
(ශාන්ත රත්නායක, තිලකරත්න දිසානායක සහ විමුක්ති එස්.රුද්‍රිගු)
කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා කොරෝනා එන්නත්කරණය අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි.
කොළඹ, විහාර මහදේවි උද්‍යානයේදී, දියත උයනේදී සහ සුගත ක්‍රීඩාංගනයේ දී ද එම දිස්ත්‍රික්කවල තොරාගත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සහ රෝහල්වලදී මෙම එන්නත් කරණ කටයුතු ඉතා සාර්තකව සිදු කරන බව වාර්තා වෙයි.
යුද හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව මෙම එන්නත් කරණය සිදුකරයි.
ඇතැම් ස්ථානවල දිගු පොලිස් දක්නට ඇති අතර කොළඹ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල කිසිදු සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් පොලිම්වල දක්නට ලැබිණි.
කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,පනාගොඩ යුද හමුදා කඳවුර ,වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.









රාගම රෝහලේ එන්නත්කරණ කටයුතු සාර්තක සිදු කළ අයුර (විමුක්ති එස් රුද්‍රිගු)




ගම්පහ පහළගම පිරිවෙන් විහාරයේදී එන්නත්කරණය සිදු වූ අයුරු (තිලකරත්න දිසානායක)




කැලණිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එන්නත් කරන කටයුත කරන අයුරු (ලාල්.එස්.කුමාර)


බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ එන්නත්කටයුතු කළ අයුරු (බිමල් ශ්‍යාමල් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාස්ලණුව නැතිව හරි එන්නත් කිරීම සිද්ද වෙනවා. හොඳයි ලස්සන පින්තූර...!
වෙනත් බොහෝ රටවල් වගේ නොවෙයි... අපේ මිනිසුන් බොරුබිය මවාගෙන නෑ. දැනට තියෙන එකම විකල්පය සඳහා ඉදිරිපත් වීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්...
රුක්මලේ ප්‍රජා ශාලාවේ එන්නත් කරණය සිදු කරනවා.පෝලිමක් නෑ .හරිම පහසුයි .නැවත හෙට දින (07.09.2021) පව 2.30 වන තුරු සිදු කරනවා .අවට කට්ටිය යන්න
‘‘ස්මාර්ට් ෆෝන් හා ඩේටා කාඩ් නොමිලේ‘‘ ඔන්න දැන් තමයි අර හැංගිලා ඉන්න දෙතුන් දෙනාත් හුඹස්වලින් එළියට බඩගාන්නේ...!!!
සැබෑ ප්‍රේමයක් එන්නත්කරණ පෝලිම් වලදී වුවද හමුවිය හැකි නිසා තරුණ-තරුණියන් උනන්දු වෙනවානම් වඩාත් හොඳයි.!