
(නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)
කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ යන ප්‍රවීන ගීත රචකයන් අගයමින් ඔවුන්ගේ නොමියෙන ගීත රැගත් ,නින්නාද 2018 තුන්පත් රටා ස්වර දැහැන, සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත උපහාර පිදීමේ උළෙල අද (24) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය විශ්වවිද්‍යාල නිකේතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා වෙත විශේෂ සම්මාන තිළිණ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
සවන රැඳි ගීත රසික සංසඳය විසින් මෙය සංවිධානය කර තිබුණි.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල යන මහත්ම මහත්මින් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය නම් ආදාහන පුන්‍යයෝත්සව බෝධි පුජා, ධර්ම දේශනා වගේ දේවලට සහභාගී වෙන අවස්ථා වලදී පවා දේශපාලනය කතා කරනවා. ඒඋනාට මෙතුමාට ඒ ලෙඩේ තවම වැළඳිලා නැතුවා වගෙයි.
සදා නොමියෙන ලංකාවේ කිසිම ගායකයෙකුට නොමැති වරක් ගැයූ ගීතය දෙවෙනිවර ගැයිමේදී පළමු ගීතයට වෙනස් නමුත් අනන්‍යතාව රැකි අපේ ගායක සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට දීර්ඝායු ලැබේවා.
අපගේ හදවත් තුළ හා ලේ නහර තුළ වැඩ සිටිනා ඒ දයාබර ළයාදර හඩට, ප්‍රතිභාවට කෙතරම් උපහාර දැක්වුවද සිතට සෑහීමක් ඇති නොවේ.මේ සදහා අනේක විධ අයුරින් කැපවූ සියලු දෙනාට රට ජාතියේ ප්‍රසංසාව හිමිවෙනවා. සනත් නන්දසිරි ශ්‍රීමතාණන්ගේ දිවියේ යෝධ සෙවනැල්ල වන මල්කාන්ති අක්කා ගැනද සටහනක් තැබීමද අගනේය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාට්‍ය ශීල්පී එකමුතුවේදී,මල්කාන්ති අක්කාගේ නිහතමානී සෙනෙහස කරුණාව ලැබීමට තරම් මා වාසනාවන්ත විය.ශ්‍රී ලංකාවට ලෝක ජනමාධ්‍ය අංශයෙන් ලෝක කුසලාන තුනක් ගෙන ඒමේදී එම කරුණාවද උපකාර වූ බව මල්කාන්ති අක්කා දන්නේ නැත.ඒ පිළිබදව මසිතෙහි ඇත්තේ අපමණ සතුටකි.මෙම උත්තරීතර අවසථාව දේශපාලනයෙන් තොර වුයේ නම් කෙතරම් අගනේද ?
කරුණාරත්න අබේසේකර සහ ධර්මවර්ධන මහත්වරුන් සිදුකල මෙහෙයද ඇති විශිෂ්ඨයි. ඒ ගැන රටේත්, අපේත් ප්‍රණාමය. ධර්මසිරි ගමගේ මහතා මා නිතර දුටු කෙනෙකු වුයේ එතුමා එවකට ලේක්හවුසියේ ජනතා, යොවුන් ජනතා කතෘමණ්ඩලයේ සේවය කල බැවිනි. කඩියන් මෙන් ඒ මේ අත දුවමින් වැඩ කරනා අප වෙත බලමින් හදපිරි සිනහවකින් පසුවන එතුමා සමග ඉඩ ලද ලද අවසථාවන් වලදී අපි කතා කළෙමු. එතුමා අපහට දුන් ගුරුහරුකම් බොහෝය. මා හට දරුවෙකුට මෙන් ආදරය දැක්වූ නිව්ටන් පින්තූ, සුගතදාස සහ හැරී උභයසේන යන මහත්වරුන්ගේ බලවත් ඉල්ලීම මත 'යොවුන් ජනතා' සතිපතා පත්‍රය සදහා කෙටිකතාවක් රචනා කලෙමි. එය 'හමුවීම' යනුවෙන් පිටුවක් පුරා පලවිය. කලක් ගොස් එයට ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් විශ්ව සාහිත්‍ය නිර්මාණයක් සේ සලකා පදනම් ආයතනයේදී හරසර දක්වනු ලැබීය. නිර්මාණකරුවෝ හතළිහක් මෙසේ හරසර ලැබුහ. රටෙහි සිටින ශ්‍රේෂ්ඨතම කලාකරුවන් උගතුන් අපහට සුබ පතූහ. සමහර දෙනා අප සිප ගත්තෝය. එදා ධර්මසිරි ගමගේ ගුරු පියාගේ දෑස සතුටු කඳුලින් පිරී මා දෙඅත අල්ලා ගෙන බොහෝ වෙලා මා අගය කළේය. එතුමාගේ ආදරය ලැබීමට මා පින්කොට තිබුණේය. යහගුණ පිරි ඒ ශ්‍රේෂ්ඨ මිනිසා මම නමදිමි.
කොහොමත් සිරිසේන මේ වගේ වැඩක් කරගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක හොඳයි - නොදන්නා රාජ්‍ය පාලන කරන්න ගිහින් ලංකාවට කෙල්වනවට වඩා!
අනේ පුටු ගොඩක් හිස් නේද? ජනාදිපති එනවා කිවුවම සනත් නන්දසිරි මහත්මයාගේ සින්දු අහන්න එන රසිකයොත් ඇවිත් නැද්ද මන්ද!
හොඳ දේට හොඳයි කියන්න බැරි මිනිසුන් අපේ රටේ ඉන්නේ.