(මනුල වික්‍රම)
විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත මඟින් තන්තිරිමලේ පුද බිමේ සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව මෙවරද 17 වැනි වරට ඊයේ (05) රාත්‍රීයේ පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා , අනුරාධපුර අතිරේක දිසාපති රුවන් නවරත්න මහතා , විලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජිරිකා සී චන්ද්‍රදාස මහත්මිය ඇතුළු පිරිස තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර උපප්‍රධාන සංඝනායක නාහිමි ඇතුළු මහ සඟරුවනේ සෙත්පිරිත් සජ්ඣායනා මැද විදුලි ආලෝකය දැල්වූහ.
ආලෝක පූජාවට සමාමීව රටට සෙත්පතා ආශිර්වාද පිරිත් දේශනාවක් ඇතුළු ආගමික වතාවන් රැසක් ද එම පුදබිමේ දී පැත්විණි. එහි අවස්ථා කිහිපයක් පහත පරිදි දැක්වේ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2,5,7 යන විශිෂ්ඨ ගණයේ සේයාරූ තුන මගේ නෙත් සිත් පැහැර ගත්තායයි කීවොත්, එය නිවැරදියි. පස්වැනි සේයාරුව දෙස බැලීමේදී, ඝන අන්ධකාරයෙන් පිරුණු ඝෝර සසර මැද ශ්වේත වර්ණයෙන් දිදුලන ධර්මා ලෝක ප්‍රදීපය යැයි සිතේ. අන්ධකාරයේ දිදුලන වර්ණවත් විදුලි බුබුළු නිර්මල දහම් රසයෙන් සිත් පුරවාගත් සැදැහැතියන් සේ යයි මට හැඟේ.. විජිත් සහ පූජා මෙහි අප හදවත් සනසන යමක් ලියාවි යයි සිතනවා.
ලංකාවාසී සියලු දෙනාටත් , ලෝකවාසී සැමටත් සාමයෙන් පිරුණු ,අසිරිමත් සුබ පොසොන් මංගල්‍යයක් වේවා !!!
බුදුනේ.. බුදු පියාණෙනි, මට කමා කළ මැන.. යමක් ඉල්ලා නොආවෙමි - යමක් පවසා යන්න පැමිණියෙමි. මේ පින් බිමේ සරණා දනන්සේ නොව - නිවන් දකින්නට තවම සිත් නැත මාහට .. නිවන් දකින්න පෙර කළයුතු බොහෝ දේ ඇත. දුගී දනන්හට සවියක් වන්නට - ඇලට දොලට වූ හානි මකන්නට, වනයේ සරනා අනේකවත් වන සතුන්හට සරණක් වන්නට - ඔවුන්ට සවියක් වන්නට..., ගහට, කොළට යලි ජීවය දෙන්නට හැකිවූ දවසක.. මගේ බලාපොරොත්තු නිමවේවි... තවත් යමක් ගැන ඇලීගැලී සිටින්නට යමක් නැතිවේවි. මගේ " කෙලෙස් " නිමවේවි.. ඉන්පසු.. සතුටින් මගේ අවසන් හුස්ම පොද මේ වාතලයට මුසුකරන්නට හැකිවුනොත්... ඒ ඇති හිමියනි. එයයි මම පතනා නිවන. හිමියනි, මගේ ඒ නිමල පැතුම ඔබ පාමුල පූජා වේවා...!!!
මෙම ආලෝකය සදහටම පැවතී රටට යහපතක්ම වේවා.! ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා.!