






(ශාන්ත චන්ද්‍රසිරි)
දින දෙකක් පුරා ගිනි ගනිමින් පැවැති පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් තරණගල කඳු වැටියේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා පාලනය කිරීමට අද (14) සවස වනවිට පියවර ගෙන තිබේ.
නකල්ස් ලෝක උරුම වනාන්තර පද්ධතියේ පරිවාර කඳු පන්තියක් ලෙස සැළකෙන තරණගල කන්ද විශේෂ පරිසර පද්ධතියකින් සමන්විත කඳු පන්තියක් ලෙස සැලකේ.
දින දෙකක් පුරා ඇවිලී ගිය ගින්නෙන් මෙම කඳු වැටියේ විශාල බිම් ප්‍රදේශයක් ගිනි ගෙන විනාශයට පත්ව ඇති බවත්, නකල්ස් අපි සංවිධානයේ තරුණ පිරිස් හා එම කඳු පන්තිය අවට පදිංචි තරුණ පිරිස් එකතුව දින දෙක පුරාවටම දැඩි වෙහෙසක් ගෙන ඇවිලි ගිය ගින්න පාලනය කර නිවා දැමීමට පියවර ගත් බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පැවැසීය.
මේ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කරන ලද බවත්, ඔවුන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තම සංවිධානයේ හා ඒ අවට ප්‍රදේශයේ තරුණ පිරිස් ඒකාරාශි කරගෙන ගින්න නිවා දැමීමට කටයුතු කරන ලද බවත්, ඇදිරි නීතිය පනවා තිබියදී තරුණ කණ්ඩායටම මෙම කටයුත්ත බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා පන්විල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති සම්පත් වීරසේකර හා පන්විල පරිසර කමිටුවේ සභාපති සුදන්ත ලියනගේ යන මහත්වරුන් විශේෂ දායකත්වයක් දැක්වු බවද විදානගේ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය මාස 5 ඇතුලත මේ වගේ රක්ෂිත වනාන්තර සහ කඳුවැටි ගිනි තැබීම් 200 කට වැඩි ප්‍රමාණයක් වෙලා තියෙනවා. කීදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවද? පහුගිය ආණ්ඩුව කාලෙත් එකපාරට රක්ෂිත වනාන්තර ගිනි තියන්න පටන් ගත්තා. හේතුව තමයි එම්සීසී ගිවිසුමට අදාලව ඉඩම් දත්ත ගබඩාවක් හදන්න පටන් ගත්ත එක... රක්ෂිත වනාන්තර ගිනි තැබීම සාමාන්‍ය ජනතාව කරන්නේ නැහැ. හේතුව ඔවුන් පරිසරයට ආදරය කරන නිසා. මේ සියලු වනාන්තර ගිනි තැබීම් වලට දේශපාලකයන්, ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ගේ සහචරයන්, ඔවුන් හා සම්බන්ධ ජාවාරම්කාරයින්, පොලිසිය, වනජීවී, වන සංරක්ෂණ සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයි. මේ ආණ්ඩුව ආවට පස්සේ අසාමාන්‍ය විදිහට රක්ෂිත ගිනි තැබීම වැඩිවෙලා තියෙනවා. මාස 5ට 200කට වැඩියි. හේතුව එකම හේතුව. එම්සීසී ගිවිසුම හා සම්බන්ධ ඉඩම් මැනීම්. ගිනි තියපු වනාන්තර ඉඩම් වලට හොර ඔප්පු හදා ගන්න එක නැත්නම් සංවර්ධනයට කියලා කොමිස් ගන්න. ගිය ආණ්ඩුව කාලේ වනාන්තර ගිනි තියන කොට රට දෙවනත් කරගෙන කැගහපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ, පරිසරවේදියෝ අද නිහඬයි. කතා කරන්න බයයි. ගිය ආණ්ඩුව කාලේ නරකයි. මේ ආණ්ඩුව කාලේ කමක් නැහැ. කතාකරන්න බයයි. දත්ත ගබඩාව හින්දා තොල කට වේලිලා...
ඇත්තටම මේ දිනවල ඔය පැත්තට වහිනවා හවස් කාලයේ.. එ්ත් මෙහෙම වෙන්නේ ගිනි තියපු නිසා... අනික මේ පයිනස් වගා යට කිසිම දෙයක් නැහැ.. ඒ ගස් වල නොදිරන කොළ තට්ටුව ඇරුණුකොට. ඒවා නිකම්ම ගිනි ගන්නවා වැස්ස කාලෙත්. ලංකාවට කිසිම ගැලපීමක් නැති හිම පතනයන්ට ඔරොත්තු දීමට හැඩගැසුණු මේ පයිනස් වගාව මුලින් උපුටා දමා ලංකාවේ පරිසර පද්ධතියට උචිට ඉක්මනින් වැඩෙන ශාක සිටුවීම පමණි එකම විසඳුම.
මෙම ගස් ලංකාවට ආවේනික නොවේ. මෙම කුලයේ ගස් ඉවත් කර මී , කොස් , කුඹුක් ආදී ගස් වවමු
පෛනස් ගස් යට කිසි දෙයක් පලවෙන්න නැ... රටට අනවශ්‍ය ගස් වර්ගයක්... මහන්සි වූ සැමට ස්තුතිය...
ලංකාවේ ඉබේ ලැව්ගිනි ඇති වෙන්නේ නැහැ. සමහරු ඉන්නවා ඔය වගේ දේවල් වලින් ආතල් ගන්න... නියඟයට වේලුනු ගස් වේගෙන් පත්තු වෙලා යනකොට ඒ අයට හෙන ආතල්. ගල් ගහන්නේ,තාප්ප වල කුරුටු බලි අඳින්නේ, විකෘති කරන්නේ, වීදි ලාම්පු බිඳින්නේ, වාහන වල ඉරි අඳින්නේ ඔය විදිහේ අය. ඒ අයට සමාජ වගකීමක් ගැන කිසිම හැගීමක් නැහැ. ඒ අය ළමා කාලය අසීරු වුනහම ආදරයක් ලැබෙන්නේ නැති වුනහම කෝපය පිටකරගන්නේ මේ වගේ වැඩ වලින්. ඒ වගේ අය තමයි කොහෙවත් යන කාලකන්නි දේශපාලකයෝ පස්සේ ගිහින් අප්පා අප්පච්චී බප්පොච්චී අපේ ලොක්කා, සෑර් අපේ අප්පෝ බේබි හාමු, හාමු ගගා ඉන්නෙත්....