







ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් කඩොලාන පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් වයඹ වෙරළ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.
මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ ‘තෙත්බිම් සහ දේශගුණික වෙනස්වීම්’ යන්නයි.
තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සමරනු ලබන අතර 1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ගෙන තිබේ.
වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ, විශ්වවිද්‍යාල සිසුවෝ, ධීවරයෝ සහ පාසල් සිසුහු විශාල පිරිසක් සහභාගි වූහ.
තවද, එම වැඩසටහනට සමගාමිව වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, ශ්‍රී ලංකා නවික නෞකා භරණ, විජය, ථෙරපුත්ත සහ තම්බපන්ණි යන ආයතනවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පුර්ණ අධික්ෂණය මත නාවික හමුදා කඩොලාන ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද , වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති.
එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීමයි.
(36698)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙත් බිම් දිනයට නාවික හමුදාවෙන් කඩොලාන පැළ 1000ක්
Raveendra Sunday, 03 February 2019 01:23 PM
ඇත්තෙන්ම අප සියල්ලන්ම අගය කළයුතු සත් ක්‍රියාවක්... පරිසරය රැකීමට උදව්වන සියල්ලන්ටම පිං...
samiraSunday, 03 February 2019 04:25 PM
ඔයාට පිස්සු. හෙට අනිද්දා කවුරු හරි ඇමතියෙක් ඔතන ගොඩ කරලා ගෙයක් හදාවි. එකයි ලංකාව කියන්නේ...
Chandika Sunday, 03 February 2019 04:51 PM
වර්තමාන නාවික හමුදාපති හොඳ පරිසරවේදියෙක්...