







(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල උතුරු තොඩුවාව වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා මීට මාසයකට පෙර දැමු ගල් වැටි මේ දිනවල මුහුද රළුවීම හේතුවෙන් මුහුදට ගසාගෙන ගොස් නැවත වෙරළ ඛාදනය උග්‍රවි වී තිබේ.
හලාවත සිට වෙන්නප්පුව දක්වා පිහිටි මුහුදු බඩ මාර්ගය ආසන්නයට මෙම ඛාදනය ළඟා වී ඇත.
මෙම සීමාවල පැවති දරුණු මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළ ආරක්ෂා කිරීමේ අරමුණින් දැමු ගල් වැටි මෙලෙසින් මුහුදට ගසාගෙන යමින් තිබේ. මේ දිනවල පවතින තත්වය හමුවේ දරුණු ලෙස මුහුදු රළ වෙරළ තීරයට හානි කරමින් නිවාස හා පොල් ගස් රැසක් මුහුදට ගසාගෙන ගොස් ඇති බව පෙනෙන්ට ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.
“මේ දිනවල අපි නොසිතපු විදිහට මුහුද රළු වීම නිසා තමයි මේ තත්වය ඇති වුණේ. පසුගිය වාරකන් සමයේ අපි මේ ගල් වැටි කොටසක් දමා අවසන් කළා. ඉතිරි ඒවා අවසන් කරන්න පෙර කොවිඩ් 19 හරස් වුණා.මේ වන විට අපි දැමු ගල් වැටි කිපයකට හානි සිදුව තිබෙනවා. පවතින තත්වයත් සමග ලොකු උත්සහයක් ගන්නවා වෙරළ ආරක්ෂා කර ගන්න"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩබිම මුහුදට බිලිවෙනවා එක පැත්තකින්, අනෙක් පැත්තෙන් රට චීනයට බිලිවෙනවා, මහජනයා කොරොනාවලට බිලි වෙනවා, පාලකයො ජනතාව බිල්ලට ගන්නවා.
මුහුදු පතුල හාරලා වැලි විකුණාගෙන කාපු අය තමයි මෙව්වට වගකියන්න ඕනේ..
ලංකාවේ සිතියම පවා වෙනස්වල අන්දමට මහාපරිමාණයෙන් මුහුද ගොඩකරන විට ... තවත් පැත්තකින් මුහුද ගොඩ ඒම වැළැක්විය නොහැක. වරාය නගරයේ තව එක අනිසි ප්‍රතිඵලයකි මේ...
මේ පරිසර විනාශයට පසුබිම හදපු අය යහතින් සිටිද්දී අසරණ මිනිසුන් කරදරේ වැටෙනවා...