ගිහිල්ල කියන්න දෙයක් නැ, ලෝකෙම ඒ බව දන්නවා. ලකුණු දාගන්න කාලයත් ධනයත් නාස්ති කරන අනවශ්‍ය මෝඩ වැඩ.
ත්‍රිපිටකය ලෝකයට… පෝරකය අපි හැමට..
ත්‍රිපිටකය ඇතුළු ධර්මස්කන්ධය ආරක්ෂා කිරීමට එකම මග සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. එනම් ලෝකෝත්තර ධර්ම වැඩීමය. සිදුකළ යුත්තේ ත්‍රිපිටකය නීතියෙන් ලෝක උරුමයක් කර වසා දැමීම නොව එහි නියම අරුත් ලෝකයට විවර කර සාසනයේ එදා පරිදි ආර්ය ධ්‍යානලාභීන්, ආර්ය අභිඤ්ඤා ලාභීන් හා මග ඵල ලාභීන් බිහිවීමට ඉඩ හැර නිවන්ම මග විවර කර ගැනීමය. ඒ සඳහා සියළු ආර්යයන් ඉදිරියට පැමිණෙත්වා!, පෙරමුණ ගනිත්වා!